අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබාවේ හිටපු නායක අභාවප්‍රාප්ත ෆිදෙල් කස්ත්‍රෝ මහතා වෙනුවෙන් මැති ඇමැති සෝව පළවෙයි

    දෙසැම්බර් 01, 2016

    කියුබාවේ හිටපු නායක අභාවප්‍රාප්ත ෆිදෙල් කස්ත්‍රෝ මහතාගේ අභාවය වෙනුවෙන් අද (01) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තැබෙන අවස්ථවේ ශෝක යෝජනාවක් විවාදයට ගැණුනු අතර එහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු මෙසේ අඳහස් දැක්වීය.

     

     

    මේ ශතවර්ෂයේ ඉපදුණු මානව හිතවාදයෙකු සම්බන්ධයෙන් අපේ ශෝකය පකරනවා.

    හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ මහතා-

     

    මේ ශතවර්ෂයේ ඉපදුණු මානව හිතවාදයෙකු සම්බන්ධයෙන් අපේ ශෝකය පකරනවා. දෙරට අතර හොඳ මිතුදමක් තිබුණා. ජාත්‍යන්තර සමුළුවල දී හැමවිටම ශ්‍රී ලංකාවට සහාය දුන්නා. කියුබාව ලබා තිබෙන දියුණුව අද වනවිට ඉහළම මට්ටමක තිබෙනවා. ඒ ලබාගත් ජයග්‍රහණ කියුබාවට පමණක් සීමා නොවී දියුණුවන රටවලට බෙදාදෙන්නට ඔවුන් කිසිවිටෙක පසුබට වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අවස්ථාවක එරට වෛද්‍යවරුන් පැමිණ කළ සේවය අමතක කරන්න බැහැ. අපේ සිසුන් විශාල පිරිසකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් දී තිබෙනවා. ඒ ෆිදෙස් කස්ත්‍රෝ මහතා ලබාගත් ජයග්‍රහණයක් වෙනවා. විශේෂ ශිෂ්‍යත්ව ලබාදෙන්නට පියවර ගැනීම සම්බන්ධයෙන් කෘතවේදී වියයුතු වෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී කියුබාවට එරෙහිව ඉදිරිපත් කළ ආර්ථික සම්බාධක පරාජය කරන්නට කටයුතු කිරීම ජයග්‍රහණයක්. කියුබාවේ ස්වෛරීත්වය වෙනුවෙන් ෆිදෙස් කස්ත්‍රෝ මහතා කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයයි. සියලු රටවල් ඒ ජයග්‍රහණය සම්බන්ධයෙන් අධ්‍යයනය කළයුතු වෙනවා. හැම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ මිතුරෙක් ලෙස ඔහු කළ සේවය මේ අවස්ථාවේ අගය කරන අතර ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් අපේ කණගාටුව පළකරනවා.

     

     

     

    කියුබානු ජනතාවට නව මාර්ගයක් විවෘත කර දුන්නා 

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා-

     

    කියුබාවේ හිටපු නායක අභාවප්‍රාප්ත ෆිදෙල් කස්ත්‍රෝ මහතාගේ අභාවය සම්බන්ධයේ  ශ්‍රී ලංකා ජනතාව සහ රජය මේ ශෝක ජනක අවස්ථාවේ දී එකතු වෙනවා. එතුමා දේශපාලන සංඛේතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කියුබානු දේශපාලන විප්ලවයේ විශේෂ පුද්ගලයෙක්. කියුබානු ජනතාවට නව මාර්ගයක් විවෘත කර දුන් පුද්ගලයෙක්. කියුබාව සංවර්ධනයට අභියෝග මධ්‍යයේ ජනතාව සමඟ කටයුතු කළා. මානව සම්පත් සංවර්ධනයෙන් දුරට ගමන් කර තිබෙනවා. අපට තාක්ෂණික සහාය ලබාදී තිබෙනවා. සමජ සංවර්ධනය සම්බන්ධයෙන් ඉහළ තත්ත්වයක පවතිනවා. සුනාමිය අවස්ථාවේ දී කියුබානු වෛද්‍යවරු අපට සහාය ලබාදුන්නා.

     

     

    තම රට අධිරාජ්‍යවාදයෙන් බේරා ගන්නට පියවර ගත්තා

    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා-  

     

    ෆිදෙස් කස්ත්‍රෝ මහතා තම රට අධිරාජ්‍යවාදයෙන් බේරා ගන්නට පියවර ගත්තා. නිදහස් රටක් බිහිකරන්න කටයුතු කළ නායකයෙක්. ඒ මහතාගේ නායකත්වය යටතේ කියුබානු ජනතාව විශාල පිබිදීමකට ලක්වුණා. කියාබානු නායකයා වශයෙන් අපේ ශෝකය පළකරනවා. ඒ මහතාගේ සේවය අපේ රටටත් කිසිදා අමතක වන්නේ නැහැ. කියුබානු විප්ලවය සමස්ත ලෝකයටම ආදර්ශයක් වෙනවා.    

     

     

    කියුබානු ජනතාව මහත් ඉහළින් ෆිදෙස් කස්ත්‍රෝ මහතාට ගෞරව කරනවා

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා-  

     

    දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව මම ස්ථිර කරනවා. කියුබාවේ උපත ලද ෆිදෙස් කස්ත්‍රෝ මහතා නීති ශිෂ්‍යයෙක් ලෙස හවානා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. මාක්ස් ලෙනින් වාදය, සෝවියට් දේශය ප්‍රමුඛ රටවල ආභාෂය සමඟින් විප්ලව සටනට ඒ මහතා පෙළඹුනා. ඒ අවසානයේ ඒ මහතා වසර 15ක සිර දඩුවමකට නියම වුණත් වසර දෙකකින් පසුව චේ ගුවේරා සමඟ එක්ව විප්ලවකාරීන් 82ක් සමඟ යළි කියුබාවට එනවිට ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී ඔහුට හානියක් සිදුවුණේ නැහැ. ඒ මහතා ඉතා දුෂ්කර ජීවිතයක් ගතකළා. කියුබාවේ හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළා. පාසැල් 10,000ට වැඩි ප්‍රමාණයක් ආරම්භ කොට අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දී තිබෙනවා.   ලතින් ඇමෙරිකානු, අප්‍රිකානු, ආසියානු රටවල සමාජවාදී කඳවුර ශක්තිමත් කරන්න ෆිදෙස් කස්ත්‍රෝ මහතා කැපවී කටයුතු කළා. කියුබානු ජනතාව මහත් ඉහළින් ෆිදෙස් කස්ත්‍රෝ මහතාට ගෞරව කරනවා. ඒ මහතා සෑම අතින්ම ශ්‍රී ලංකාවට සහාය දුන්නා.  

     


     ෆිදෙස් කස්ත්‍රෝ මහතා ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ නායකයෙක්

    විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා-

     

    ෆිදෙස් කස්ත්‍රෝ මහතා ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ නායකයෙක්. ඒ මහතා එක්තරා අවස්ථාවක රටින් පිටුවහල් කළා. 1956 වසරේ දී ඒ මහතා යළි තම මවුබිමට පැමිණියා. පසු කාලෙක ඒ මහතා කියුබාවේ රාජ්‍ය නායකයා බවට පත්වුණා. ඒ මහතා රට වෙනුවෙන් මහත් ආදරයෙන් කටයුතු කළා. කියුබාවේ වැදගත් සිදුවීම් රැසක් ෆිදෙස් කස්ත්‍රෝ මහතාගේ පාලන කාලයේ දී සිදුව තිබෙනවා. කියුබාවේ සාක්ෂරතාවය සියයට 98 දක්වා ඉහළ නංවන්නට ඒ මහතාට හැකිවුණා. අද වනවිට ඉහළ සෞඛ්‍ය මට්ටමක් ඒ රටේ තිබෙනවා. ඒ වඟේම ජාතිවාදය රටින් ඉවත් කරන්නට ඒ මහතා පියවර ගත්තා. දිළිඳු ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා.  

     

     

    ෆිදෙස් කස්ත්‍රෝ මහතාගේ අරඟලය බොහෝ රටවල ඒකාධිපතිවාදය වෙනස් කරන්නට ඉවහල් වුණා

    නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා-  

     

    ලෝකයේ ඉතාම ඉහළ නායකයෙන් සම්බන්ධයෙන් අපි ශෝකය පළකරනවා. බොහෝ රටවල රැඩිකල් ප්‍රවේශයක් ආරම්භ වුණා. ෆිදෙස් කස්ත්‍රෝ මහතාගේ අරඟලය බොහෝ රටවල ඒකාධිපතිවාදය වෙනස් කරන්නට ඉවහල් වුණා. ඒ මහතාගේ නායකත්වය සහ ආදර්ශය ඒ වෙනුවෙන් වැදගත් වුණා. අපිට ඉතා ආකර්ෂණීය, ඉහළ නායකත්වයක් අහිමි වී තිබෙනවා. ඒ මහතා පලස්තීනයේ ඉතා කිට්ටු මිතුරෙක්. එතුමාගේ දර්ශනය, ඔහුගේ නායකත්ව සිද්ධාන්තයන් මුළු ලෝකයේම නායකයන් අතර කතාබහට ලක්වුණා. අධිරාජ්‍යවාදීන් විසින් කියුබාවට පනවන ලද සම්බාධක බාධාවක් කරගත්තේ නැහැ. 21 වැනි සියවසේ සමස්ත ලෝකයටම ආදර්ශයක් වු නායකයෙක් බව කියන්න කැමැතියි.

     

     

    අධිරාජ්‍යවාදීන්ගෙන් බැටකන ජනතාව පිළිබඳව අකලංක ප්‍රේමයකින් කටයුතු කළා

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා -

     

    ලෝක නායකයෙක් සම්බන්ධයෙන් අද අපි සාකච්ඡා කරනවා. ෆිදෙස් කස්ත්‍රෝ මහතා ලොව ශ්‍රේෂ්ඨතම මිනිසෙකු වන්නේ දේශපාලන නායකත්වය නිසා නොවේ. ඔහු ළඟ තමන්ටම ආවේණික ප්‍රතිපත්ති තිබුණා. ධෛර්යය සම්පන්නව කටයුතු කළා. අධිරාජ්‍යවාදීන්ගෙන් බැටකන ජනතාව පිළිබඳව අකලංක ප්‍රේමයකින් කටයුතු කළා. 1926 වසරේ දී ගොවිපලක ඉපැදුණු ෆිදෙස් කස්ත්‍රෝ මහතා ලෝකයේම පීඩාවට පත්වූ මිනිසුන්ගේ ආදරණීය පියෙකු බවට පත්වුණා. සතුරාට තදින් පහර දුන්නත් අවමන් නොකළ යුතු බවට ඒ මහතා ප්‍රකාශකර තිබෙනවා. කියුබාවේ කිසිඳු තැනෙක ෆිදෙස් කස්ත්‍රෝ මහතාගේ නම හෝ ඡායාරූප යොදා නැත. ජනප්‍රියත්වය පසෙකලා ජනතාව, රට වෙනුවෙන් ඒ මහතා සේවය කළා. කියුබානු ජනතාවට පමණක් නොව අධිරාජ්‍යවාදීන්ගේ පීඩාවට පත් සියලු රාජ්‍යයන් වෙනුවෙන් විශේෂ දායකත්වයක් ලබාදී තිබෙනවා.  

     

     

    මුළු ලෝකයටම තම අදහස ව්‍යාප්ත කරන්නට සමත් වුණා

    යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා -

     

    ෆිදෙස් කස්ත්‍රෝ මහතා කියුබාවේ නායකයා විතරක් නොවේ. මුළු ලෝකයටම තම අදහස ව්‍යාප්ත කරන්නට සමත් වුණා. ඒ විප්ලවය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වියයුතු වෙනවා. ෆිදෙස් කස්ත්‍රෝ, චේ ගුවේරා වැනි නායකයින් ලෝකයේම ගෞරවයට පාත්‍ර වුණා. ලෝක ජනතාවගේ යහළුවන් බවට ඔවුන් පත්වුණා.

     

     

     

    ෆිදෙස් කස්ත්‍රෝ මහතා ලොවටම ආදර්ශයක් දුන් නායකයෙක්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා -

     

    ෆිදෙස් කස්ත්‍රෝ මහතා ලෝක ආදර්ශයක් වන්නේ ලොව බලවත්ම රට ආසන්නයේ පිහිටි කියුබාව අධිරාජ්‍යවාදී බලාවේගයන්ට මුහුණ දෙමින් ලබාදුන් ජයග්‍රහණ හේතු කොටගෙනයි. ඒ මහතා සියයකට ආසන්න වාර සංඛ්‍යාවක දී මරා දමන්න එක්සත් ජනපදය උත්සාහ කළා. ෆිදෙස් කස්ත්‍රෝ මහතා ලොවටම ආදර්ශයක් දුන් නායකයෙක්. කොන්දේසි විරහිතව අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කළා. ප්‍රගිතිශීලී ආණ්ඩු වට්ටමන්න ඇතැමුන් කටයුතු කරන විට ඊට එරෙහිව කටයුතු කළා. ශ්‍රී ලංකාවට ඒ මහතා විශාල සහයෝඟයක් දෙනවා.  

     

    රට ගොඩනඟන්න ෆිදෙස් කස්ත්‍රෝ මහතා සාර්ථකව කටයුතු කර තිබෙනවා.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා-

     

    ෆිදෙස් කස්ත්‍රෝ මහතාගේ අභාවය කියුබාවට පමණක් නොව ලෝකයේ සෑම රටකටම පාඩුවක් බව කියන්න ඕන. මම අවුරුදු 14කට පෙර මහින්ද රාජපක්ෂ මහතා සමඟ කියුබාවට ගියා. ඒ රට විශාල දියුණුවක් ලබා තිබෙනවා. ඒ රට ගොඩනඟන්න ෆිදෙස් කස්ත්‍රෝ මහතා සාර්ථකව කටයුතු කර තිබෙනවා.

     

     

    ගුණධර්ම මත කියුබාව ගොඩනැඟී තිබෙනවා 
    පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා-

     

    ෆිදෙස් කස්ත්‍රෝ මහතාගේ මුළු ජීවිත කාලය පුරා උගන්වා තිබෙන පාඩම අපිට වැදගත්. අධිරාජ්‍යවාදයට විරුද්ධව ඉන්නේ නම් අපි ඉන්නේ හරි පැත්තේ බව ඔහු තම ජීවිතයෙන් උගන්වා තිබෙනවා. ගුණධර්ම මත කියුබාව ගොඩනැඟී තිබෙනවා.  

    ෆිදෙල් කස්ත්‍රෝ ශ්‍රේෂ්ඨ නායකයෙක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා-

     

    ෆිදෙල් කස්ත්‍රෝ ශ්‍රේෂ්ඨ නායකයෙක්. අධිරාජ්‍යවාදයට විරුධව කටයුතු කළා. අධිරාජ්‍යවාදී රටවල් අතර සිටිමින් ජාතීන් අතර සමඟිය පවත්වාගෙන කටයුතු කළා. කියුබානු ජාතියක් ගොඩනැඟුවා.අද කියුබාවේ ජාතීන් අතර සමඟිය ගොඩනැගුවා.

     

     

    කියුබානු ජනතාවට අතිශය ආදරය කළ නායකයෙක්
     ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා-

    ලෝකයේ විශිෂ්ඨ රාජ්‍ය නායකයෙක්.  කියුබානු ජනතාවට අතිශය ආදරය කළ නායකයෙක්. අපි එතුමාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරනවා. කියුබාවට වෙනසක් ඇති කරන්න අවශ්‍ය වුණා. මේ රට මානව දර්ශක වල ඉහළ ගියත් ගෝලීයකරණය කරන්න හැකි වුණේ නෑ. කොහොමද බලපෑමට යට නොවී ඉන්නේ කෙසේද කියා ලෝකයට  පෙන්නුවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya