එබදු අතීත ආවර්ජනයක් පසුගියදා අනුරාධපුරයේ දී නිමාවිය. ඒ නම් අනුරාධපුර සිවිල් පරිපාලනයේ 180 වස් සැමරුමයි. වර්ෂ 1835 න් පටන් ගෙන 2015 වර්ෂය දක්වා පැමිණි ගමනේ දී අනුරාධපුර පරිපාලන ඉතිහාසයට සුවිශේෂි සාධක රැසක් එකතු වී ඇත. එම ඉතිහාසයේ සන්ධිස්ථාන කිහිපයක් සිහිපත් කිරිම වටී. යටත් විජිත සමයේ දී උප ඒජන්ත මැගාස්කිල්ගෙන් පටන් ගත් සිවිල් පරිපාලනය තුල මේ දක්වා ඒජන්තවරු , දිසාපති වරු 72 දෙදෙනෙකු අනුරාධපුර පරිපාලනයට සම්බන්ධ වී තිබේ.
එයට ශ්‍රී ලාංකික ඒජන්ත වරයෙකු මුලින්ම පත්වන්නේ 1831 වසරේ දී. ඒ සී .එල් .වික්‍රමසිංහ මහතායි. ඔහු වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සීයා ය. 1833 සිට 1873 දක්වා කාලය අනුරාධපුරය ( නුවරකලාවිය ) පාලනය වී ඇත්තේ උතුරු පලාතෙනි. පසුව 1873 දී උතුරුමැද පලාත ලෙස වෙනම පලාතකට අනුරාධපුරය එකතුකර පාලනය කළේ ය. උතුරුමැද පලාතේ ප්‍රථම ඒජන්ත වරයා වුයේ ජේ.එෆ් . ඩික්සන් මහතායි. එවකට අනුරාධපුරය ඉතා සාමකාමී ජනපිරිසක් සිටි පෙදෙසක් බව ඉංග්‍රීසීන් විසින් ම හදුන්වා දී තිබේ. මීට අමතරව තවත් බොහෝ විවිධතා අනුරාධපුරය පරිපාලනයට එකතු වී ඇත.
එකසිය අසූවන වියට පා තබා ඇති අනුරාධපුර පරිපාලනයේ ඉතිහාසය සැමරීමේ උත්සවය මතුපිටින් කළ සැරසිල්ලක් නොවීය. උළෙල නම් කර තිබුණේ “ ඉසිඹු නිල සමර ,, ලෙසයි. එය අතීත ස්මරණයත් සමග කළ ගුණ සැලකීමේ ගුණය ද හෘදයාංගමව ඉස්මතු වු උත්සවයක් බව අවිවාදයෙන්ම සදහන් කළ යුතුයි . දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල සේවයේ නියුතුව විශ්‍රාම ගොස් දැනට සුජීවත්ව සිටින නිලධාරීන් පනස් දෙනෙකු කැදවා ඔවුන්ට උපහාර පිදීම මෙහිදී සිදුවිය. උසස් නිලධාරීන් පමණක් නොව කාර්යාල සේවකයා දක්වා වන සෑම තරාතිරමකම පුද්ගලයින් ඊට ඇතුලත්ව සිටියෙන් , උත්සවයේ අරමුණ තවත් ප්‍රාණවත් විණි. සැවොම විවිධ නිලයන් දරමින් කරණ ලද සේවය සමව ඇගයී ය. තමා සේවයට පැමිණි මුල්ම දිනයේ සිට විශ්‍රාම යන දිනය දක්වා තමන් කළ කී දෑ යලිදු සිහිපත් කිරිමට ලබාදුන් අවස්ථාව පිලිබදව ඔවුන් සිටියේ ඉමහත් ප්‍රබෝධයෙනි. එය ඔවුන්ගේ අදහස් උදහස් වලින්ම තහවුරු විය. වැදල ගැනීම් , සිනා පිරි කතා බහ, සතුටු කදුළු මෙම උත්සවයේ හිග නොවී ය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය මාණ්ඩලික නිලධාරී සංසදය මෙම උත්සවයේ බර කරට ගත් කණ්ඩායම යි. විශ්‍රාමික පිරිස් සිටින තැන් සොයා ගැනිම ,ඔවුන් කැදවාගෙන ඒම ,ආදිය විශාල අභියෝගයක් විය. එහෙත් අවසානයේ සිතු ලෙස සියල්ල සාර්ථකව නිමාවිය. ලොකු පුටු වල සිටින නිලධාරින් පුටු රත්කිරිම පමණක් කරන්නේ යැයි කියන සමයෙක , ලිපි ලේඛන වලට අත්සන් දැමිම පමණක් කරන්නේ යැයි කියන සමයෙක , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහා නිලධාරීන් සිදුකළ මෙම ක්‍රියාව ඉමහත් ආදර්ශයකි. බර කාර්යයේ සිට සරල කාර්ය දක්වා සියලු කටයුතු සදහා වන සුදානම අපට සියැසින් දැකීමට හැකිවිය. අතිරේක දිසාපතිවරු හා මාණ්ඩලික මට්ටමේ නිලධාරීහූ සැහැල්ලුවෙන් හා උනන්දුවෙන් , ඉදල අතට ගත්හ, මිදුල ඇමදූහ. තොරණ සදන සහකාර අධ්‍යක්ෂවරු , වතුර ඉසින ඉඩම් නිලධාරීන් , කෑම මෙස පිළියෙළ කරන ගණකාධිකාරීවරු , පුටු සූදානම් කරන අධ්‍යක්ෂවරු මෙන්ම තවත් නොකියැවුණු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බොහෝ ඉහළ නිලධාරීන් ආදර්ශ අලුත් කළහ.
අනුරාධපුර පරිපාලන ඉතිහාසයට හා එහි වැදගත් සන්දිස්ථාන පිළිබදව අනාගතයේ දී කියවන පිරිස් වලට කියවිය හැකි තවත් උත්සවයක් ලෙස මෙය පැහැදිලිව අතීතයට එකතුවනු නියතය. කළ ගුණ සැලකීම අධ්‍යාත්මයේ ගැඹුරු පසක් කරන්නකි. එය අඩු නැතිව මැනවින්ම ඉටු කළ උත්සවයකි, “ ඉසිඹු නිළ සමර “ උළෙල. මෙම උළෙල තවත් ගාම්භිර කිරිමට සමත් වුයේ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය යි. ඊට අමාත්‍යංශ ලේකම්වරයාද එක්විය. ඔවුන්ගේ පැමිණිමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ මුවින් ගිලිහුනේ ම සුබවාදි කරුණුය. එය එතුමා මෙම උත්සවය අරඹයා අනුරාධපුරයට පැමිණි ගමනේ තෘප්තිය පෙන්නුම් කිරිමකි. අතිශයෝක්තියෙන් වර්ණනා කිරිමට උවමනා නැත. සෑම කටයුත්තක්ම සාර්ථකව සිදුව තිබේ.
මෙය මුළු රටේම රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක් , ඒ නිසා එය රට පුරා ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය දැනුවත් කිරීම කළ යුතුයි. ආදී වදන් අමාත්‍යවරයාගේ මුවට නිරායාසයෙන් ගලා ආහ. අනුරාධපුර දිස්ත්‍රික් පරිපාලනයට වසර 180 ක් පිරෙන දිනයේ සිදුකළ මෙම අර්ථවත් ක්‍රියාදාමය තුලින් වත්මන් දිස්ත්‍රික් ලේකම්වරයා රටටම ආදර්ශයක් ළගාකල වගට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නොපැකිළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය සමරු පොතෙහි සටහන් තැබීය. එය ඉතිහාසයට එකතු වන තවත් සන්ධිස්ථානයකි.
යහපත් යමක් කළ විට එයින් යහපත් ප්‍රතිඵල ද ලැබේ. එයද ඒ මොහොතේම පසක් විය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා විසින් පිලීගැනිමේ කතාව කරන මොහොතේ අමාත්‍යවරයාගෙන් යම් ඉල්ලීමක් ද කරන ලදී. ඒ නම් 1956 වර්ෂයේ ඉදිකර ඇති දැනට පවතින දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලයී ය ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් හැකි ඉක්මනින් අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබාදෙන ලෙසයි. ගොඩනැගිල්ලේ තත්ත්වය ද අමාත්‍යවරයාට සියැසින් දකින්නට හැකිවිය. ගැලවීම සදහා කරන පොරොන්දුවක් ලෙස නොව ස්ථිර විශ්වසනීය පොරොන්දුවක් ලෙස අමාත්‍යවරයා කියා සිටියේ දැනට සිටින දිසාපතිවරයා විශ්‍රාම යාමට ප්‍රථම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම ආරම්භ කරන බවයි.
වත්මන් දිස්ත්‍රික්ලේකම්වරයාට විශ්‍රාම යාමට ඇත්තේ තවත් වසරක කාලයක් පමණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් ඇමතූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා අනුරාධපුර පරිපාලන ඉතිහාසය හා අග්‍රාමාත්‍යවරයාට ඇති සම්බන්ධය පැහැදිලි කළේ ය. අනුරාධපුර ප්‍රථම සිංහල ඒජන්තවරයා හැටියට ඉදල තියෙන්නේ ඔබතුමාගේ සීයා ... ආදි වශයෙන් කරුණු පැහැදිලි කර නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. එකෙනෙහිම අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබුණේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉතා කඩිනමින් නව සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම ආරම්භ කරන ලෙසයි. ඒ සදහා ලක්ෂ 5,000 ක මුදලක් වෙන් කරන බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. පුද්ගලයින් 1500 කට රැදි සිටිය හැකි විශාල ශ්‍රවණාගාරයක් ද මෙම ඉදිකිරිමට සම්බන්ධය. ඉදි කළ පසුව එය අනුරාධපුරයේ ඇති විශාලතම ශ්‍රවණාගාරයයි.
අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම් වරයා ප්‍රමුඛව විශ්‍රාමිකයිනට උපහාර තිළිණ ප්‍රධානය කළ අතර දිස්ත්‍රික්ලේකම්වරයා විසින් වජිර අබේවර්ධන අමාත්‍යවරයාටත් , උත්සවයට එක්වු චන්ද්‍රානී බණ්ඩාර අමාත්‍යවරියටත්, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරයාටත් සිහිවටන ප්‍රධානය කළේ ය. මෙයද ඔවුන් නොසිතු ක්‍රියාවක් විය. අන් අයට සාප නොකර , තමන්ගේ රාජකාරි නිසි ලෙස කිරිම පිලිබදව කරුණු අවධාරණය කිරීමට ද ස්වදේශ කටයුතු අමාත්‍යරයා අමතක කලේ නැහැ. රාජ්‍ය සේවකයින් එක තැන කාලයක් තිස්සේ අතෘප්තියෙන් සිය රාජකාරි සිදු නොකර සුදුසු තැනකට කැමැත්තෙන්ම යා යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
එමෙන්ම වැඩ කිරිමට බිය නොවන ලෙස ද අමාත්‍යවරයා කියා සිටියා. වැඩ කරන රාජ්‍ය සේවකයාට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව අමාත්‍යවරයා කීම හෘදසාක්ෂියට අනුව පැහැදිලිව යම් සේවයක් සිදුකරන රාජ්‍ය සේවකයිනට ඉමහත් ශක්තියකි.
ඉසිඹු නිල සමර උළෙලේ දී පැමිණි විශ්‍රාමිකයින් රස ගැන්වීමට නැටුම් , ගැයුම් ද ගැලපෙන පරදි පෙළ ගස්වා තිබුණි. නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරින් එක්ව රග දැක්වු වීදි නාට්‍ය එහිදි කැපි පෙණිනි. එය අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීයයන්ගේ කොතරම් සිත් ගත්තේ ද යත් එම විදි නාට්‍ය රග දැක්වීමට කොළඹට පැමිණෙන ලෙස ද අමාත්‍යවරයා ඔවුන්ට ආරාධනා කළ අතර එම පිරිස සමග සමුහ ඡායාරූපයකට ද පෙණි සිටියේය.
කළ ගුණ දන්නා ජනතාවකට අනුරාධපුරය අතීතයේ සිටම නෑකම් කියයි. මේ එය යලිත් සමාජය තුල සටහන් වූ අවස්ථාවකි. රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමට හැකි සුවිශේෂි පිරිසක් අනුරාධපුරය තුල සිටින බව පසුගිය මාර්තු විසිපස් වනදා මුළු ශ්‍රී ලංකාවටම ඔප්පු කළේ ය. මේ නිසා ඉදිරියට ලියැවෙන අනුරාධපුර පරිපාලන ඉතිහාසය තුල පරිපාලන ඉතිහාසය සිහි කරමින් සිදුකළ මෙම “ඉසිඹු නිල සමර,, උළෙල පිලිබදව ද ලියැවිය යුතුමය.
ෂෙල්ටන් බණ්ඩාර
අනුරාධපුරය