සිංහල - දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) සහ හෙට (14) දෙ දින සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධිකාරි ප්රභාත් ජයවික්රම මහතා පැවසීය. ඒ අනුව මෙම දැනුම්දීම දිවයිනේ සියලු ම මත්පැන් අලෙවිසැල් වෙත දැනුම් දීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. මේ අනුව කටයුතු නොකරනු ලබන සුරාසැල් වෙනුවෙන් නීතිය ක්රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත. DB