එම කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට සිදු කළ සංචාරයකින් අනතුරුව විශේෂ වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එම කණ්ඩායම මෙරට රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරන් මෙන් ම සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් මෙන් ම ජනතාව සමග ද අදහස් හුවමාරු කර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස් එරික් පී ශොවාට්ස් මහතා පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ආගමික නිදහස ආරක්ෂා වී ඇති බවත් මානව හිමිකම් කඩවීම්වල අඩුවක් සහ ජාතීන් අතර සහජීවනයේ වර්ධනයක් දක්නට ඇති බවත් ය.
වසර තිහක් පුරා පැවැති යුද්ධයකින් පසුව රටේ සුළුතරය අදහන ආගම් සහ ඔවුන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුව තිබෙන නමුත් පසුගිය මාසයේ දී ශී‍්‍ර ලංකා නව රජය බලයට පත්වීමත් සමග මෙම ගැටලුකාරී තත්ත්වයන් ක‍්‍රමානුකුලව පහව යමින් පවතී. ජාතියක් ලෙස සමගිය, විවිධ ආගමික කොට්ඨාසයන් හි ආගමික නිදහසත් ආරක්ෂා කරදීමට අවශ්‍ය ඇතැම් පියවර නව රජය මේ වන විට අනුගමනය කරමින් සිටී.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසම නිකුත් කර ඇති වාර්තාවට අනුව ආගමික සහ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් පොදුවේ ශී‍්‍ර ලංකා රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග සහ සිදු කිරීමට යන වැඩසටහන් සම්බන්ධයෙන් ප‍්‍රශංසාව පළ කර ඇත. එසේම නව රජය පිළිබඳ පැහැදීමකින් පසුවේ.
මෙරට සංචාරයේ දී ලැබුණු තොරතුරු අනුව සුළුතර ජනතාව සඳහා සිදු වු හිරිහැර සහ පහරදීම් සම්බන්ධයෙන් ද ආදළ වාර්තාවේ දක්නට ලැබේ. නමුත් නව රජය බලයට පත්ව මාස කිහිපයක් ගතව ඇති අතර එවැනි සිද්ධින් වාර්තා වී නොමැති අතර පසුගිය කාල වකවානුවේ සිදු වු සිද්ධීන් සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් ප‍්‍රණාමය පුද කර ඇත.
තවත් ගැටලු විසඳා ගැනීමට ශී‍්‍ර ලංකාවට ඉතිරි ව පවතී. නව රජය ඒ පිළිබඳව ද අවධානය යොමු කර ඒවා සඳහා ද නිසි පියවර ගනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආගමික නිදහස පිළිබඳ කොමිසම විශ්වාසය පළ කර සිටියි. එම ගැටළු විසදීමේ කි‍්‍රයාදාමයේ දී ශී‍්‍ර ලංකාවට යම් සහායක් අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසම බලාපොරොත්තුවෙන් පසුවන බව ද සඳහන් කොට ඇත.
Priu