දඹුල්ල, කැප්පෙටිපොල වැනි ආර්ථික මධ්‍යස්ථානවල කොමිස් ක්‍රමයට එළවළු අලෙවි කිරීමට කටයුතු කළඳ නුවරඑළිය විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවිම මත තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ගොවි සංවිධාන නියෝජිතයින් දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුවේ දිර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් කිරීම සිදුවිය. මෙම කරුණු සැළකිල්ලට ගත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සියළු අංශවල එකගතාවය මත මෙම වැඩසටහාන ක්‍රියාවට නැන්වීමට අවශය පියවර ගැණිනි.
මෙහිදි ගොවියා විසින් විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානට ගෙනඑන එළවළු සඳහා ගැනුම් කරුවන් විසින් එම අවස්ථාවේදීම මිලක් නියමකර මිලදි ගැනීම සිදුවන අතර වෙළද සැල් හිමියාට කිලෝ එකක් සඳහා කොමිස් මුදලක් ගෙවිම සිදුවේ. මෙය ගොවියාට නියම මිලක් ලැබිම මෙන්ම වෙළඳ සැල් හිමියාද ආරක්ෂාවන වැඩසටහානක් බව ගෙවියන් පැවසිය.
DMU/Muwaraeliya