අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශ්‍රී ලාල් ගෝමස් සමුගනී

    අගෝස්තු 11, 2016

    ජ්‍යෙෂ්ඨ පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වූ ශ්‍රී ලාල් ගෝමස් මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත විය.

    ලක්බිම හා දිවයින යන පුවත්පත්වල ඡායාරූප කර්තෘවරයා ලෙස සේවය කර ඇති ශ්‍රීලාල් ගෝමස් මහතා දිවංගත ගාමිණී දිසානායක මහතාගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසද රාජකාරී සිදු කර තිබේ.


    මිය යන විට ඒ මහතා වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකගේ මාධ්‍ය ‍ලේකම්වරයා සේවය  කළේය. ප්‍රවෘත්ති ඡායාරූප කලාවේ ප්‍රායෝගික ඉසව් සොයා ගීය පුවත්පත් ඡායාරූපශිල්පියෙකු ලෙස සිය සුවිශේෂී ඡායාරූප එකතුව රටට දායාද කළේ ය.
     
    තිදරු පියෙක් වූ ශ්‍රී ලාල් ගෝමස් මහතා මිය යන විට හැට එක්වැනි වියේ පසුවිය. දේහය මාකොළ, මාකොළ උතුර, ආසිරි මාවතේ, අංක 639/2 ඒ දරන නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු (13) පස්වරු 3.00ට සපුගස්කන්ද රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya