මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නක්ලස් සංරක්ෂණයට අන්තර්ජාතික සහාය-නක්ලස් රක්ෂිතය ගම්මානවල ජීවන තත්ත්වය නංවාලීමේ දෑ අවුරුදු වැඩසටහනේ ප්‍රගතිය බලයි

    ජනවාරි 24, 2019

    ජනතාවගේ ජීවන තත්වය නංවාලීමේ වැඩසටහන් කොපමණ ආරම්භ කළත් ඒවායේ පසු විපරමක් නොමැති හෙයින් අසාර්ථක වන බවත්, විශේෂයෙන් ජීවනෝපාය ව්‍යාපෘති ආරම්භ කිරිමේදී වෙළදපල ඉල්ලුම සැපැයුම පිළිබද අවධානය යොමු කළයුතු බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.‍ජී.කේ පෙරේරා මහතා පැවසිය.

    දිසාපතිවරයා මෙම අදහස් පළකළේ, ජගත් පාරිසරික සුළු මුල්‍යාධාර වැඩසටහන මගින් නක්ලස් රක්ෂිතය ආශ්‍රිතව පරිසරය සුරකීම හා ආශ්‍රිත ගම්මානවල ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ දෑ අවුරුදු වැඩසටහනේ ප්‍රගතිය පරික්ෂා කිරිමේ රැස්වීමට සහභාගි වෙමිනි.

    ජගත් පාරිසරික පහසුකම් සුළු මුල්‍යාධාර වැඩ සටහන යටතේ මුල්‍ය දායක්වයෙන් මෙම ව්‍යාපෘතිය 2018 /19 වසරවල ක්‍රියාත්මක වේ.

     පරිසරය හා ජීවින් සංකරක්ෂණය, ජෛව විවිධත්වය ආරක්ෂ කිරීම, පාංශු සංරක්ෂණය, වන සත්ව හානි අවම කිරීම, පාරිසරික සංචාරක කර්මාන්තය දියුණු කිරීම, ආශ්‍රිත ගම්මානවල ජනතාවට නව ආදායම් මාර්ග හදුන්වා දීම, වන වගාව ඇතුළු ව්‍යාපෘති රැසක් රාජ්‍ය නොවන සංවිධාන 12ක් මගින් ක්‍රියාත්මක කෙරේ. එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් 40000ක උපරිමයට යටත්ව මුල්‍යාධාර ලබාදීමට කටයුතු කරන බවත්, විද්වත් කමිටුවක් මගින් ව්‍යාපෘති නිරන්තර පරික්ෂාවට ලක්කරන බවත් ජගත් පාරිසරික පහසුකම් සුළු මුල්‍යාධාර වැඩ සටහනේ මෙරට ජාතික සංවිධායක ඩිනාලි ජයසිංහ මහත්මිය පැවැසීය.

    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා , අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, වැඩසටහන් සම්බන්ධීකාරක නුවන් පෙරේරා ව්‍යාපෘති පාර්ශව කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya