අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි මිනිස් ගැටමු උග්‍ර වීමට බලපෑ මූලික හේතුව තිරසර සංවර්ධන අරමුණු අවබෝධ කර නොගැනීමයි

    දෙසැම්බර් 12, 2018

    අලි මිනිස් ගැටුම උග්‍ර වීමට ප්‍රධානතම ගැටළුවක් වී ඇත්තේ තිරසර සංවර්ධන සංකල්පය පිළිබද නිසි අවබෝධයක් නොමැතිවීම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා පවසයි.

    මේ වන විට ලංකාවේ දිස්ත්‍රික්ක 13 කට මෙම අලි මිනිස් ගැටුම බලපා ඇති බවද ඔහු වැඩි දුරටත් පවසයි. ජේෂ්ඨ කතිකාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (11) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවනාගාරයේ පැවති තිරසර සංවර්ධන ඉලක්ක හදුන්වා දීම සදහා මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධරීන් වැඩමුළුවකට සහභාගී වෙමිනි.

    සාමාන්‍යයෙන් අලියෙක් දිනකට කිලෝ සියයකට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගන්නා සතෙක් බවත් කිලෝමීටර් 160 ක පමණ දුරක් ගමන් කරන සතෙක් බවත්  එම දුර ඇවිදිමින් ආහාර සෙවීම අලියාගේ දෛනික චර්යාවක් බව පෙන්වා දෙන
    ලදී.

    සංවර්ධන කටයුතු දියත් කිරීමේදී තිරසර සංවර්ධනය ගැන අවධානය යොමු නොකරමින් අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශ මුල් කොට ගෙන ජනාවාස ඉදි කිරීම් ඇතුළු සෙසු සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා අද වන විට ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව කථිකාචාර්යවරය සඳහන් කළේ ය.

    එම නිසා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සැලසුම් රහිත කෙටි කාලීන විසදුම් වලට නොගොස් දිගු කාලීන සැලසුම් මත සංවර්ධන කටයුතු දියත් කිරීම රජයේ නිලධාරීන්ගේ යුතුකම සහ වගකීම බව ඔහු පෙන්වා දෙන ලදී. ඒ සදහා රජයේ නිලධාරීන්ට හැකියාව ඇති බව පැවසූ තිලක් විජේතුංග බණ්ඩාර මහතා, මිනිසා පරිසර අභිබවා යෑම නිසා අද වන විට ගැටළු රැසක් මතුව ඇති බවද පෙන්වා දෙන ලදී.


    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින් රැසක් මෙම වැඩමුළුව සදහා සහභාගී වූහ.

    මහනුවර දිස්ත්‍රික් සැලසුම් අංශය මගින් සංවිධානය කළ මෙම වැඩමුළුව සදහා සැලසුම් අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර මහත්මියද එක් විය.

    DMU/Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya