දෙසැම්බර් 10, 2018

tami eng youtube google twitter facebook

    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම දෙසැම්බර් 11 වැනිදා

    දෙසැම්බර් 07, 2018

    මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 11 වැනිදා පෙ.ව. 10.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරේ.


    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය ප්‍රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu