අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ලබාගන්නා 4 දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගියෙක් විය හැකිය

    නොවැම්බර් 13, 2017

    ණය ලබාගන්නා පුද්ගලයින් හතරදෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගියකු වියහැකි බව, කැකිරාව දිසා රෝහලේ මනෝ වෛද්‍ය අසිත කෝසල මහතා පවසයි. 

    විශේෂයෙන්ම ණය ලබාගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙකු තමා ණය ලබාගන්නේ ඇයි ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නොමැති බවද ඒ මහතා පැවසී ය. සාර්ථක ජීවිතයක් පවත්වා ගැනීම සඳහා වර්තමාන සමාජයේ ජනතාවට මනෝ විද්‍යා උපදේශනය අත්‍යවශ්‍ය කාර්යයකි.

     

    ඒ අනුව ආතතිය කළමනාකරණය හා වැඩ පරිසරය මනාව පවත්වා ගැනිම යන්න තේමා කරගනිමින් විශේෂ මනෝ විද්‍යා  වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණී.

     

    සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර  දිස්ත්‍රික් මනෝ විද්‍යා උපදේශක ගාමිණි රත්නායක මහතා විසින් මෙය සංවිධානය කර ඇත.

     

    මේ අවස්ථාවට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්.වන්නිනායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ යන මහත්වරුන් ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya