මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශාලතම ජාතික ධජය සමගින් මාතලේ ජාතික දින උළෙල අභිමානවත් අයුරින් සමරයි

    පෙබරවාරි 06, 2019

    71 වන ජාතික දින උත්සවයට සමගාමීව ලංකාවේ විශාලතම ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ අභිමානවත් ජාතික දින උළෙලක් පසුගිය දා පැවැත්විණී.

    යුද, ගුවන් , නාවික හා පොලිස් උත්තමාචාර සමගින් ජාතික දිනය අභිමානයෙන් සැමරනු ලැබීය. පෙර අපර දෙදිග තූර්ය වාදක කණ්ඩායම් 20කට අධික සංඛ්‍යාවක් ජාතික දින උළෙලට සභභාගි විය.

    මාතලේ සංඝමිත්තා විද්‍යාලයේ සිසුවියන් 300කින් යුත් සරඹ සංදර්නය උළෙල වර්ණවත් කළ අතර ඔහුන් විසින් ලංකාවේ විශාලතම ජාතික ධජයද ප්‍රදර්ශනය කරන ලදී.

    මාතලේ කලායතනයේ සිසු සිසුවියන් ජාතිකාභිමානය හා ජාතික එකමුතුව සංකේතවත් කරමින් අලංකාර නර්තානංග දෙකක් ඉදිරිපත් කරල ලදී. ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කොට සර්ව ආගමික වතාවත්වලින් ජාතික දින සැමරුම ආරම්භ විය.

    සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානු කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික දින උළෙල පැවැත් විය.රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා විසින් ආචාර පෙළපාලිය පිළිගන්නා ලදී. මහනුවර ධර්මරාජ විද්‍යාලායේ විදුහල්පතිවරයා විසින් ආරාධිත දේශනය පවත්වන්නට විය.

    3000කට අධික සිසු සිසුවියන් , රාජ්‍ය නිලධාරින් හා දහසකට අධික ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් ජාතික දින උළෙල අභිමානවත් අයුරින් පවත්වන්නට විය. ආරාධිතයන් පිළිගැනීම මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා විසින් සිදුකළ අතර උළෙල සාර්ථක කරගැනීම සදහා දායකවුවන්ට තුති පිදීම මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා විසින් සිදුකරන ලදී.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya