අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් ජාතික දින සමරුම් වැඩසටහන පෙබ.04

    ජනවාරි 31, 2019

    71 වැනි ජාතික දින උළෙලට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහනුවර දිස්ත්‍රික් ජාතික දින සමරු වැඩසටහන අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    2019.02.04 වැනි දින පෙ.ව. 8.30ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වන්නේ නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මැතිතුමාය.

    ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් එක්ව පවත්වනු ලබන ආචාර පෙළපාලියකින් සහ සංස්කෘතිකාංග රැසකින් යුත් මෙම සැමරුමේදී විශේෂ සරඹ සංදර්ශනයක්ද පැවැත්වෙනු ඇත.

    මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී දළදා මාලිගාව, සෙල්විනායගර් කෝවිල, ශාන්ත අන්තෝනි ආසන දෙව් මැදුරේ සහ මීරා මක්කම් පල්ලියේදීද ජාතික දිනය වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්විමටද කටයුතු යොදා තිබේ

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මධ්‍යම පළාත් සභාව එක්ව මෙම ජාතික දින සැමරුම සංවිධානය කරයි.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya