නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටාර් රාජ්‍ය නායකයාගේ පැමිණීම නිසා අද විශේෂ රථවාහන සැලැස්මක් Featured

    මාර්තු 24, 2015
    කටාර් රාජ්‍ය නායක ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි (Shaikh Tamim Bin Hamad Al Thani) එමීර්වරයාගේ ශ්‍රී ලංකා ගමනය හේතුවෙන් විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව පස්වරු 1.30 සිට පස්වරු 2.30දක්වා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹට ඇතුළුවන මාර්ගයේ අධිවේගී පෙදෙස, බේස්ලයින් පාර, ඩී.එස්. විදුලි සංඥා, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, කොල්ලුපිටිය ලිබර්ඩ් වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, කොල්ලුපිටිය ගාලු පාර, ගාලු මුවදොර වටරවුම ඔසේ එන්.එස්.ඒ. වටරවුම දක්වා වූ කොටස වසා තැබේ.
     
    පස්වරු 3.45සිට 4.45දක්වා එන්.එස්.ඒ. වටරවුමේ සිට ගාලු මුවදොර වට රවුම ඔස්සේ කොල්ලුපිටිය, ශාන්ත මයිකල් වටරවුම, කොල්ලුපිටිය ලිබර්ඩ් වටරවුම, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, හෝර්ටන් පෙදෙස, ඩී.එස්. විදුලි සංඥා,  බොරැල්ල හරහා ඔරුගොඩවත්ත, බේස්ලයින් පාර, අධිවේගී මාර්ගයේ කොළඹින් පිටවන කොටසේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා වූ කොටස වසා තැබේ.
     
    ඉහත වේලාවන් මාර්ගයේ අධික රථවාහන තදබදයක් පවතින වේලාවන් බැවින් හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya