1882 මාර්තු 24 දින වෛද්‍ය රොබට් කොච් විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis බව ප්‍රකාශ කිරීම සමරනු පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.
මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව වනුයේ ''හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් අප අතර හඳුනාගනිමු, ප්‍රතිකාර කරමු, සැමට සුවය සදමු'' යන්නයි.
වාතාශ්‍රයේ පවතින ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සහිත සෙම බිඳිති මඟින් බෝවන රෝගයක් ලෙස ක්ෂය රෝගය පැතිර යනු ඇත.
ලෝක ජනගහනයෙන් 1/3ක් පමණ ක්ෂය රෝග බැක්ටීරියාව ආසාදිතයන් වේ. ලෝක ජනගහනයෙන් මිලියන 9ක් ක්ෂය රෝගය වැළදී ප්‍රතිකාර ආරම්භ කර තිබේ. මින් මිලියන 1.5ක් ක්ෂය රෝගයෙන් මියගොස් තිබේ.
2013දී ශ්‍රී ලංකාවේ රෝගීන් 9,500කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කර ඇත. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් 14,000ක් සිටිය යුතු බව වාර්තා කර ඇතැයි ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
ක්ෂය රෝගය වැළදීම වලක්වා ගත හැකි අතර ක්ෂය රෝගය යනු ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි රෝගයකි.