අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කරදෙමින් ඉරාන- ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සැසිය අවසන් වේ.

    පෙබරවාරි 26, 2016
    ශ්‍රී ලංකා - ඉරාන ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමේ 11 වන සැසිවාරය ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර දෙමින් පසුගියදා කොළඹදි අවසන් විය.
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය , විදේශ කටයුතු අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා පෝෂණ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, පෙට්‍රෝලියම් වායු අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණික කටයුතු අමාත්‍යාංශය, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ රැසක් හා අපනයන සංවර්ධන මණ්ඩලය, BOI, තේ මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි රාජ්‍ය ආයතන රැසක් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර ඉරානය නියෝජනය කරමින් ඉරාන බලශක්ති අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, තෙල් අමාත්‍යාංශය, අපනයන සංවර්ධන බැංකුව, අපනයන සහතික පදනම, වෙළඳ ප්‍රවර්ධන සංගමය, ඉරාන මහ බැංකුව ඇතුඵව ඉරානයේ ප්‍රධාන අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන රැසක් සහභාගි විය. ඉරාන දුත පිරිසේ නායකත්වය ඉරාන බලශක්ති අමාත්‍ය හමීඩ් චිට්චාන් (Hamid Chitchian) විසින් දරන ලදී.
     
    1987 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා - ඉරාන ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසම දෙරට අතර වෙළඳ හා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට ඉතා විශාල දායකත්වයක් ලබා දෙයි. ඊයේ පවත්වන ලද 11 වන සැසිවාරයේදී දෙරටටම බලපාන වැදගත් කරුණු රාශියක් සාකච්ඡාවට ලක්කළ අතර දෙරට අතර ද්වීපාර්ශක ගනුදෙනු වලදී ඇතිවූ ගැටඵ රැසක්ද විසඳා ගැනීමට සමත්විය.
     
     
     
    මෙවර සැසිවාරයේදී දෙරට අතර ද්වීපාර්ශික වෙළඳාම ඉහළ නැංවීම, රේගු කටයුතු පවත්වාගෙන යාම, අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශණ සඳහා සහභාගීත්වය, කුඩා හා මධ්‍ය  පරිමාණ කර්මාන්ත සංවර්ධනය , ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉරාන සහය ලබා ගැනීම, ආයෝජන පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රවාහන කටයුතු සංවර්ධනය , ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් ලබාගැනීම, කර්මාන්ත සඳහා තාක්ෂණික සහයෝගීතාව හුවමාරු කරගැනීම ඇතුඵ වැදගත් කරුණු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.  අමාත්‍ය මට්ටමින් පැවති මෙම සාකච්ඡා වලදී ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක් සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉරානය එකඟත්වය පළකළ අතර , ඇඟලුම් හා මෝස්තර නිර්මාණ කටයුතු නඟා සිටුවීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.                                                                                                                                                            123
     
    ශ්‍රී ලංකාවේ සකස්කළ ආහාර කර්මාන්තයේ සංවර්ධන කටයුතු , ඹෟෂධ හා වෛද්‍ය උපකරණ ලබාගැනීම යන කරුණු පිළිබඳවද සාකච්ඡාවට ලක්කළඅතර දෙරට අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද මෙහිදී අවධානයට ලක්විය.
     
    එසේම සකස්කරමින් පවතින ඉරානය හා ශ්‍රී ලංකාව අතර තේ වෙළඳාම පිළිබඳ අවබෝධතා ගිවිසුමේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී.
     
    දෙරට අතර වෙළඳාමේ දියුණුවට වැදගත් තීරණ රැසක් ගත් මෙම ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමේ 11 වන සැසිවාරය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් T.M.B.K. තෙන්නකෝන්, ඉරාන බලශක්ති අමාත්‍ය හමීඩ් චිට්චාන් (Hamid Chitchian) ශ්‍රී ලංකාවේ  ඉරාන තානාපති  මොහොමඩ් සෙයිරි අමිරානි (Mohammad Zaeri Amirani), කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශීතා සේනාරත්න ඇතුළු දෙරටේම ඉහළ රාජ්‍ය නිලධාරී පිරිසක් සහභාගි වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya