අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරක යහපාලනයෙන් සවිමත් වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන

    ජනවාරි 07, 2016
    2015 ජනවාරි මස 08 වන දිනැති ජනතා විජයග‍්‍රහණය තුළින් අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ පුරෝගාමීත්වයෙන් බිහිවු යහපාලන රාජ්‍ය සමයේ සිදුවු විවිධ සමාජ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී මිනිස් සමාජයට අත්‍යාවශ්‍ය වන නිවාස හා ජනාවාස සංවර්ධනය තුළින් සිදු වූ ක‍්‍රියාකාරකම් වඩාත් කැපී පෙනේ. යහපත් වූ සමාජයක තිරසාර බව සඳහා අවශ්‍ය කෙරෙන පවුල් ඒකකයේ සැබෑ සබඳතාවය නිවහන මුල්කොට පවතී. ඒ හේතුවෙන් ගතවූ යහපාලන වර්ෂ පූර්ණ කාලය තුළ නිවාස හා ජනාවාස ක්ෂේත‍්‍රයේ සාර්ථක ක‍්‍රියාකාරකම් රැසක් ක‍්‍රියාත්මක විය.
    දින සියයෙන් ඇරඹි නිවාස පනස් දහස
    2015 ජනවාරි මසින් ආරම්භ වූ යහපාලන ක‍්‍රියාදාමය තුළ, ප‍්‍රමුඛතම සංවර්ධන අභියෝගය වූයේ, දින සියය කඩිනම් සංවර්ධන වැඩපිලිවෙලයි. එය එක්තරා ආකාරයට සැළසුම්ගත සංවර්ධන වැඩසටහනකට සැබෑ ප‍්‍රතිලාභීන් ඇතුළු සියළු පාර්ශව යොමුකිරීමකි. ඒ තුළ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිලිවෙළ වඩාත් කැපී පෙනේ. අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් හා මගපෙන්වීමෙන් නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ක‍්‍රියාවට නැංවුනු මෙම නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනේ මූලික අභිප‍්‍රාය වූයේ පවුල් 50,000 ක් වෙනුවෙන් නිවාස පහසුකම් සළසාදීමයි. දින සියයක් තුළදී පවුල් 50,000 කට නිවාස පහසුකම් සැපයීම ප‍්‍රායෝගික කටයුත්තක් නොවුනු අතර, එමගින් අපේක්ෂා වූයේ සැබෑ නිවාස අවශ්‍යතාවය පවත්නා පවුල් පනස් දහසක් දින සියයක් තුළදී නිවාසකරණය සඳහා යොමුකිරීමයි.
    පෙර පාලන කාලපරිච්ඡේද තුළ ජාතික නිවාස වැඩසටහන පදනම් කර ගොඩනැගුණු දේශපාලන ක‍්‍රමවේදයන් හා නිලධාරිවාදයෙන් බැහැරවෙමින් සැබෑ ලෙසින්ම නිවාස අවශ්‍යතාවයන් තේරුම්ගනිමින් නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ නිලධරයන්ගේ සැබෑ සහාය වඩාත් ප‍්‍රායෝගිකව උපයෝගී කරගනිමින් යෝජිත නිවාස 50,000 වැඩසටහන, මෙකී සැළසුම් විය. ක‍්‍රියාත්මක විය.
    ජනතා පොරොන්දු ඉටුකළ සැමට සෙවණ
    අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග‍්‍රාමාත්‍යතුමන් සිය ජනවරම ලබාගැනීම සඳහා ජනතාවට ලබාදුන් ජාතික පොරොන්දුව තුළින් ප‍්‍රකාශ වූයේ තමනට මහජන කැමැත්ත හිමිවන්නේ නම් සමාජයේ සියළු ජනකොටස් සඳහා, තිරසාර සෙවණක් ලබාදෙන බවයි. එම පොරොන්දුව ඉටුකරලමින් ක‍්‍රියාත්මක කෙරුනු සැමට සෙවණ ජාතික නිවාස වැඩපිලිවෙළ පවුල් 50,000 කට නිවාස පහසුකම් ලබාදීමෙන් ආරම්භ විය. එකී වැඩසටහන තුළ ආරම්භක වශයෙන් රුපියල් ලක්ෂයක කුඩා ණය මුදලක් සහනදායි පොලි පදනමක් යටතේ නිවාසලාභීන් ට ප‍්‍රදානය කිරීම සිදුවිය. එය සැබෑ නිවාස අවශ්‍යතාවය පවත්නා ජනකොටස් සඳහා ලබාදුන් අතර, තම මූල්‍ය ඉතිරිකිරිම්, ශ‍්‍රමය හා නිර්මාණාත්මක හැකියාවන් එක් කිරීමෙන් එය වඩාත් පෝෂණය විය. දශකයේ ක‍්‍රියාත්මක කෙරුනු උදාගම් ව්‍යාපාරය මුල්කොටගත් සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන සාර්ථක වූයේ මතක සටහන් නැවත සමාජගත කරමින් සැමට සෙවණ නිවාස වැඩසටහනනේ නිවාස 50,000 වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවුනි. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් 2015 වසර අවසන් වනවිට පවුල් 45,000 කට ආසන්න ප‍්‍රමාණයකට නිවාස ප‍්‍රතිලාභ හිමිව තිබේ.
    සමාජගත වූ සාර්ථක අත්දැකීම්
    මෙම යහපාලන සංවර්ධන ක‍්‍රියාදාමය සමග ක‍්‍රියාත්මකවූ, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනින් නව සංවර්ධන අත්දැකීම් රැසක් සමාජගත විය. බහුතර ජනතාවකට සහභාගී විය හැකි සැබෑ ලෙසින්ම ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැංවුනු නිවාස සංවර්ධන වැඩසටහනක් එකවර මුළු රට පුරා සියළු ජනකොටස් ආවරණය වන ආකාරයෙන් ක‍්‍රියාත්මකවීමට එමගින් ඉඩ ප‍්‍රස්ථාව හිමිවිය. නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවරයා මුල්කොටගත් දේශපාලන නායකත්වය අදාළ වැඩසටහනේ ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම හා මුලික මගපෙන්වීම සිදුකළ අතර, එයට දායකවූ නිලධරයන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය නිවාසලාභීන් අතරට ඵලදායිවන ආකාරයෙන් සාර්ථකව රැගෙනයාමේ කාර්යයභාරයේ නිරතවිය. මෙහිදි වඩාත් වැදගත් වනුයේ එම වැඩසටහනට දායක වූ නිවාසලාභී ප‍්‍රජාව අදාළ සංවර්ධන වැඩසටහන විශ්වාස කරමින් එයට උපරිම අයුරින් සහයෝගය දෙමින් නිශ්චිත කාලයක් තුළ දී තම නිවස ඉදිකිරිම් කර්තව්‍යය සිදුකිරීමයි.
    අභියෝගාත්මක සංවර්ධනයක්
    නිවාස 50,000 සැමට සෙවණ නිවාස වැඩසටහන තුලින් සමාජගත වූ මෙම නව සංවර්ධන ක‍්‍රියාපිලිවෙත, හේතුවෙන් කෙටි කාලයක් තුළ වැඩි මූල්‍ය ආයෝජනයකින් වඩාත් ඵලදායි වූ නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කළහැකි බව සනාථ විය. 2015 වසර අවසන් කාලපරිච්ඡේදයේ දී ආරම්භ වුණු කඩිනම් ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහනට එය ඉතා හොඳ පාදකයක් විය. කිසියම් ජනාවාසයක් නිර්මාණය කිරීමේ දී විධිමත් සැලැස්මක්, දිර්ඝ කාලීන ක‍්‍රියාපිලිවෙතක්, ඵලදායි මූල්‍ය ආයෝජනයක් අත්‍යාවශ්‍ය වේ. ඒ සියල්ල එක්රැස් කිරිම තුළින් වුවද නව ජනාවාස සංවර්ධනයේ දී බොහෝවිට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි අවස්ථාවක, තෙමසක් වැනි කාලයක් තුළදී තෝරාගත් පවුල් සංචිතයක් වෙනුවෙන් මුලික පහසුකම්වලින් සමන්විත නව ජනාවාස බිහිකිරීමේ ක‍්‍රියාපිලිවෙත, සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් පෙන්නුම් කිරීම සෑම පාර්ශවයකගේම අගය කිරිමට හේතුවිය. එකී වැඩසටහන යටතේ දිවයින පුරා විහිදි යන ආකාරයෙන් නව ආදර්ශ ගම්මාන 40 ක ඉදිකිරිම් ආරම්භ විය. එහිලා ඉදිවන සෑම නිවසකටම මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ප‍්‍රධානයක් හිමිවිය. මේ සියල්ලේ එක්වීමෙන් අඩු කාලයක් තුළදී නව නිවාස සමූහයකින් සමන්විත ආදර්ශ ගම්මාන දිවයින පුරා ඉදිවිය. 2015 වසරේ සැප්තැම්බර් මාසයේ සැළසුම්කොට ඔක්තෝබර් මාසයෙන් අරම්භ වුනු මෙම ආදර්ශ ගම්මාන ක‍්‍රියාවලිය එයට සහභාගිවු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මූලිකත්වයන් යුත් දේශපාලන නායකත්වයට හා එහි ක‍්‍රියාකාරි සහායක් ලබාදුන් නිලධරයන්ට මෙන්ම නිවාසලාභී ප‍්‍රජාවට ද බෙහෙවින් අභියෝගාත්මකවූත්, වෙහෙසකරවූත් කැපවීම් සහගතවුත් සංවර්ධන වැඩසටහනක් විය.
    චචනයෙන් කිව නොහැකි විස්මිත දසුනක්
    අදාළ වැඩසටහනේ ආරම්භක අවස්ථාවේ සිට නිශ්චිත ඉලක්කගත අරමුණකට මෙහෙයවනු ලැබු ආදර්ශ ගම්මාන වැඩපිලිවෙළ සියළු පාර්ශවයන්ගේ සමීප අධීක්ෂණයකින් ක‍්‍රියාත්මක විය. එමෙන්ම එකී ඉදිකිරිම් කාර්යයන්හි නියුතු වූ නිවාසලාභී ප‍්‍රජාවගේ සහභාගිත්වය දහසකුත් එකක් වචනයෙන් අගය කළ නොහැකි දසුනින් පමණක් ප‍්‍රකාශිත විශ්මයජනක ක‍්‍රියාදාමයකි. මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන තුළ නිවාස 1000 කට ආසන්න ප‍්‍රමාණයක් ඉදිවි ඇති අතර, ඉදිවු සෑම නිවසකම දින සියයක නිවාස ඉදිකිරිම පිළිබඳ අතිශය වැදගත් කථිකාවන් දහසක් වශයෙන් හඳුනාගත හැකිවේ. මෙම නිවාස ඉදිකළ බහුතර ජනකොටස එතෙක් ජීවත් වී ඇත්තේ පැල්පතක තාවකාලික නිවසක හෝ අන් අය සතු නිවහනක ය. ඔවුන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අවස්ථාවක තමන් වෙත ඉදිරිපත් වූ අභියෝගයට මුහුණ දෙමින් මූල්‍යමය වශයෙන් තමන්ට හිමි වූ මුදල සහාය කරගනිමින්, මෙම නිවාස සංවර්ධන ක‍්‍රියාවලියට දායකවූ අතර, මේ සියළු පාර්ශවයන්ගේ සහායෙන් සැමට සෙවණ ආදර්ශ ගම්මාන 40 තුළ දින සියයක කාලයක් තුළදී නිවාස 1000 ක් නිර්මාණයවී තිබේ.
    නිවාස විසිපන් දහසක් පිළිසකර කිරිම
    මෙරට නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රදේශයන් හි බහුතර නිවාස ප‍්‍රමණයක් පිළිසකර කළයුතු තත්වයක පවතී. එයින් සැලකිය යුතු ප‍්‍රමාණයක් අදාළ නිවාසයන් හි බිත්ති කපරාරුව හා ගෙබිමට සිමෙන්ති භාවිතා නොකිරිමෙන් එහි නිවාසලාභී කුඩා දරුවන් වයෝවෘද්ධ පුද්ගලයින් ඇතුළු නිවාසලාභීන් දැනට රෝගාතුර බවට පත්කිරිමට හේතු වේ. මෙම කරුණ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා, 2015 වසරේ ලෝක ජනාවාස දිනය, නිමිතිකොට, අවශ්‍යයෙන්ම පිළිසකර කළයුතු මෙවන් නිවාස හඳුනා ගනිමින් එකී නිවාස කපරාරු කර පිළිසකර කරලිමේ වැඩසටහනක් ක‍්‍රියාවට නංවනු ලැබීය. මෙම වැඩසටහනේ ආරම්භක පියවර ලෙස දිස්ත‍්‍රික්කයකට නිවාස 1000 බැගින් තෝරා දිවයිනේ දිස්ත‍්‍රික්ක 25 තුළ නිවාස 25,000 ක් ප‍්‍රතිසංස්කරණය කිරිම සිදුකරනු ලැබීය. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක කෙරුනු නිවාස පිළිසකර වැඩසටහන අඩක් නිමවුනු නිවසක දිගු කලක දුෂ්කර දිවි පෙවෙතක් ගතකළ නිවාසලාභී පවුලකට හිමිවුනු සුවිශේෂි තිළිණයකි. ගත වූ තෙමසක කාලය තුළ ක‍්‍රියාත්මක වූ මෙම පිළිසකර නිවාස වැඩසටහන, මෑත කාලයක ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාවට නැංවුනු නිවාසලාභී ප‍්‍රජාව විසින්ම දැඩි ලෙසින් ග‍්‍රහණයකරගත් වඩාත් ඵලදායි නිවාස වැඩසටහනක් විය.
    සැමට සෙවණ තුළින් නිවාස හිමිකම
    Smata Sevan Anamaduwa2නිවසක් තුළ ගතකරන්නා වූ දිවිපෙවෙත සාර්ථකවනුයේ එහි හිමිකම නිවාසලාභී පවුල වෙත හිමිවීම තුළිනි. මෙය වඩාත් නිවැරදිව තේරුම්ගත්, සැමට සෙවණ, ජාතික නිවාස වැඩපිළිවෙල නිවාස හිමි සමාජයක් බිහිකිරිම අරමුණු කොටගත් සංවර්ධන ක‍්‍රියාදාමයකට යොමුවිය. මෙම කාර්යය භාරය තුළ මෙතෙක් ඉදි වූ සියළු නිවාසයන් හී හිමිකම මෙන්ම අනාගතයේ ඉදිවන්නා වූ සියළු නිවසේ අයිතිය ද නිවාසලාභීන් වෙත ලබාදීම අරමුණුකොට සිටි. 2015 වසර තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාසලාභී 3000 කට ආසන්න ප‍්‍රමාණයකට හිමිකම් ඔප්පු ප‍්‍රදානය කරනු ලැබුවේ මෙම කාර්යදාමය තුලිනි. විශේෂයෙන් නාගරික ප‍්‍රදේශයන්හි තාවකාලික නිවාස හා නිශ්චිත අයිතියක් නොමැතිව දිගු කාලීන පදිංචියකට හිමිකම් කියන නිවාසලාභීන් දහස් ගණනකි. කොළඹ නාගරික බල ප‍්‍රදේශය තුළ මෙම ගැටළුව වඩාත් සංකිර්ණ වේ. මෙය වඩාත් නිවැරදිව තේරුම් ගැනීම තුළ ගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ උපදෙසින් නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවයා විසින් මෙවන් වූ අවිධිමත් නිවාස හිමිකම්ලාභීන්ට තාවකාලික බදු ඔප්පු ලබාදීමේ නව හිමිකම් ක‍්‍රියාදාමයක් ආරම්භ කරනු ලැබීය. යහපාලන වසර තුළදී මෙවන් වූ නිවාසලාභීන් 5000 කට ආසන්න ප‍්‍රමාණයකට බදු ඔප්පු ප‍්‍රධානය කිරීමට හැකියාව ලැබිණි.
     
    මෙනයින් බලනවිට අතිගරු ජනාධිපතිතුමන්ගේ පදවි ප‍්‍රාප්තියත් සමග ගත වූ වසරක කාලපරිච්ඡේදය තුළදී, නිර්මාණය වූ යහපත් සමාජ ක‍්‍රියාදාමය තුළ ක‍්‍රියාත්මක කෙරුනු සෙසු සංවර්ධන වැඩසටහන් හා සැසඳීමේ දී නිවාස සංවර්ධන කාර්යදාමය වඩාත් ඵලදායි අයුරින් ක‍්‍රියාත්මක වී ඇති බව පෙනීයයි. එයට ප‍්‍රමාණවත් සාක්ෂි අදාළ සංවර්ධන කාර්යයන් සිදුකෙරුනු දිවයිනේ විවිධ ප‍්‍රදේශ වෙතින් හා එයට සහාය වු දහස් සංඛ්‍යාත ප‍්‍රතිලාභී ජනතාව හා සෙසු දායක පාර්ශව වෙතින් හඳුනාගත හැකිවේ.
    නිවාස සංවර්ධනයේ වාර්තාගත ඉලක්කමක්
    සමස්ථයක් ලෙසින් ගත්කළ නිවාස 50,000 ක් ඉලක්ක කෙරුනු නිවාස සංවර්ධන වැඩසටහන තුළින් පවුල් 45,000 කට බිත්ති කපරාරුව මුල්කොටගත් නිවාස පිළිසකර කිරිම තුළින් පවුල් 25,000 කටත් ආදර්ශ ගම්මාන 40 ක් නිර්මාණය වීමෙන් නව නිවාස 1000 ක් ද සමගින් නිවසේ හිමිකම ලබාදීම තුළින් පවුල් 8000 කට ද ඇතුළුව සමස්තයක් ලෙසින් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනින් ඵලදායිතාවය ලැබූ පවුල් ප‍්‍රමාණය 75,000 කට ආසන්න වේ. නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ මග පෙන්විමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වූ මෙම නිවාස සංවර්ධන වැඩසටහනේ මෙම සංඛ්‍යාත්මක ළගාවීම පසුගිය දශක කිහිපය තුළ මෙරට ජාතික නිවාස වැඩසටහනේ වාර්තාගත ඉලක්කමකි.
    සැමට සෙවණ 2016 වසරේ නව ප‍්‍රවේශයකට
    samයහපත් වූ පාලන අධිකාරියක් තුළින් සංවර්ධන වැඩසටහනකට හිමිවුනු නිවැරදි දේශපාලන නායකත්වයත්, එමගින් නිර්මාණය වූ කාර්යය සාධනය සඳහා කැපවුනු නිලධාරිතන්ත‍්‍රයත්, සංවර්ධන වැඩසටහන විශ්වාස කරමින් එයට එක් වූ ප‍්‍රජාවත් යන සියළු පාර්ශවයන්ගේ එක්වීම සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ සාර්ථකත්වයට හේතුවිය. ඒ තුළින් ලැබූ සාර්ථක අත්දැකීම් පදනම්කොට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන 2016 වසරට ප‍්‍රවිෂ්ඨ වනුයේ 2015 වසර මෙන් කිහිප ගුණයකින් යුත් රාජ්‍ය මුල්‍ය ආයෝජනයක් තුළින් සමාජයේ විවිධ ජන කණ්ඩායම් ආවරණය වන ආකාරයෙන් වැඩි පවුල් ප‍්‍රමාණයකට නිවසක හිමිකම ලබාදීමේ අපේක්ෂාවෙනි.
     
     
    ලක්විජය සාගර පලන්සුරිය
    සභාපති
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya