අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 රුහුණු ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී

    නොවැම්බර් 03, 2018

    මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් 2018 - රුහුණු ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය හා පොළ විවෘත කිරීම මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් (01) දින පෙ.ව.9.30 ට මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. මෙම වෙළඳ ප්‍රදර්ශනය අද (03) දින ද පැවැත්වේ.

    මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම, අපනයන විභවතාවයෙන් යුත් කර්මාන්ත පුළුල් කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ කරදීම ආදිය මෙම වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වේ.

    මෙහි මල් හා පැළ වර්ග, පාවහන් හා බෑග් නිෂ්පාදන, ඇගලුම් නිෂ්පාදන, ආහාර හා කුළුබඩු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන හා වෙනත් විවිධ නිෂ්පාදන ඇතුලත් ය.

    මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ව්‍යවසායකයන් 50 කට අධික පිරිසක් මේ සඳහා එක් වී සිටියහ.

    ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එන්.කේ.ආර්. පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රියන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා රුහුණු ශක්ති ව්‍යවසායක සංසදයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා රුහුණු ශක්ති ව්‍යවසායක සංසදය ව්‍යවසාය ප්‍රදර්ශනය සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya