අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ සුනාමි පෙරහුරු වැඩසටහන වත්තල හා මීගමුවේදී

    නොවැම්බර් 02, 2017

    සුනාමි අවධානමකට සාර්කව මුහුණදීමේ අරමුණින් යුතු ව සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ පෙරහුරු වැඩසටහනක් මෙම මස 05 වන ඉරු දින මීගමුව සහ වත්තල ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයන්හි සිදු කෙරෙන  බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.

    මෙම වැඩසටහන ලබන 05 වන දින පස්වරු 2.05ට මීගමුව කොට්ඨාසයේ පෝරුතොට පිහිටි සුනාමි කුළුණට අයත් කම්මල්තර ග්‍රාම නිලධාරී වසමේ, බසියාවත්ත කුළුණ යටතේ දකුණු පිටිපන වසමේ,   ශාන්ත ස්ටීවන් දේවස්ථාන කුළුණ යටතේ මුන්නක්කරය උතුර වසමේ, දොන් බොස්කෝ දේවස්ථානය කුළුණ යටතේ දුන්ගාල්පිටිය වසමේ ද වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රීතිපුර ළමා නිවාස සුනාමි කුළුණ යටතේ පල්ලිය වත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ ද සිදු කිරීමට නියමිතය.

    එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02හි ඉදිකර ඇති සුනාමි කුළුණු 05 ආශ්‍රිතව මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂිකා එන්.එස්. විතානගේ මහත්මිය ප්‍රකාශ කළාය.

    මෙම පෙරහුරු වැඩසටහනේදී සුනාමි කුළුණු මගින් පූර්ව අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කර ඒ අනුව අවදානම් ප්‍රජාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ පෙරහුරුවක් සිදු කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙන බවත්  මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගනිමින් ඊට විසඳුම් ලබාදීම පිණිස පසු විපරමක් සිදු කිරීම මෙහි අරමුණ වන බව ද සහකාර අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya