නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 12දා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි Featured

    අප්‍රේල් 09, 2015
    අපවත් වී වදාළ අස්ගිරිය පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන 12දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබේ.
     
    ඒ අනුව එදිනට සියලූම නිවාස ඉදිරිපිට කහ කොඩියක් ඔසවා තබන ලෙසටත්, රජයේ හා සියලු ම පුද්ගලික ආයතනවල ජාතික ධජය අඩකුඹු කොට තබන ලෙස ද අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලයි.
     
    උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන්ගේ ශ්‍රී දේහය 12දා දක්වා අස්ගිරි මහා විහාරස්ථ මහා උපාලි අනුස්මරණ විශ්‍රාම ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.
     
    ඊයේ (08) රැස්වුණු අවමංගල්‍ය කමිටුව විසින් සාකච්ඡා කොට ගනු ලැබූ තීරණයකට අනුව මෙම ශෝක දිනය ප්‍රකාශයට පත් කර තිබේ. උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියෝ ඊයේ (08)දා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya