අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය පිළිබද තොරතුරු දෙන්න කාර්යාල පිහිටුවීමට දන්වයි

    ජනවාරි 29, 2019

    කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති පිළිබද මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සදහා තොරතුරු කාර්යාල වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරා මහතා අදාළ ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දුන්නේය.

    දිසාපතිවරයා මෙම අදහස් පල කළේ, ඉහත ව්‍යාපෘති හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තම ඉඩකඩම් හා දේපල අහිමිවන්නන්ගේ ගැටළු සම්බන්ධන් ව්‍යාපෘති දෙකේ නිලධාරින් සමඟ පසුගියදා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.

    යම් සංවර්ධන ව්‍යාපෘතියක් ජනතාවට සඟවා සිදුකළ නොහැකි බැවින් එම ව්‍යාපෘතිය නිසා අත්පත්කරගන්නා ඉඩම්, ගෙවන වන්දි ප්‍රමාණය ආදි තොරතුරු ජනතාවට පහසුවෙන් ලබාගැනීමට හැකි විය යුතුයි.

    ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම තුළින් ව්‍යාපෘතියක් සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි බවද දිසාපතිවරයා පැවැසීය.

    මෙම ව්‍යාපෘති හේතුවෙන් තම ඉඩම් හා නිවාස ඇතුළු දේපල අහිමිවන්නන් පැවසුවේ දුම්රිය මාර්ගය ගමන් කරන මාර්ගය පිළිබද තොරතුරු නිශ්චිත නොවන බැවින් තම නිවාස අලුත්වැඩියා කිරිමට හෝ අලුතින් ගොඩනැගීමට නොහැකිව වසර ගණනාවක් තිස්සේ බලා සිටිමට සිදුව ඇති බවයි. නව දුම්රිය මාර්ගය ගමන් කරන මායිම් වරින් වර වෙනස් වීම හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ දී ඇති බව ඔහුහු පැවසුහ. ව්‍යාපෘතිය නිසා ඉඩම් නිවාස දේපල සදහා වන්දි ලබාදීමේදී මොරගහ කන්ද කලුගග ව්‍යාපෘතිවලට මෙන් විශේෂ වන්දි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ව්‍යාපෘතිය හේතුවෙන් දේපළ අහිමිවන්නන් ඉල්ලා සිටියේය.

    නව දුම්රිය මාර්ගය නිශ්චිතව මායිම් ලකුණු නොකිරීම නිසා ගලේවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරිමට අනුමැතිය ලබාදීමට ගැටළු මතුවී ඇති බව ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය.

    මේ අතර දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැසුවේ, මෙම ව්‍යාපෘති දෙක දඹුල්ලට අවශ්‍ය බවත් නමුත් ජනතාවට වැඩි පිරිසක් පීඩාවට ලක්කිරිමෙන් කරනු ලබන සංවර්ධනය පිළිබදව එකග වීම පිළිබද ගැටළු ඇති බවයි.

    මෙම සාකච්ඡාවේදී නැගුණු විවිධ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදුන් කුරුණැගල හබරණ දුම්රිය මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවැසුවේ දුම්රිය මාර්ගය ඉදිකිරිමේ ප්‍රතිලාභය ලබාගත හැක්කේ එය නගරය මගහැර ගමන් කිරිමෙන් නොව එය ප්‍රධාන නගර ආසන්නයෙන් ගමන් කිරිමෙන් බවයි. අභිනවයෙන් ඉදිවන දුම්රිය මාර්ගය නවීන තාක්ෂණය භාවිත කරමින් ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතුව ඉදිවන බවයි. දුම්රිය මාර්ගයට යටවන නිවාස හා දේපළ සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මඟින් දැනුවත් කිරීමට කටයුතු කරන බවදී පැවසීය.

     

    සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානු කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඉෂාන් විජේතිලක , කුරුණැගල හබරණ දුම්රිය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් ද ව්‍යාපෘති නිසා නිවාස හා දේපල අහිමිවන ජනතාවගෙන් කොටසක්ද මෙම අවස්ථාවට සහභාගි විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya