අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එම්මෑනුවෙල් දෙව්මැදුරේ දේව මෙහෙය

    දෙසැම්බර් 25, 2018

    හම්බන්තොට,තංගල්ල නගරයේ රෝහල් හංදිය අසල එම්මෑනුවෙල් දෙව්මැදුරේ 41 වෙනි වරට පැවැත්වූ වාර්ෂික නත්තල් දේව මෙහෙය  24 දින කිතුනු ඇදහිලිවතුන් 400ක පමණ සහභාගීත්වයෙන් එම දෙව්මැදුරේදී පැවැත්විණි.

     දේව මෙහෙයට පළාතේ ප්‍රභූවරුන්ද විශේෂිත ආරාධිත අමුත්තන්ද රාශියක් පැමිණ සිටියහ.

     එම්මෑනුවෙල් දෙව්මැදුරේ භාරකාර හම්බන්තොට දිස්ත්‍රික් නායක පියතුමන් වන ගරු නිමල් හෙට්ට්ආරච්චි පියතුමන්ගේ ආශිර්වාදයෙන් මෙමහෙ නත්තල් දේව මෙය 24 වන සඳුදා දින රාත්‍රී 9:30ට ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ලොව පහල වීම සිදූ වූ රාත්‍රිය සිහිකරමින් දෙවිඳුන්ට මහිමය දෙන ස්තූති පූජාවකින් ආරම්භ වීය.අනතුරුව කිතුනු බැති ගී, නර්තනයන් හා ළමා නාට්‍ය වලින්ද අලංකරවත්ව මධ්‍යම රාත්‍රී 1.00 පමණ වන තෙක් පැවැත්විය..

     මෙම කාලය තුළදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා දේශය හා දේශයේ අනාගතයට ආශිර්වාද පතා කරනු ලබන විශේෂ යාච්ඤාවක්ද සිදු කරනු ලැබූ අතර මෙම දේව මෙහෙය තුළදී ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට හා රජයටත්,රාජ්‍ය නිලධාරීන්ටත්,ලක්වාසී සියලු ජනතාවටත් සෙත් පතා විශේෂිත යාච්ඤාවක්ද ශුද්ධ බයිබලයේ අනර්ඝ වචන වලින් සමන්විත කිතු උපත සම්බන්ඳ ධර්ම දේශනයකින්ද, පැවැත්වීය..

     දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -හම්බන්තොට  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya