මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ පවුල් 1443ක් පීඩාවට

    නොවැම්බර් 30, 2017
    ඊයේ (29) රාත්‍රියේ ගාල්ල සහ මාතර ප්‍රදේශයන්ට බලපෑ අධික සුළං සහිත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්‍ර්තික්කයේ අද (30) පස්වරු 02.00 වන විට ආපදා කළමණාකරණ ඒකකය මගින් සඳහන් කළ වර්තාවට අනුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 ක පවුල් 1443ක් පීඩාවට පත්ව ඇති බව සඳහන් කරයි. ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 317ක පුද්ලයින් 5902 දෙනෙකු පීඩාවට පත් ව ඇත. 
     
    ධීවර බොට්ටු 05 අනුතුරට පත් වීමෙන් අම්බලංගොඩ ප්‍රදේශයේ පුද්ලයින් 02 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 07 දෙනෙකු අතුරුදන්ව ඇත.
     
    එමෙන්ම ඇල්පිටිය ප්‍රදේයේ ද පුද්ගල මරණයක් වාර්තා වෙයි. අර්ධ හානි නිවාස 1567ක් වාර්තා වන අතර පුර්ණ හානි නිවාස 57ක් වාර්තා වෙයි.  
     
    නගරයේ ගොඩනැගිලිවල වහළ කිහිපයකට හානි සිදුවී ඇති බවත් කඩිනමින් ඒවා පිළිසකර කරලීමටත්, පීඩාවට පත් පිරිස් වෙත කඩිනමින් වියළි සලාක ලබා දීමටත් ආපදා සහනසේවා ඒකකය කටයුතු සුදානම් කරමින් සිටි.  හානි වාර්තා වෙමින් පවතින අතර මේ වන විට ගාල්ල නගරය ආශ්‍රිතව තරමක් සුලං සහිත වර්ෂාවක් පතිත වෙමින් පවති. එමෙනේම හානියට පත් නිවාස සඳහා ඉදිරියේ දී කඩිනමින් වන්දි ආධාර ලබා දීමේ කටයුතු ද, මේ වනවිට ගණනය වෙමින් පවති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya