අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 20 කට පසුව කුරුළු තුඩ වගා කෙරේ

    පෙබරවාරි 23, 2019

    නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඇති කිරළ කැලේ පරිසර පද්ධතිය ආශ්‍රිතව කුඹුරු අකුකර දහස් ගණනක් පුරන් වී ඇති අතර ඒ අතරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිල්වලා පිවිසුම අසළ ගොඩගම - කඩෙද්දුව පාරේ පුරන් වී තිබූ කුඹුරු අක්කරයක වසර 20 ට පසුව 2018/2019 මහ කන්නයේ ‘කුරුළු තුඩ’ පාරම්පරික දේශීය වී ප්‍රභේදය වගා කිරීමට ආනන්ද වික්‍රම ගල්හේන වෙද මහතා සමත්ව තිබේ.

    තම දේශිය වී වගාව පිළිබඳව අදහස් දක්වමින් ආනන්ද වික්‍රම ගල්හේන වෙද මහතා මෙසේ පැවසී ය.

    මේ වී වගාව සඳහා කිසිම රසායනික පොහොරක් හෝ කෘමි නාශකයක් භාවිතා කළේ නැහැ. අරිෂ්ඨ, ආසව, ගුලි, කල්ක, පත්තු හා තෙල් වර්ග ඇතුළු ආයුර්වේද බෙහෙත් වර්ග නිෂ්පාදනය කර ඉතිරිවන ද්‍රව්‍ය, දහයිය අළු හා කුකුල් පොහොර පම්ණයි, වගාවට යොදා ගත්තෙ. කෘමීන් පළවා හැරීම සඳහා කොහොඹ ඇට, කොහොඹ කොළ හා අරලිය මල් කොටා මිරිකාගත් සාරය තමයි යෙදුවෙ. අවුරුදු 20 ට පස්සේ මේ යායෙ මහජනතාවගේ හිතසුව පිණිස පාරම්පරික කුරුළු තුඩ වී වර්ගය වගා කළේ එහෙමයි. වසර ගණනාවක් තිස්සේ පුරන් වී තිබූ මේ කුඹුරේ නියමිත පරිදි ජල බස්නාවක් හෝ නොමැතිව ඉතා සාර්ථකව කුරුළු තුඩ වලා කළා.

    මේ කුරුළු තුඩ වී වර්ගය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ රුවන්වැලි මහා සෑයට කිරිපිඬු පූජා කරන පාරම්පරික පූජනීය වී වර්ගයක්. කුරුළු තුඩ සහල් වලින් බත් අනුභව කිරීමෙන් ශරීරයේ පිළිකා කාරක සෛල විනාශ කරයි. ශරීරයේ සීනි ප්‍රතිශතය පාලනය කරයි. ඇස් පෙනීමට හිත කරයි. මුත්‍ර රෝග සමනය සඳහා යොදා ගෙන ඇති අතර ශරීර ශක්තිය වර්ධනය කරයි. මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි. එමෙන්ම මෙය ආහාරයට ගත් කල රුධිර සංසරණය සමග එකතුවී ඇට මිදුළුවලට ගොස් තැන්පත් කරවීම එදා සිංහල වෙදකමේ දී කර ඇත. ඇට මිදුළුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරයි. මෙය සාමාන්‍ය ආකාරයට ආහාරයට ගැනීමෙන් මෙහි ඇති තන්තුමය ස්වභාවය සමග නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය වැටකොළු, පතෝල, වට්ටක්කා පොත්ත වැනි එළවලුවල වර්ණක සමග එකතු වී අහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවයි. යකඩ සහිත අහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබින් උත්පාදනය කිරීමට අවශ්‍ය මුල්‍යමය ආධාරය ඇට මිදුළුවලට සපයයි. එබැවින් ස්වභාවික කහ වර්ණ හා තන්තුමය ස්වභාවය අධික එළවලු වර්ග හා යකඩ අධික පලා වර්ග සමග ආහාරයට ගැනීම ඉතා යහපති. කැඳ වර්ගවල දී කුරුළු තුඩ භාවිතය රෝග නිවාරණයට උපකාරී වේ.

    නියර වගාව වශයෙන් බණ්ඩක්කා, මාළුමිරිස්, මිරිස්, මෑ කරල් හා තක්කාලි වැනි භෝග වර්ග ද වගා කර තිබේ. ඒවා වගා කර තිබෙන්නේ ද රසායනික පොහොර හෝ කෘමි නාශක භාවිතයකින් තොරවයි. නියමිත පරිදි දිය බස්නාවල් හා ඇළ මාර්ග සකස් කර දෙන්නේ නම් ඉතා සාර්ථකව දේශීය වී වර්ග මෙම කුඹුරුවල වගා කළ හැකි බව වෙද මහතා තවදුරටත් පැවසී ය.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya