අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විලච්චියේ ඉපනැල්ලේ මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක්

    ඔක්තෝබර් 12, 2020

    අතරමැදි කන්නයේ මුං වගාවෙන් විලච්චිය ගොවි ජනතාව සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබේ.

    මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් එම්. සී. චන්ද්‍රදාස මහත්මිය පැවසුවේ, විලච්චිය ගොවීන් මෙලෙස අතරමැදි කන්නයක වගා කටයුතු සිදු කළේ ප්‍රථම වරට බවයි. මෙම වගාවන් පසුගිය දා අනුරාධපුර මහ දිසාපතිවරයාගේ නිරීක්ෂණයට ද ලක් විය.

    අත්හදා බැලීමක් ලෙස මෙවර වම් ඉවුර ගොවීන් පිරිසක් පමණක් ඉපනැල්ලේ හා සකස් කළ බිම්වල මුං වගා කිරීම සිදු කළහ. එලෙස වගා කර ඇති බිම් ප්‍රමාණය අක්කර 300 ක්. මේ එහි අස්වනු නෙළන කාලයයි. මහවිලච්චිය ගොවි ජනපද ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර එච්. එම්. කේ. සී. හේරත් මහත්මිය පැවසුවේ, බිම් සකස් කරණ ලද අක්කරයකින් කිලෝ 500ක පමණ මුං අස්වැන්නක් ලැබෙන බවයි.

    කිසිදු වියදමක් නොකර ඉපනැල්ලේ වගා කිරීමෙන් ද අක්කරයකින් කිලෝ 300ක පමණ මුං අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතී. විලච්චිය ගොවීන්ගේ මෙම නව ප්‍රවේශය පිළිබඳව අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්. එම්. වන්නිනායක මහතා පළකලේ මෙවන් අදහසක්.

    මේ වන විට මුං කිලෝවක තොග මිල රුපියල් 300ක් පමණ වේ. ඒ අනුව අක්කරයකින් ලැබෙන ආදායම රුපියල් 150, 000 කට ආසන්නයි.
    ලබන වසරේ දී විලච්චිය ගොවි ජනපද ව්‍යාපාරය තුළ අතරමැදි කන්නයක් ලෙස අක්කර 1000ක පමණ මුං වගා කිරීම අපේකෂාවයි. ගොවීන් තුළ ද මේ පිළිබඳව ඇත්තේ දැඩි කැමැත්තක්. කෘෂිකර්ම හා ගොවිජන සේවා අංශවල නිලධාරින්ගේ සහය ද මෙම නව ක්‍රියාමාර්ග සඳහා ලැබී තිබේ.

     DMU/Anuradhapura

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya