මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල ගොඩනංවාලීමට රජයේ ඉහළම දායකත්වය

    ජූනි 14, 2016
    කෑගල්ල  දිස්ත්‍රික්කයට බලපෑ නායයෑම් හා ගංවතුර ආපදා තත්වය හමුවේ රජයේ මැදිහත්වීම ඉහළ තත්වයක පැවතිණි.
    විශේෂයෙන්  දෙහිඹ්විට,  බුලත්කොහුපිටිය නාය යැම් වලින් ආරම්භ වු කෑගල්ල දිස්ත්‍රික් නාය යෑම වඩාත් බරපතල ලෙස දක්නට ලැබුනේ ආරනායක සාමසර කන්ද නාය යෑමත් සමගය. 
     
    බොහෝ දෙනෙක් මේ පිළිබදව විග්‍රහ කරනු ලබන්නේ 2004 වර්ෂයේ සුනාමි ව්‍යවසනයට පසුව ශ්‍රි  ලංකාව මුහුණ දුන් බරපතලම ව්‍යවසනය අරනායක සිද්ධිය බවයි. 
    2016.05.17 සවස 4 ට පමණ අරනායක සාමසර කන්ද නාය යැම ආරම්භ වු බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වාර්තාවන විටත් දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම  වනසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදිරියේදී ඇතිවන අපදා වැලැක්විම පිළිබදව සාකච්ඡාවක් පවත්වමින් තිබිණි. 
     
    මේ පිළිබදව අදහස් දැක්වු අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික්  සහකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජගත් මහතා සිද්ධිය ආරංචි විමත් සමගම හමුදාව පොලිසිය ඇතුළු සහන කණ්ඩායම් සියල්ල සාමසර කන්ද අසලට පැමිණියා. නමුත් දැඩි අදුරත් , අයහපත් කාලගුණ තත්වයත් නිසා බේරා ගැනීම් කටයුතු වලට යම් බාධාවක් ඇති වුවත් ඒවා මැඩගෙන අප කටයුතු කරනු ලැබුවා. මේ අවස්ථාවට දේශපාලන නායකත්වයද සහභාගීවී සිටි අතර මෙම ව්‍යවසනය පිළිබදව ජනාධිපතිතුමන් , අගමැතිතුමන් විටින් විට තොරතුරු ලබා ගැනීම සිදු  කරමින් සහන කටයුතු ක්‍රියාත්මක කිරිම පිළිබද අමාත්‍යවරුන් සමග සහ නිලධාරීන් සමග  නිරන්තර සාකච්ඡා කරන ලදී. 
     
    නාය යෑමෙන් අපදාවට ලක් වු අරනායක කොට්ඨාසයේ ජන ජීවිතය ගොඩ නැංවීමේ කටයුතු පිළිබදව සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අරනායකට පැමිණිම  ජනතාවට විශාල ධෛර්යක් විය. එසේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද වරක් ගුවනින්ද  පසුව විපතට පත් වුවන් හමුවටද පැමිණ ජන ජිවිතය නංවාලීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දුන් අතර විපතට පත් ජනතාවගේ සියළුම අවශ්‍යතාවයන් සොයා බැලුහ. 
     
    විශේෂයෙන්ම අරනායක ජන ජිවිතය තිබු තත්වයටත් වඩා උඩට ඔසවා තැබීමට රජයේ වැඩ පිළිවෙල යථාර්තයක් බවට පත් කිරිමට රජයේ මැති ඇමතිතුමන්ලාගේ දායකත්වය ඉතා විශාලය. එසේම මේ පිළිබදව සබරගමුව පළාත් සභාවද තම ඉහල දායකත්වය මේ සදහා ලබා දීම ජනතාවගේ ධෛර්යට හේතු   විය.  
     
    ආපදා කළමනාකරණ අමාත්‍යාංශය , ආපදාව සිදුවු අවස්ථාවේ සිට අමාත්‍ය අනුරප්‍රිය දර්ශන යාපා මහතාගේ  මග පෙන්වීම යටතේ  විවිධ වැඩ සටහන් අරනායක තුළත් අනෙක් කොට්ඨාස තුළත් ක්‍රියාත්මක කරමින් පවති.
    පසුගිය 29 වන දින අරනායක ප්‍රදේශයේ  සංචාරය කිරිමෙන් පසුව  අරනායක ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ ආපදාවෙන් පිඩාවට පත් අරනායක ජනතාව වෙනුවෙන් අළුතින් නිවාස 1000 ක් සාදා දිමට රජය කටයුතු කරන බවය. 
     
    මේ පිළිබදව අදහස් දැක් වු කෑගල්ල  දිස්ත්‍රික් ලේකම්  ඩබ්ලිව් . එම්. අබේවික්‍රම වනසුරිය මහතා අරනායක ප්‍රදේශයේ නාය යැම සිද්ධියත් සමගම එම ජනතාවට සහන සැලසීමට  රජයේ දායකත්වය ඉතා විශාලය. විශේෂයෙන් ජනාධිපතිතුමන්, අගමැතිතුමන් අදාල ප්‍රදේශ වලට පැමිණ ජනතාවගේ අවශ්‍යතාවයන් හදුනාගෙන අවශ්‍ය උපරිම පහසුකම් සැපයීමට උපදෙස් දුන්නා.  විශේෂයෙන්  දිස්ත්‍රික් දේශපාලන නායකත්වයත් , ආපදා කළමණාකරන හා නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය මගින් සුවිසල් ක්‍රියාවලිය  අරනායක ජන ජිවිතය යලි ගොඩ නැංවීමට ආරම්භ කර තිබීමත් මෙහිදි සදහන් කල යුතු බවද දිස්ත්‍රික්  ලේකම් වරයා පවසයි.
    ආපදාවෙන් හානියට පත් කෑගල්ල ජන ජිවිතය ගොඩ නංවා ලීමට රජයේ දායකත්වය හා කැපවීම දිස්ත්‍රික් ජනතාවට මහත් ශක්තියකි.
     
    -තිලකරත්න ලියන පටබැදි
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya