අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාතේ විශාලතම හිටි පිළිම වහන්සේගේ ඉදි කිරීම් අවසන්

    පෙබරවාරි 01, 2016

    දකුණු පළාතේ ඉදිවුනු විශාලතම හිටි පිළිම වහන්සේ  ඇල්පිටිය වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් එළඹෙන වෙසක් මස 19 දා සවස 02.30ට නිරාවරණය වීමට නියමිතයි.

    රජ සමයට පසුව මෙරට ගල් කැටයම් ශිල්පීන් අතින් දකුණු පළාතේ ඉදිවුනු  මෙම විශාලතම හිටි පිළිම වහන්සේගේ උස අඩි 42 කි.


    කහදූව වතුරුවිල වනවාස සංඝ මූලස්ථාන භූමිය තුළ පිහිටි විශාල ගල්තලාව භාවිතයෙන් අඩි 25ක් ගැඹුරට හෑරූ ගල් මත මෙරට ගල් කැටයම් කරුවන් අතින් ඉදිවුනු මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිවී හමාරය. එය කැයොත්තර්ධ අභය මුද්‍රාවෙන් හිටි පිළිම වහනේසේ නමක් ලෙස ඉදිව ති‍බේ. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට ශිල්පීය ඥාණයෙන් දායක වූයේ මිනුවන්ගොඩ විමල් වික්‍රමසිංහ ප්‍රමුඛ දේශීය ගල් කැටයම් ශිල්පීන් පමණි. ඒ සදහා ගතවූයේ වසර 06කි. මේවන විට සියයට අනූපහක පමණ ඉදිවීම් සිදුකොට ඇති අතර තවත් ඇත්තේ අවට සිදුවන සෙසු හැඩකිරීම් පමණි.

    03

     

    අපේ රටේ ගල් වඩුවාට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ගල් කැටයමින් මනරම් නිර්මාණ සිදුකල ගල් කැටයම් ශිල්පීන් එදා රජ දවස අපරටේ වාසය කොට තිබේ. ඔවුන් අතින් නිමැවුනු ශෛලමය නිර්මාණ අදටත් ජීවමාන ස්වරූපයෙන් පැවතීම දෙස් විදෙස් විද්වතුන් පවා පුදුමයට පත් කිරීමට සමත්ව ඇත. අපේ විහාරස්ථාන ආශ්‍රිතව මෙවන් ශෛලමය නිර්මාණ රැසක් අදටත් දැකගත හැකිය.රජ සමයේ ඉදිකළ ශෛලමය බුද්ධ ප්‍රතිමාවන්ට පසුව දේශීය ගල් කැටයම් කරුවන් අතින් දකුණු පළාතේ ඉදිවුනු විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහදූව වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයෙහි ‍ඉදිකිරීමට මුල් සිතිවිල්ල ජනිතවූයේ වනවාස නිකායේ නිර්මාතෘ වතුරුවිල ශ්‍රී ඥානානන්ද නාහිමියන් තුලය. එහෙත් වුන් වහන්සේ‍ 1986 වසරෙහි අපවත්වූ හෙයින් නාහිමිගේ සිතිවිල්ල යතාර්ථයක් කිරීමේ වගකීම පැවරී තිබුනේ ශාමඋපාලි වනවාස මහා නිකායේ අනුනායක ජේෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය ධුරන්ධර වනවාස සංඝ මූලස්ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාල ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙතය. ඒ අනුව 2009 වසරේ ජුනි මස 24 දා මෙහි කටයුතු ආරම්භ විණි.

     

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ මුලිකත්වයෙන් සිදුවන මෙම පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ මහා පූජෝත්සවය සදහා මෙහෙයුම් කමිටුව පත්කිරීම පසුගිය දා එම විහාරස්ථානයේදි සිදුවිනි. එම කමිටුවෙහි සභාපතිත්වය ඇමති ගයන්ත කරුණාතිලක මහතාට හිමිවූ අතර එහි උප සභාපතීත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාට හිමිවීය. එහි ලේකම් ලෙස ගාල්ල මහ දිසාපති තුමන් ද උප ලේකම්වරුන් ලෙස ගාල්ල දිස්ත්‍රික් සහකාර ලේකම්තුමන් සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලෙකම්තුමන් වෙත හිමිවූහ. ප්‍රධාන සංවිධායක ලෙස එවර් ග්‍රීන් සමූහයේ අධ්‍යක්ෂ ඉන්දික නල්ලපෙරුම මහතාට හිමිවිනි.

     

    මෙම අවස්ථාව සදහා වැඩමකළ ශාමඋපාලි වනවාස මහා නිකායේ අනුනායක ජේෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය ධුරන්ධර වනවාස සංඝ මූලස්ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාල ස්වාමින්ද්‍රයන් වහන්සේ, වනවාස නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී කර්මාචාර්ය වෑවල ගල්ලෙන ආරාණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය නාලන්දේ ජිනාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වනවාස නිකායේ ජේෂ්ඨ කාරක සංඝ සභික සමස්ථ ලංකා සීල භාවනා සංඝමයේ සභාපති ‍‍ෙඑතිහාසික මධුනාගල  ආරාණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උපුල්විල ශාසන සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වනවාස සංඝ මූලස්ථානයෙහි කෘත්‍යාධිකාරි පූජ්‍ය මෙදේරපිටියේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ඥානානන්ද වනවාස පරිවේනාධිපති රාජකීය පණ්ඩිත නුවරඑළියේ සුමේද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය අනුශාසනාවන් කෙරෙහි  ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ අවධානය යොමුවූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද මෙම අවස්ථාවට එක්වීය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya