නාවික හමුදා බෝට්ටු නිෂ්පාදන අංගනයේ නිෂ්පාදිත කැනෝ හා කායක් බෝට්ටු 60ක් ක්‍රීඩා සමාජ ‍වෙත පිරිනැමේ

නාවික හමුදා බෝට්ටු නිෂ්පාදන අංගනයේ නිෂ්පාදිත කැනෝ හා කායක් බෝට්ටු 60ක් ක්‍රීඩා සමාජ ‍වෙත පිරිනැමේ
  • SocialShare:

වැලිසර, නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේ (NBBY) නිෂ්පාදනය කරන ලද කැනෝ හා කායක් බෝට්ටු හැටක් (60) දිවයිනේ ප්‍රකට ක්‍රීඩා සමාජ වෙත ලබා දීම, පසුගියදා(19) වැලිසර නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේදී සිදු කෙරිණි.

 

ජාත්‍යන්තර කැනෝයින් හා කායකින් සම්මේලනයේ (International Canoe Federation - IFC)  අනුග්‍රහය මත ශ්‍රී ලංකා  ජාතික කායකින් හා කැනෝයින් සංගමයේ (National Association for Canoeing and Kayaking in Sri Lanka – NACKSL) අනුග්‍රහය මේ සඳහා ලබා දී තිබුණි.

ඒ අනුව, නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේදී, නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්  ඉහල ගුණාත්මක භාවයකින් යුතුව නිපදවන ලද කැනෝ බෝට්ටු තිහක් (30) සහ කායක් බෝට්ටු තිහක් (30) දිවයිනේ ප්‍රකට ජල ක්‍රීඩා සමාජ වන; ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව Bolgoda Lake rowing club, Lanka Adventure, Adventure SEAL, North wing project in Jaffna, Diyawanna Water sports club යන ක්‍රිඩා සමාජ වෙතත්, කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය සහ දිවයිනේ විවිධ පලාත් නියෝජනය වන පරිදි පාසල් ක්‍රීඩා සමාජ වෙත ලබා දීම මෙලෙස සිදු කෙරිණි.   

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.