මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව රැස්වෙයි - ළමයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ රැසක්

    දෙසැම්බර් 22, 2023
    මාතර දිස්ත්රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.

     

    මාතර දිස්ත්රික්කයේ ලක්ෂ තුනකට ආසන්න ළමා ජනගහනයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා විවිධ තීන්දු ගැනීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.
    ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය වළක්වා ගැනීම සඳහා දිස්ත්රික්කයක් වශයෙන් ගත හැකි ක්රියා මාර්ග පිළිබඳව මෙහි දී අවධානය යොමු කරන ලදි.
    එපමණක් නොව ළමයින් වෙනුවෙන් ක්රියාත්මක කරන ළමා සුබසාධන වැඩසටහන් හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
    මේ අවස්ථාවට මාතර සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්රික්කයේ ප්රාදේශිය ලේකම්වරු ඇතුළු ළමා සංවර්ධන ක්ෂේත්රයට සම්බන්ධ සියලුම රාජ්ය නිලධාරීන් හා පොලිසිය සහභාගි වී සිටියහ.
    මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ළමා සංවර්ධන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya