අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර මෙම ප්‍රතිපාදන ලබාදීම තුළින් දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් දැරීමට සිදු වන බර අඩු වන බව ද පෙන්වා දුන්නේය.
ජාතික පාසල්වල සිසුන් 3,000කට වැඩි පාසල් සඳහා රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදීම සිදු වන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 2,999 සිට 400 දක්වා පාසල්වලට එක් ශිෂ්‍යයෙකුට රුපියල් 500 බැගින් වන පිරිවැයක් අනුව ලබාදෙන බවත් සිසුන් 399ට අඩු පාසල් සඳහා රුපියල් ලක්ෂය බැගින් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙසේ පාසල්වලට ලබා දෙන ප්‍රතිපාදන ශිෂ්‍ය ඉගෙනුම් සාධන මට්ටම් හා ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට අදාළ විශේෂ ව්‍යාපෘති/වැඩසටහන්/ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම, ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් හා පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා යෙදවිය හැකිය.
එසේම විෂයානුබද්ධ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම් තුළ ක්‍රීඩා කටයුතු, ශීෂ්‍ය සම්මාන ප්‍රදානය උත්සව, පාසල් සුළු නඩත්තු කටයුතු යනාදිය සඳහා මෙම ප්‍රතිපාදන ඔස්සේ සිදු කළ හැකි වේ.
පාසල් ගොඩනැගිලි හා උපකරණ නඩත්තු හා සුළු අලුත්වැඩියා කටයුතු මෙම ප්‍රතිපාදන ප්‍රදානයෙන් 40%ක උපරීමයකට යටත් විය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පළාත් පාසල් සඳහා තිබෙන අනවශ්‍ය වියදම් ඉවත් කර පාසලේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් පමණක් යොදවන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා පාසල වටා විශාල තාප්ප සෑදීම යනාදී අනවශ්‍ය වියදම් වළක්වා ගැනීම තුළින් පාසලේ ගුණාත්මක සංවර්ධනයට පළාත් සභා ඔස්සේ පළාත් පාසල් සඳහා ලැබෙන මුදල් යෙදවිය හැකි බව ද පෙන්වා දුන්නේය.
ලබන අයවැය තුළින් අධ්‍යාපන සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන අතර එවැනි මීට වඩා මුදලක් පාසල්වලට ලබා දීමට හැකි වන බවත් පාසල්වල සමාන්තර පන්ති වැඩි නොකර බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පාසල් පාදකව ලබා දෙන මෙම මුදල් න්‍යාමනය සඳහා විනි විද භාවයෙන් යුතු වාර්තාවක් සකස් කිරීමට එම පාසල්වෙත උපදෙස් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලී මාරසිංහ මහතා පැවසීය.
kpm