අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රජයේ සේවකයාට එදාට සාපේක්ෂව පහසුකම් රැසක් ලැබිලා තිබෙනවා මහනුවර දිස්ත්‍රික් ලේකම්

    ජනවාරි 02, 2019

    වත්මන් රජයේ සේවකයාට නවීන තාක්ෂණික පහසුකම් ඇතුළු අනිකුත් පහසුකම් බොහොමයක්ම ලබා දී ඇති බැවින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම වෙනුවෙන් කැපවීමට සියළු රජයේ සේවකයන් අදිටන් කර ගත යුතු බව මහනුවර දිස්ත්‍රික් ලේකම්තිස්ස කරුණාරත්න මහතා පවසයි.

    මීට වසර ගණනාවකට පෙර රජයේ සේවය තුළ තාක්ෂණය භාවිතය අවම මට්ටමෙන් පැවති නිසා පෞද්ගලික අංශයට සාපේක්ෂව තරමක පසුබෑමක් තිබූ බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා අද වන විට රජයේ සේවය තුළ අති නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කරන බව පෙන්වා දෙන ලදී.

    තාක්ෂණික උපකරණ පමණක් නොව සෙසු පහසුකම් අතින් ගත්තත් පෙර රජයේ සේවයකන්ට නොතිබූ වරප්‍රසාද සහ පොදු පහසුකම්ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා මහජනතාවට සමීප වෙමින් ඔවුන්ට උපරිම සේවයක් ලබා දීම සියළුම රජයේ නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම බවද පෙන්වා දෙන ලදී. දිසාපතිවරයා මෙම අදහස් පළ කළේ 2019 වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනේදීය.

    මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතැම් නිලධාරීන් තමන් හමුවට පැමිණෙන සේවා දායකයන් නොසලකා හරින අවස්ථා වාර්තා වන බව පැවසූ අතර, රාජ්‍ය සේවකයන්ගේ ප්‍රතිඥාව අනුව එය නොකළ යුත්තක් බවද පැවසීය. එබැවින් ප්‍රතිඥාව හඩ නගා කියවීමට වඩා වැදගත් වන්නේ ප්‍රතිඥාවේ අඩංගු කරුණු නොපිරිහෙලා ඉටු කිරීම බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

    මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී. රණේපුර, ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර යන මහත්වරු ඇතුළූ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රෙය් පවත්වා ගෙන යන සියළුම කාර්යාලවල නිලධාරීන් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.

    DMU/kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya