ඩැරල් හෆ් (Darrell Huff) විසින් 1954 වසරේ How to Lie With Statistics කෘතිය රචනා කරමින් Crooks already know these tricks. Honest men must learn them in self diseases යැයි කීවේය. වංචනිකයෝ සංඛ්‍යා‘ලේඛන රහසිගත වැඩසඳහා යොදාගත්තද අවංක මිනිසුන් මේවා ඉගෙනගත යුත්තේ ස්වයං ආරක්ෂාවවෙනුවෙනැයි ඩැරල් හෆ් කී කතාව සනාථ කරන්නට පාඨලී චම්පික රණවකගේ ආලාපාළුආර්ථිකයඉදිරිපත් වෙයි. මේ ආලාපාළු ආර්ථිකයවෙනුවෙන් හිටපු තාක්ෂණ හාපර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදට කළ අනාවරණ සටහනයි.
ආලාපාළු ආර්ථිකය ලියැවෙන්නේ?
පවතින ආර්ථික රටාව තුළ වැරදි දෙකක් දැකිය හැක. දිගුකාලීන උපාය මාර්ගයක්අපේ ආර්ථික රටාවේ දක්නට නැත. 77 අනුගමනය කළ සාධක මිල ගණන් අඩු කරගැනීමේහෙවත් ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය, සුලබ ප්‍රාග්ධනය, බටහිර වෙළෙඳ පොළ ඉලක්කකරගත් අපනයන අභිමුඛ ප්‍රාග්ධනයක් ගොඩනගාගැනීම, සංචාරක ව්‍යාපාරය මූලිකකරගත් සේවා යුගයක් පිළිබඳ මතය තුළ තවමත් ශ්‍රී ලංකාව හිඳී. මෙම ආර්ථිකක්‍රමය 1983 න් පසුව ඇදවැටෙද්දී එය ත්‍රස්තවාදය නිසා සිදුවෙතැයි කරුණුදැක්වීම සිදුවිය. නමුත් එය ත්‍රස්තවාදයෙන් එහා ගිය අභ්‍යන්තර හේතුද බලපෑකාරණයක්ම විය.
උපාය මාර්ගයක් ලෙස 1990 සිට, විශේෂයෙන් 2010 සිට ඇරඹි නවක ආර්ථිකවිප්ලවයත් සමග වත්මන් ලෝකයේ පවතින උපායමාර්ගය බවට නවෝත්පාදනය පත්විය. ඒදෙසට යාමට කිසිදු වැඩපිළිවෙළක් හෝ වැඩසටහනක් ශ්‍රී ලංකාව සතුව නැත.
එසේම පවතින ආර්ථිකය තුළ අප කරනු ලබන අපගේ උපක්‍රමික වැඩ, විශේෂයෙන්ම මෙගාව්‍යාපෘති ගැටලුවක්, අභියෝගයක් වී තිබේ. මේවා නඩත්තු කරන්නේ කෙසේද? මේවාසඳහා වියදම් සකසාගන්නේ කෙසේද? ආදායම් උපදවන්නේ කෙසේද ආදී කරුණු නොසිතා මේමෙගා ව්‍යාපෘතිය සමග ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබේ. එය මෙම ආර්ථික තත්ත්වයේ හරයයි.
මෙම මෙගා ව්‍යාපෘතිවල අන්තර්ගත අවුල් සහගත කරුණු 05 ක් පෙන්විය හැකිය. ඉන්පළමු කරුණ ජාතික ආර්ථිකයේ ප්‍රමුඛතා හඳුනාගැනීමක් නොමැතිව මෙම මෙගාව්‍යාපෘති වර්තමානයේ ක්‍රියාත්මක වීමයි. එහෙත් කතුවරයාගේ හැඟීම පරිදි මෙහිමුල් තැන වියයුත්තේ ජලයයි.
ආහාර හා ඖෂධ සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය ඒත් සමගපැමිණිය යුතුය. ඉදිකරගෙන යමින් පවතින වරාය, ගුවන්තොටුපොල, මහාමාර්ග, දුම්රිය මාර්ග, නගර නවීකරණය සහ නගර අලංකරණය මේ ප්‍රමුඛතා ලැයිතුවේ පවතින්නේඅවසාන හරියේය. එසේම ඒවායින් මහජනයාට ඍජු ප්‍රතිඵල ලැබෙන්නේද නැත. ඒ නිසාකිසිදු ප්‍රමුඛතාවක් නොමැතිව %කොම්පැනිකාරයන්^ ටිකක් විසින් නිර්මාණය කරනප්‍රමුඛතා ලැයිස්තුවක ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබේ.
දෙවැනි කාරණය වන්නේ මේවායේ ප්‍රමිතියයි. මේවායේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නපැනනැගී තිබේ. විදුලි බලාගාරයක් වසර 35ක්ද, පාරක් වසර 60 ක් පැවතිය යුතුය.නමුත් මේවා එපමණ කලක් පවතීද යන්න ගැන පැනනැගිය හැකි ප්‍රමිතියේ අඩුවක් ද තිබේ.
2005 වසරේ කාපට් කළ මාර්ග අද නැවත කාපට් කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. 2005 කොන්ක්‍රීට් කළ පාර අද වනවිට කෑල්ලක්වත් සොයාගන්නට නැත. එසේම පසුගිය වසරේනගර අලංකරණය කළ දේ නැවත සැකසීමට සිදුවී තිබේ. ඒ නිසා ප්‍රමිතිය පිළිබඳප්‍රශ්න ඇති බව කීම ගැටලුවක් නොවේ. තවද නොරොච්චෝලේ බලාගාරය මේ සඳහා හොඳමඋදාහරණයද වේ.
මේවායේ මිල ගණන් තෙවැනි කාරණය බවට පත්වී තිබේ. අප 10% කොමිස් නිතර අසාතිබේ. නමුත් මේවායේ ඇත්තේ 2000% ගණන් වැඩිවීම්ය. 1:20, 1:30 අනුපාතයන් 1:3 න් පටන්ගෙන මේ දක්වා වර්ධනය වී තිබේ. එය අලාපාළු ආර්ථිකය කෘතියේ මහාමාර්ග, දුම්රිය කේෂ්ත්‍රවල විකාශනය වූ ආකාරය 33 – 34 පිටුවල මැනවින් විස්තර කර තිබේ.
මෙම තත්ත්වය අනාගතයේදී 1:50 විය හැකිය. මේවාත් සමග ආර්ථිකයට වැරදිචිත්‍රයක් මතුවෙයි. එක් අතකින් මේවායේ මිල ගණන් ඉහළ යාමත්, ණය ගෙවීම සඳහාප්‍රමාණවත් තරම් ආදායමක් ජනනය නොවීමත් නිසා ප්‍රශ්න පැනනැගෙනු ඇත. අනෙක්අතින් දළ දේශීය නිෂ්පාදනයටද වැරදි චිත්‍රයක් ගොඩනැගෙයි. රුපියලක් ඇති තැනරු. 20 ක් පෙන්වීමෙන් දළ දේශීය නිෂ්පාදනයද ඒ අනුව වෙනස් වෙයි. දළ දේශීයනිෂ්පාදනය වැඩි වනවිට ඒකපුද්ගල ආදායම වැඩිවනවා සේ පෙනුණද එය සැබෑවටම සිදුවී නොමැත. මෙවැනි යෝධ මෙගා ව්‍යාපෘතිවලින් එසේ සංඛ්‍යාලේඛනවල විශාලවිකෘතියක් මේ වනවිට සිදුවෙමින් තිබේ. මෙය සිදුව ඇත්තේ ජාතික ආර්ථිකයටදබලපෑම් කරමිනි.
මීළඟට පැන නගින්නේ මේවා ගෙවන්නේ කවුරුන්ද යන පැනයයි. අද වනවිට මෙරටආණ්ඩුවේ ආදායමට වඩා ණයත්, පොලියත් ගෙවීම ඉහළ ගොස් තිබේ. ආණ්ඩුවේ එදිනෙදාවියදම් පියවාගැනීමටද 7% පොලියට ණය ගැනීමට සිදුව තිබේ. එසේම ජනතාවගේ ආර්ථිකයදෙගුණයක් වී යැයි කීවද, ජනතාවගේ පවුලක ශුද්ධ ආදායම වැඩි වී ඇත්තේ 3%කිනි.ශුද්ධ වියදම 7%කින් වැඩි වී තිබේ.
ඉතිරි කිරීම් 27%කින් අඩු වී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස ගත්විට පැහැදිලිආර්ථික ප්‍රශ්නයකට මිනිස්සු මුහුණදෙමින් සිටිති. රටේ ආදායමෙන් 80%ක්මසාමාන්‍ය ජනතාවගෙන් උපයාගන්නා බදු මුදල්ය. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, කිරිපිටි, රතුලූනු, සුදුලූනු, කොත්තමල්ලි, මිරිස්, මුංඇට ආදී සියල්ලේම අධිකබදුවලින් මෙම ආදායම උපයා ගනියි.
පාන් පිටිවලින් මිනිසුන් බදු ගෙවුවද, ඒ බදුවලින් හැදූ ආර්කේඩ්ඉන්ඩිපෙන්ඩන්ස්හි කඩයකින් රු. 200කට ආප්පයක් කන්නට වත්කමක් බදු ගෙවූමිනිසුන්ට නැත. ත්‍රිරෝද රථක
රුවා රු. 52 ක බද්දක් ගෙව්වද ඔහුගේ ත්‍රිරෝදරථය අධිවේගී මාර්ගයට ඇතුළු කළ නොහැක. කොත්තමල්ලි කිලෝවට රු. 202 ක බද්දක් ගෙවන ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ විඳින්නට ජොගින් ට්‍රැක් එකෙහි ජොගින්කිරීමට හැකියාවක් නැත. මේ වූ කලී ඉතා ක_ර අසාධාරණයකි. එ.ජා.ප. සමයේ සැකසූමහවැලි ව්‍යාපාරයේ ගැහිලි තිබුණද එහි ඍජු ප්‍රතිලාභය ලැබුවේ ගොවීන් හෙවත්ඉදිරිපෙළ පාරිභෝගිකයෝය. නමුත් වත්මන් සංවර්ධනය එක්තරා සමාජ පන්තියකට හිමිවූ සංවර්ධනයක් වී තිබේ. එහෙත් එහි බර දරන්නේ දුප්පත් මිනිසුන්ය. එය වත්මනේපවතින සමාජවාදයේ විසංවාදයයි.
මේ සියලු සංවර්ධන කටයුතු සිදුකරන්නේ විදේශිකයන් විසිනි. ඒ නිසා රට තුළආර්ථිකයක් ගොඩනැගෙන්නේද නැත. ගුණාකාර බලපෑම් හෙවත් Multi Player set ලෙසමෙම දූෂිත සංවර්ධනය රට තුළම සිදුකළේ නම් අවම වශයෙන් රට තුළ හෝ ආර්ථිකයක් ගොඩනැගේ.
එහෙත් මේවා විදේශවල යැවූ හෙයින් ධනය විදේශගත වනවා විනා රටේ ආර්ථිකයක්තැනෙන්නේ නැත.ආලාපාළු ආර්ථිකය මෙගා ඩීල් ද? - නවෝත්පාදනය ද? කෘතියේ විස්තරවන්නේ මෙම ඉහත කී කරුණු 05 ය.
ආලාපාළු වුණු අපේ ආර්ථිකය
ආලාපාළු වුණු කාබාසිනියා වූ රටක් කියන අරුතෙන් මීට නම් තබා තිබේ. ලස්සනට පිටින් තිබුණද රටේ ඇතුළත කාබාසිනියා වී තිබේ.
මෙය අනිවාර්ය‘යෙන්ම සමාජගත කළ යුතුය යන්න කතුවරයාගේ ස්ථාවර මතයයි.මිනිසුන් තමන්ගේ රීරිමාංසවලින් ඇදදෙනු ලබන මුදල්වලින් කෙරෙන්නේ තමන්ට අයිතිනොවන සංවර්ධනයක් බව මිනිස්සු දැනගත යුතු සේම, ප්‍රමුඛතා හඳුනාගැනීමත්, ආණ්ඩුව ආර්ථිකය අතින් බංකොළොත් බවත් ජනතාව දැනුවත් විය යුතුය.
ආලාපාළු ආර්ථිකය තුළ ඇතුළත් සියලු තොරතුරු මහ බැංකුවේත්, සංඛ්‍යා‘ලේඛනදෙපාර්තමේන්තුවේත් සටහන් වූ ඒවාය. ඒවායේ නිරවද්‍යතාව ඒ අනුව තහවුරු වී තිබේ. ( සඳමාලි වික්‍රමආරච්චි )
උපුටා ගැනීම: “අද“ පුවත්පත