අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උ.පෙළ විභාගයේ ශාලාධිපතිවරුන්ට සහ සිසුන්ට උපදෙස් මාලාවක්

    ජූලි 31, 2016

    අ.පො.ස. (උ.පෙළ) විභාගය මධ්‍යස්ථාන 2,204කදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

    මෙම විභාගය සඳහා අයදුම්රුවන් 315,605ක් පෙනී සිටින අතර ඉන් 240,991ක් පාසල් අයදුම්කරුවන් වන අතර 74,614ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.


    විභාග පරිපාලනය සඳහා දිවයින පුරා 27,500ක කාර්ය මණ්ඩලයක් යොදා තිබේ. මෙම විභාගය අගෝස්තු 2 වැනි දා සිට 27 දක්වා පැවැත් වේ.

    විභාගය පෙරවරු 8.30 ආරම්භ වන අතර පෙ.ව.8.00ට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු ය.

    එසේම පැමිණෙන විට විභාග ප්‍රවේශපත්‍ර‍, ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍ර‍ අනිවාර්යයෙන් රැගෙන යා යුතුය. විභාගයට පැමිණීමට පෙර කල් වේලා ඇති ව ප්‍රවේශ පත්‍ර‍ හොඳින් පරීක්ෂා කළ යුතු අතර තමා ඉල්ලුම් කරන විෂයයන්, මාධ්‍යය සහ අත්සන සහතික කිරීම ආදි වැදගත් කරුණු පිළිබඳව හොඳින් පරීක්ෂා කළ යුතුය. යම් වෙනසක් ඇත්නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දූරකතන අංකවලට දැනුම් දිය යුතුය.

    එසේම මෙවර විභාගයේදී අයදුම්කරුන් විසින් ස්මාට් අත් ඔරලෝසු, ජංගම දූරකතන සහා විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදු කරන්නේ ද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කොට ඇති අතර එම අයදුම්කරවන්ට වසර 5කට විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන සියලුම විභාග සඳහා පෙනී සිටීම තහනම් කරනු ලබන අතර මෙවර විභාගයේ ප්‍ර‍්‍ර‍තිඵල  ද අවලංගු කිරීමට කටුතු කරනු ලැබේ.

    විභාග පවත්වනු ලබන අවස්ථාවේදී බාහිර පාර්ශයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදු වන්නේ නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුට සහ පොලීස් මූලස්ථානයට දැනුම් දීමට සියලු උපදෙස් ශාලාධිපතිවරුන්ට වෙත ලබා දී ඇත.

    විභාග ශාලාව තුළ කිසියම් විභාග වංචාවක් සිදු වන්නේ නම් ඒ බව විභාග අපේක්ෂකයන්ට සහ දෙමාපියන්ට ද විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැකිය.

    සෑම පැමිණිල්ලක් පිළිබඳව ම සොයා බැලීම සඳහා විමර්ශන කන්ඩායම් සූදානමින් සිටින අතර විභාග අධීක්ෂණ කණ්ඩායම් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතුළුව දිවයිනේ සෑම පළාතක් සඳහා ම යැවීමට කටයුතු සැලසුම් කර තිබේ.

    මෙම විභාගය සම්බන්ධයෙන් විමසීමක් කිරීම සහ පැමිණිලි කිරීම සඳහා පහත සඳහන් දූරකතන අංකවලට ඇමතීමට කටයුතු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    විභාග දෙපාර්තමේන්තුව- 1911
    පාසල් විභාග සංවිධාන ශාඛාව- 0112784208/0112784537/0113188350/0113140314
    පොලිස් මූලස්ථානය 0112421111
    පොලිස් හදිසි ඇමතුම් අංකය- 119

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya