අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජනපති ඉන්දීය ජනපති, අගමැති හමුව අද

    පෙබරවාරි 16, 2015

    සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමු වීමට නියමිතය.

    සිව් දින නිල සංචාරය අරඹමින් ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඊයේ(15) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.


    ඉන්දියානු මාධ්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංචාරය වාර්තා කර තිබුණේ, ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවයේ නව ආරම්භයක් ලෙසයි. දෙරටේ නායකයන් අතර අතර ද්විපාර්ශවික සාකච්ඡා පවැත්වීමට ද නියමිතය.


    ඉන්දීය රජය වෙනුවෙන් එරට නාවුක, මහාමාර්ග හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය පී. රාධාක්‍රිෂ්නන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුන් ඇතුළු විශේෂ දූත පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.

    ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ද, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුදර්ශන සෙනෙවිරත්න මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya