මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා පාකිස්තානු ආරක්ෂක උපදේශකවරයා අතර දෙරටටම වැදගත්වූ ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණ.
සාකච්ඡාව අවසානයේදී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා පාකිස්තානු ආරක්ෂක උපදේශකවරයා අතර සිහිවටන තිළිණ හුවමාරු කර ගැනීමද සිදුවිය.