අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වර්ෂයේ තෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කෙරේ

    දෙසැම්බර් 18, 2015

    ‍ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2015 තෙවැනි කාර්තුව සඳහා 2010 ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශකයන් නිෂ්පාදන ප්‍ර‍වේශයට අනුව නිකුත් කොට ඇත.

    එසේම 2010 වසරේ සිට 2014 වසර දක්වා 2010 පාද වර්ෂය යටතේ ආදායම් සහ වියදම් ප්‍ර‍වේශයන්ට අනුකූලව වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයන් ද මේ සමඟ නිකුත් කර ඇත.


    නිෂ්පාදන ප්‍ර‍වේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය- 2015 තෙවැනි කාර්තුව

     

    2015 වර්ෂයේ තෙවැනි කාර්තුව (ජුලි, අගෝස්තු, සැප්තැම්බර්) තුළ දී ශ්‍රී ලංකාවේ මුළු දළ ජාතික නිෂ්පාදිතය රුපියල් මිලියන 2,158,327ක් දක්වා ඉහළ නැංවී ඇත. මෙය 2014 තෙවැනි කාර්තුව සඳහා වාර්තාගත මුළු දළ ජාතික නිෂ්පාදිතය වූ රුපියල් මිලියන 2,059,070ට සාපේක්ෂව 4.8%ක ධනාත්මක වර්ධනයක් වේ.

     

    2015 ජනවාරී සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය සඳහා ඇස්තමේන්තුගත ආර්ථික වර්ධනය 5.2%ක් වේ.

     

    2014 සහ 2015 තෙවැනි කාර්තු සැසඳීමේ දී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් වන කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදු මුළු දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වයන් 2010 ස්ථාවර මිල ගණන් යටතේ පිළිවෙළින් 7.2%, 26.7%, 57.1% සහ 9.0%ක් වේ. මෙහි දී කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම් පිළිවෙළින් 6.9%ක්, 6.2%ක් සහ 3.4%ක් වශයෙන් වර්ධනය වී ඇත.

     

    මෙම කාර්තුව තුළ දී 2014 තෙවැනි කාර්තුවට සාකේෂව කෘෂි ආර්ථික ක්‍රියාකාරකම් අතුරින් වී වගා කිරීම උප ආර්ථික කටයුත්ත 61.1%ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති අතර පොල් වගාව ඇතුළත් තෙල් සහිත පළතුරු බෝග වගාව 7.9%ක වර්ධනයක් වාර්තා කර ඇත. තේ වගා කිරීම සහ කරදිය මත්ස්‍ය කර්මාන්තය යන කෘෂි ආර්ථීක කටයුතු පිළිවෙලින් 3.9%කින් සහ 8.6%කින් අඩු වී ඇත.

     

    කර්මාන්ත අංශයයේ ක්‍රියාකරකම් අතුරින් දැව සහ දැව ආශ්‍රි නිෂ්පාදන පතල් හා කැනීම් කර්මාන්තය, ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාදන යන ආර්ථික කටයුතු 2014 තෙවන කාර්තුව තුළ දී පිළිවෙළින් 35.2%ක්, 9.6%ක් සහ 8.8%ක් ලෙස වර්ධනය වී ඇත. එමෙන්ම රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාන්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සහ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන යන ආර්ථික කටයුතු වර්ධන අනුපාතිකයන් පිළිවෙළින් 2.4%ක් සහ 4.2%ක් වශයෙන් අඩු වී ඇත.

     

    2015 තෙවැනි කාර්තුව තුළ දී බොහෝ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයන් හි අඩුවීමක් වාර්තා කර තිබුණ ද 2014 තෙවන කාර්තුවට සාපේක්ෂව තොග සහ සිල්ලර වෙළදාම් කටයුතු විදුලි සංදේශ මූල්‍ය හා මූල්‍ය අතරමැදි සේවා කටයුතු සහ රක්ෂණ නැවත රක්ෂණය සහ විශ්‍රාම වැටුප් අරමුදල යන සේවාවන් පිළිවෙළින් 5.6%ක්, 18.9%ක්, 11.1%ක් සහ 16.1%ක් වශයෙන් ඉහළ වර්ධන අනුපාතිකයන් වාර්තා කර ඇත. එසේම නවාතැන් සහ ආහාර සැපයීමේ සේවාවන් වෘත්තීයමය සේවාවන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් පිළිවෙළින් 1.7%ක්, 19.6%ක්, 9.2%ක් සහ 6.7%ක් ලෙස ඍණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

     

    වියදම් ප්‍රවේශයට අනුව දළ දේශිය නිෂ්පාදිතය - 2015 තෙවැනි කාර්තුව

    වියදම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිය සැකසීමේ දී ප්‍රධාන ආයතනික අංශයන් එනම් මූල්‍ය නොවන ආයතන, මූල්‍ය ආයතන, ගෘහභාණ්ඩ සඳහා සේවය ලබාදෙන ලාභ නොලබන ආයතනයන් මඟින් සිදු කෙරෙන වියදම් හෝ පර්භෝජනය කෙරෙනු ලබන භාණ්ඩ සහ සේවාවන් හි වටිනාකම මනිනු ලැබේ.

     

    මෙහි දී වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතය සැලකූවිට අවසන් පරිභෝජන වියදම සහ දළ ප්‍රාග්ධන සම්පාදනය මඟින් ලබාදෙන දායකත්වයන් පිළිවෙළින් 74.8%ක් සහ 33.1%ක් වන අතර ආනයන අපනයන මත ඇතිවන භාණ්ඩ හා සේවා ශේෂය මඟින් ලබාදෙන දායකත්වය ඍණ 7.9%ක් වශයෙන් ද වාර්තා වේ.

    ආදායම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය- 2015 තෙවැනි කාර්තුව

    ආදායම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය සැකසීමේ දී ප්‍රධාන ආයතනික අංශයන් එනම් මූල්‍ය නොවන ආයතන, ගෘහභාණ්ඩ, රජය සහ ගෘහ භාණ්ඩ සඳහා සේවය ලබාදෙන ලාභ නොලබන ආයතනයන් මඟින් නිෂ්පාදන ක්‍රියාවලියේ දී උත්පාදනය කෙරුණු සම්පූර්ණ ආදායම මනිනු ලැබේ. මෙහි දී සේවක ආදායම්, මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම, නිෂ්පාදනය මත අය කෙරෙන සහනාධාර අඩු කරන ලද අනෙකුත් බදු, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන වියදම් සහ නිෂ්පාදනය මත අය කෙරෙනු ලබන සහනාධාර අඩු කරන ලද බදු යන ප්‍රධාන අංගයන්හි එකතුව ආදායම් ප්‍රෙව්ශයට ඇතුළත් වේ. මෙම සංරචකයන් 2014 වර්ෂයේ දළ දේශීය නිස්පාදිතයට දක්වන ආයකත්වයක් පිළිවෙළින් 26.5%ක්, 49.3%ක්, 6.2%ක්, 2.2%ක්, 6.5%ක් සහ 9.3%ක් වේ.

     

    2015 තුන්වන කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේනතුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇත.

     

    ජනලේඛන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුවේ දත්ත ඇසුරින්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya