මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති අද දිවයිනට

    මාර්තු 13, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයක් අනුව දෙ දින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (13) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.
     
    මෙම සංචාරය අතරතුර දී අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවන් ද පැවැත්වීමට නියමිතය.
     
    එදින ම පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන ප්‍රථම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන්නේ ද මෝදි මහතාය.
     
    මෙම සංචාරය අතරවාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා  අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ යාපනය ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.
     
    වසර 25කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රථම නිල සංචාරය වූයේ ද ඉන්දියාවයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya