අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ පළමු ධාන්‍ය ගබඩාව අනුරාධපුර උපුල්දෙණියේ

    ජනවාරි 24, 2016
    මනා ප්‍රමිතියෙන් සකස් කරන ලද අනුරාධපුර ප්‍රථම ධාන්‍ය ගබඩාව ගලෙන්බිදුණුවැව , උපුල්දෙණිය ප්‍රදේශයේ ඉදිකර තිබේ.
    2015 වර්ෂයේ ජුලි මස සිට එහි ධාන්‍ය ගබඩා කිරිම සිදු වු අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව වගා කරන මුං , තල , කව්පි, සෝයා බෝංචි ආදි ධාන්‍ය නිසි මිලක් ලැබෙන තුරු සුරක්ෂිතව ගබඩා කර තැබිමට මෙහිදී අවස්ථාව ලැබේ.
     
    එම ධාන්‍ය තැන්පත්කර තැබිය හැකි කාල සීමාව මාස හතරකි. ඉන් පසුව අවශ්‍යනම් එය දිර්ග කරගැනිමට  ද හැකියාව ඇත.  ධාන්‍ය නිසි මිලකට අලෙවි කරන තුරු අවශ්‍ය නම් තමන් ගබඩාකර ඇති ධාන්‍ය වල වටිනාකමෙන් සියයට පනහක මුදලක් රජයේ බැංකු මගින් ණය වශයෙන් ලබා ගැනිමේ හැකියාව ද තිබේ. 
     
    මෙම පරිශ්‍රය තුල බීජ වියලන යන්ත්‍රයක් ද තිබේ. තල සහ සෝයා බෝංචි තොග මේ වන විටත් එහි ගබඩාකර තිබේ.
     
    මෙම මහගු සම්පතින් අනුරාධපුර දිස්ත්‍රික් ගොවි ජනතාවට විශෘල සෙතක් සැලසෙන බව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අමතමින් දිස්ත්‍රික් ෙල්කම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසිය. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya