අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය

    ජනවාරි 19, 2016

    මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය(SAITM) පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය.

    මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM)පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවැති විශේෂ සාකච්ඡාවේ දී ගත් තීන්දු තීරණ පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමා ඊයේ (18)රාත‍්‍රීයේ දී මාධ්‍ය වෙත සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය පහත දැක්වෙයි.

     


    ගරු අග‍්‍රාමාත්‍යතුමාත්, මමත්, මලික් සමරවික‍්‍රම ඇමැතිතුමත්, සෞඛ්‍ය ලේකම් තුමත්, භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු
    නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප‍්‍රධාන නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළා. එහිදී වැටුප් ගැන, වැටුප් තල ගැන කථා කළා. එකට හතරේ අනුපාත වෙනස්වීම යන කරුණූ පිළිබඳව. ඒ පිළිබඳව අපි කිවුවා වැටුප් කොමිසමට කථා කරලා ඒ පිලිබද කාරණා ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම වාහන බලපත‍්‍රය ගැන කථා කළා. එතෙක් පළවෙනි බලපත‍්‍රය අවුරුදු 05 කින් සහ ඊට පසු බලපත‍්‍ර අවුරුදු 10 කින් ලබාදීමටත් තීන්දු කළා. ඒත් එක්කම විශ‍්‍රාම යන වෙලාවට දෙන වාහන බලපත‍්‍රය ගැනත් කථා කළා.”

     

    ඒ වගේම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කථා කළා. ඔවුන් පැහැදිලිවම කිවා ඔවුන් ප‍්‍රතිපත්තියක් වශයෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විරුද්ධ නැහැ කියලා. මොකද, වෛද්‍යවරු දෙකට බෙදිලා ඉන්නේ මේ ප‍්‍රශ්නය පිළිබඳව. කොටසක් කැමැතියි කොටසක් අකමැතියි ඒ නිසා විශාල කොටසක් කැමැති නිසාත්, වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ ප‍්‍රතිපත්තියත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි කියලා. නමුත් ඒවායේ තත්ත්වය පිළිබඳ තමයි ඔවුන්ට තිබෙන ප‍්‍රශ්නය.”

     

    ඒ පිළිබඳව දිර්ඝ සාකච්ඡාවක් කළා මෙහි තිබෙන අධිකරණ කටයුතු ගැන. ඒක නිසා සෞඛ්‍ය ලේකම් තුමා කීවා ඔහුට
    පුද්ගලිකවම නීතිපතිතුමා කථා කරලා මේ පිළිබඳ අධිකරණ ක‍්‍රියාමාර්ග ගැන දැනුම් දුන්නා. ඒ නිසා අපි කිවුවා මේක අපේ තීන්දුවක් නොවෙයි කියලා.මේක අධිකරණයේ තීන්දුව. අධිකරණය ඉතා තදින් හිටියා. ඒ නිසා මම රජයේ වෛද්‍ය නිලධාරින්ට උසාවියට යෑමට මේ පිළිබඳ සියළුම ලිපිගොනු ලබාදුන්නා. ඔවුන් උසාවියට ගියාට ඔවුන්ට ඒක කර ගන්නට බැරි වුනා. අද දිනත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උසාවියට ගියා. නමුත් ඔවුන්ට
    ඒකට සම්බන්ධවීමට ඉඩ දුන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා ඒ ලබාදී තිබෙන සියළු තීන්දු ලබාදී තිබෙන්නේ
    අධිකරණය. අධිකරණයට අපි යන්නේ නීතිපතිවරයාගේ මාර්ගයෙන්. නීතිපතිවරයා කියන විදිහට තමයි අපිට අධිකරණයට ලබාදෙන්නට සිදුවුනේ. අපි ඒක පැහැදිලි කළාම ඒගොල්ලෝ ඒ ගැන අපි කථා කරලා එගොල්ලන්ගේ අදහසුත් ප‍්‍රකාශ කළා. නමුත් අපි දැඩිව කිව්වා මේකයි තත්ත්වය. මම කිවුවා හොදම වැඩේ තමයි අග‍්‍රාමාත්‍යතුමාට නිතිපතිතුමත් එක්ක, නීතිපති දෙපාර්තෙමින්තුවත් එක්ක මේ පිළිබඳව කථා කරන්න කියලා.

     

    ඒ අනුව එකඟතාවයකට එළඹුනා. ඉතාමත්ම සුහඳ සාකච්ඡාවක් සිදු වුනේ. ඒ එක්කම රටේ සෞඛ්‍ය සේවාව ගොඩ නැංවීමට ඔවුන්ගේ සියළු සහයෝගය පළ කරලා ඔවුන් ඒ වෙනුවෙන් මාත් එක්ක ගත්ත පොදු ක‍්‍රියාමාර්ග ගැන ප‍්‍රකාශ කළා. ඒ එක්කම කිවිවා සෞඛ්‍ය ඇමැතිතුමා ඔවුන්ටත් ඉදිරියෙන් පෞද්ලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ මතයේ
    දී දැඩි තීන්දුවේ ඉන්නවා.ඔවුන්ටත් වඩා හොද මතයක ඉන්නවා. ඔවුන්ගේ අනෙකුත් ඉල්ලීම සඳහාත් සෞඛ්‍ය ඇමැතිවරයා ඉතාමත්ම උදව් උපකාර කරනවා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඉන් පසු ඔවුන් මට මළික් සමරවික‍්‍රම ඇමැතිතුමාට, අග‍්‍රාමාත්‍යවරයාට ස්තූති කළා.

     

    අධිකරණයට මම එන්න ඉස්සෙල්ලා ලිපියක් දීලා තිබෙනවා මහජන සෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව යන මේ විෂයන් දෙක ඇතුළු විෂයන් 04 කට රජයේ ඇතුළු මේ වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රශ්නය විසදීම සඳහා පැහැදිළි ක‍්‍රියාමාර්ග අපි ගන්නවා කියලා. හැබැයි ඒ ගන්නවා කියනකොටම ඒකේ එක කොටසක තිබෙනවා වෛද්‍ය සභාවේ
    ලියාපදිංචිය ගැනත් කියනවා. නමුත් නීතියට අනුව නීතිපතිවරයා හා අපේ නීතිඥවරු එය අර්ථකනය කරන්නේ මේකේ පිළිගැනීමක් තිබෙනවා මොකද විශ්ව විද්‍යාලයේ සනාථන සභාවේ. ඒක නිසා එය අධිකරණමය වැඩපිළිවෙළක්. ඒ අධිකරණයේ දී අපේ නීතිඥයොත් නීතිපති දෙපාර්තෙමින්තුවත් ඒගොල්ල ලබාදුන් උපදෙස් අනුව තමයි අපි අධිකරණයට අපේ තීන්දු ප‍්‍රකාශ කළේ.

     

    ඒ නිසා අධිකරණය දන්වන එකකට තමයි අපි මොකකද දැනට නඩුව දාලා තිබෙන්නේ මටත්, ලේකම්වරයාටත් එරෙහි උසාවියට, අධිකරණයට අපහාස කිරීම, අවුරුද්දකට ඉස්සෙල්ලා ගත්ත තීන්දු ක‍්‍රීයාත්මක නොකිරීම සම්බන්ධව. ඒක නිසා මෙහි සම්පුර්ණ වගකීම තිබෙන්නේ මටත්, සෞඛ්‍ය ලේකම් තුමාටත්.අමාත්‍යාංශ ලේකම්තුමාට පුද්ගලිකවම නීතිපතිවරයා කථා කරලා කියලා තිබෙනවා මේකෙදි පැහැදිවම අප ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව. මොකද අධිකරණයේ තියෙන තත්ත්වය ඉතාමත්ම නරකයි ඒක නිසා වහාම තීන්දුවක් ලබාදෙන්නට කියලා. ඒ නිසා තමයි අපිට මේ රෝහල් දෙකක් ලබාදෙන්න ඕන වුනේ. ඒක අධිකරණයේ ක‍්‍රියාමාර්ගයක් මිසක් අපේ ක‍්‍රියාමාර්ගයක් නොවෙයි.”

     

    රජයේ වෛද්‍ය නිලධාරීන් කියන්නේ පුහුණුව ලැබීම ගැන නොවෙයි මේකේ තිබෙන තත්ත්වය ගැන විතරයි ඒගොල්ලන්ගේ විරෝධය තිබෙන්නේ. තත්ත්වය තිබෙනවා නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තිබීම ගැන ඒගොල්ලන්ගේ ප‍්‍රශ්ණයක් නැහැ. මගෙත් අවශ්‍යතාවය ඒකයි. ඒත් එක්කම තත්ත්වය විතරක් නොවෙයි මෙයට ශිෂ්‍යයින් තෝරා ගැනීෙමි ක‍්‍රමෙවිදයත් වෙනස් කළ යුතුයි. මම නම් කියන්නේ ලංකාවේ Z scoresලකුණු වලට අනුව ශිෂ්‍යයින් තෝරාගත යුතු බවයි. ඒබ ව මුදල් ඇමැතිවරයාට ගිය සැරේ යෝජනා කළත් අයවැය යෝජනාවට ගෙනාවේ නැහැ. ඕනෑම ළමයෙකුට පුද්ගලික වෛද්‍ය විද්‍යාල නොවෙයි ඕනෑම පුද්ගලික උසස්අධ්‍යාපන ආයතනයකට තමන්ගේ Z scores අනුව යන්න ලබාදෙන්න. ගිහින් ඔහුව බැදුම්කරයකට යටත් කර ගන්න. 

     

    ඔහු ඒකෙන් රැකියාවක් ගත්ත දින සිට ඒකේ ණය ගෙවන්න ඔින. ඒ ණයෙන්ම පුළුවන් අනෙක් අයට ඒ ආධාර මුදල
    ගෙවන්න. ඒක තමයි නියම නිදහස් අධ්‍යාපනය. ෙමිගොල්ල නිදහස් අධ්‍යාපනය ගැන කථා කරන්නේ සයිටම් එක ගැන විතරයි. කොතලාවල, රාගම, ඇතුළු අනෙකුත් අංශවල නීතිය, ඉංජිනේරු, කළමණාකරණය මේ ඔක්කොම පෞද්ගලික අංශයේ කරනවා එතකොට නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්නයකුත් නැහැ. මේකම පිටරට වෛද්‍ය විද්‍යාලයකින් අරගෙන ඇවිල්ලා මෙහේ රාජකාරී කරනවා ඒකට නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රශ්ණයක් වෙලත් නැහැ. පුද්ගලික රෝහල්වල සෞඛ්‍ය සේවාව කිරීම මේ ඔක්කොම ගැනඅළුතින් හිතන්නට ඕන. ජනාධිපතිවරු එක්ක නඩු කියපු මට මේගොල්ලන්ගේ නඩු මොනාද.” මගේ ඥාතියෙක් ඉන්නවා නම් මම කරන්න ඕන හොදම වැෙඩි තමයි මාළඹෙි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරනවා කියන එක. එතකොට කොචිචර හොද උපාධියක් ද එයාට හම්බ වෙන්නේ. ඒ අනුව තීන්දු ගන්නවා නම් මම ආණ්ඩුවට බල කරන්නේ මේක ජනසතු කරන්න කියලා. රාගම වගේ. රාගම මගේ මල්ලි කෙනෙක් හිටියා. මම විරුද්ධව වැඩ කළා. අන්තිමට එයාට ඊට වඩා හොද තත්ත්වයක් ඇති වුනා මොකද ජනසතු කරපු නිසා. ආණ්ඩුවෙම උපාධියක් හම්බ වුනා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya