මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සංවිධනය කරයි

    ජනවාරි 26, 2019

    මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මත්ද්‍රව්‍ය පිටුදැකීම සදහා පාසල් සිසුන් දැනුවත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩසටහන යටතේ පවත්වනු ලැබූ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (25 වැනි දින) පෙ.ව. 9.00 සිට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

    විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති එම්.ආර්.ටී. මායාදුන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සදහා සිසුන් 300 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක්ද සහභාගී විය.

    වැඩසටහනේ ප්‍රධාන දේශනය අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ උපදේශන නිලධාරී සුනිල් දිසානායක මහතා විසින් පවත්වනු ලැබූ අතර, මත්ද්‍රව්‍ය සහ ජනමාධ්‍ය බලපෑම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී තනුජ.කේ.අබේසේකර මහතා විසින් සිසුන් දැනුවත් කරන ලදී.

    මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබද දැනුවත් කරමින් විද්‍යාර්ථ විද්‍යාලයේ මත්ද්‍රව්‍ය විරෝධි ඒකකය මගින් මෙහිදී කෙටි නාට්‍යයක්ද වේදිකාගත කරන ලදී.

    වැඩසටහන අවසානයේ මත්ද්‍රව්‍ය සදහා ජනමාධ්‍ය මගින් සිදු කෙරෙන බලපෑම පිළිබද පාසල් දරුවන් සහ මාධ්‍යවේදීන් අතර සංවාදශීලී හමුවක්ද පවත්වන ලදී.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් සම්බන්ධීකරණය කළ මෙම වැඩසටහන සදහා විද්‍යාර්ථ විද්‍යාලයේ මත්ද්‍රව්‍ය විරෝධි ඒකකයේ සහයෝගයද ලබා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya