දෙසැම්බර් 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධාර්මික ගොවිතැනින්- නිරෝගී ජනතාවක්

    මැයි 14, 2016

    වත්මන් සම්මුතිවාදී රජය මගින් ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් අතර “ධාර්මික ගොවිතැනික්- නීරෝගි ජනතාවක් ”තුළින් “වස විස නැති රටක්”ගොඩ නංවාලීමේ කටයුත්ත ඉතාමත් සුබවාදී ලෙස රටපුරා ක්‍රියාත්මක වීම ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයකි.

    ජනාධිපති කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යාංශයයේ සෘජු දායකත්වය යටතේ මෙම වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කෙරේ.farmer 3

    මව්බිම සුවපත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වස විස නැති රටක් ජාතික වැඩසටහන ප්‍රධාන සංරචක 10ක් යටතේ සැලසුම් කර තිබේ. විශේෂයෙන් මේ සැලැස්ම අංශ කිපයක් යටතේ ගොනුගත කර ඇත. කෘෂි කර්මාන්තය, වැවිලි, වාරිමාර්ග, ඉඩම්, සෞඛ්‍ය , සමාජ සවිබල , වාණිජ හා කර්මාන්ත, ග්‍රාමීය කර්මාන්ත, තාක්ෂණ හා පර්යේෂණ, මුදල් ආදී ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් මෙම ජාතික සැලැස්ම සකසා තිබේ.

    farmer 2මෙම දස විධ සැලැස්ම යටතේ වස විස නැති පළිබෝධ පාලනය, වස විස නැති ගොවිබිම සරු කරන පොහොර භාවිතය, විධිමත් ජල සම්පාදනය, තිරසාර ගොවිතැනට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම් , සැකසීම් හා ගබඩා කිරීම් පහසුකම් ඇති කිරීම්, ආහාර ප්‍රවාහනය සුරක්ෂිතව සිදු කිරීම හා ස්ථීර වෙළෙඳපොළක් ඇති කිරීම, ගොවින්ට ඉඩම් ලබාදීම ආදිය සැලසුම් කර ඇත. මෙයට අමතරව ජෛව විවිධත්වය ආශ්‍රිත බුද්ධිමය දේපොල හිමිකම් සුරුකෙන වැඩසටහනක්, සුරක්ෂිත ආහාර පරිහරණ රටාවක්, ස්වභාවික ගොවිතැන පිළිබඳව විධිමත් පරියේෂණ හා කුසලතා වර්ධන වැඩසටහනක් සැලසුම් අතර වේ.

    වස විස නැති රටක් - ධාර්මික ගොවිතැනක් , නීරෝගි ජනතාවක් ගොඩනැංවීමේ ජාතික වැඩ සටහනේ ඉලක්ක රැසක් ගොනුගත වී ඇත.

    1 වස විස නැති ආහාර මිල අඩු වීම
    2 මෙහි අස්වැන්න වැඩි වීම
    3 අඩු ශ්‍රමයක් තුළින් වැඩි ඵලදාවක් ලැබීම
    මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම තුළින් අපේක්ෂිත ඉලක්ක වේ.

    මේ තුළින් ශ්‍රී ලාංකික සමස්ත ගොවි ජනතාවම සවිබල ගැන්වීම රජයේ ප්‍රධාන අරමුණ වේ. විශේෂයෙන් කාබනික පොහොර යොදා කරන වගාව පිළිබඳව ගොඩ නැගී ඇති දුර්මත සියල්ල මේ තුළින් සේදී යනු ඇත. වත්මන් රජය ඉතාමත් සුබදායී ඉලක්ක යටතේ සැලසුම් කර ඇති මෙම ජාතික වැඩසටහන ශ්‍රී ලංකාව තුළ රන් අකුරින් ලියවෙන වැඩසටහනක් වී හමාරය.


    තිලකරක්න ලියනපටබැදී
    ප්‍රවෘත්ති නිලධාරී- කෑගල්ල

    (මේ පිළිබඳ ව කෑගල්ලේදී පැවති වැඩසටහනක් හා මුද්‍රිත ප්‍රකාශ ඇසුරින් සකසන ලදී.)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya