නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ලිපි හුවමාරුව නව මුහුණුවරකින්

    මාර්තු 24, 2015
    ශ්‍රී ලංකා යුද හමුදාව තවත් පියවරක් ඉදිරියට තබමින් ඉදිරියට ලිපි ලේඛන හුවමාරුව හා කාර්යාල ලිපි අන්තර්ජාලය හා යුද හමුදා දත්තජාලය මාර්ගයෙන් හුවමාරු කර ගැනීමේ විද්‍යුත් පරිගණක වැඩසටහනක් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
     
    මෙම නව ක්‍රමය අප්‍රියෙල් 01දා සිට ආරම්භ කරනු ලබන අතර ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරන අවධියේ දී කඩදාසි සඳහා යන අධික වියදම අඩු කිරීම හා බහු ප්‍රතිලාභ අත්කර ගැනීමේ අරමුණින් යුතුව මෙම නව ව්‍යාපෘතිය සැලසුම් කරන ලදී.
     
    මෙම නව ක්‍රමය ආරම්භ කිරීමෙන් අනතුරුව එමගින් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමේ අරමුණින් යුතුව ඒ සඳහා යොදවනු ලබන පිරිස සඳහා පුහුණුවීමේ වැඩසටහන් ද පරිපාලන මට්ටමින් පසුගිය වසරේ සිටම ආරම්භ කරන ලදී. 
     
    එසේම මෙම නව විද්‍යුත් ක්‍රමය මගින් ඕනෑම ලිපියක් එක ස්ථානයක සිට එකවර විවිධ ස්ථාන කරා යැවීමේ පහසුකම් ද ඇත.
     
    ඒ අනුව ලිපි හුවමාරුවේ දී ලිපි ද්‍රව්‍ය සඳහා වැයවන මුදල් අවම කර ගැනීම, ආයතන අතර ලිපි හුවමාරුවට ගතවන කාලය අවම කර ගැනීම, සන්නිවේදන සේවාවන් සඳහා වැය වන මුදල් අවම කර ගැනීම, යම් ආයතනයකට ලිපියක් යැවූ පසු ඒ සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ගය පිරික්සීමට ඇති හැකියාව, ලිපි ගනුදෙනු කිරීමේදී රහස්‍ය බව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන් ම කාර්යක්ෂමතාවය වැඩිකිරීම හා තීරණ ගැනීමේ කාලය අවම කර ගැනීම ආදිය මෙම ව්‍යාපෘතියේ මූලික අභිප්‍රායන් වන බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya