අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනගහන අර්බුදය සහ ඉලක්කගත සංවර්ධනය

    දෙසැම්බර් 07, 2015
    සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම වූ කලී ඉලක්කම්ගත සාධනයක් ලෙස ඵලදායී නොවන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. නමුත් මෙම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට ආසියාතික රටවල් දක්වන උනන්දුවෙහිද අඩුවක් නොවේ. 
    එසේ වුවද බටහිර යුරෝපය තුළ මානව තත්ව සහ සංඛ්‍යාන දත්ත රටා ගණනය කිරීම මඟින් ස්වකීය අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට පෙළඹී තිබේ. මෙම සාකච්ඡාවට ලක් කෙරෙනුයේ ජන ගණත්වය සහ ශ්‍රම දායකත්වය මෙරට තුළ දක්වනු ලබන දායකත්වය සම්බන්ධව ප්‍රමිතිගතව විශ්ලේෂණයට ලක් කිරීමටයි.
     
    අවසන් වරට සිදු කරනු ලැබු ජන හා සංඛ්‍යාලේඛණ ඇගයීම සිදු වූයේ 2012 වර්ෂයේදීය. 203,504,39ක ජනගහණයක් වෙසෙන අප රට තුළ වර්තමානය වන විට මෙම තත්වය සීග්‍ර වර්ධනයක් අත්පත් කරගෙන සිටී. රට වෙනුවෙන් සක්‍රීය දායකත්වය දක්වනු ලබන ජනගහණය සහ ළමා ජනගහණය මෙන්ම වැඩිහිටි ජනගහනය මෙම තත්ත්වය තුළ වෙන් වශයෙන් හදුනාගත හැකිය. වැඩ කරන වයසේ ජනගහණය 62.4 % ක්ද, ළමා ජනගහණය 25.2 % ද, වැඩිහිටි ජනගහණය 12.4 % ක්ද ලෙසින් මෙය සංඛ්‍යානමය වශයෙන් හඳුනාගත හැකිය. මෙහිදී වැඩිහිටි ජනගහණය වඩාත් වර්ධනය වන තත්වයකට ලක්ව ඇති අතර සංඛ්‍යාලේඛණ විශේෂඥයින් පෙන්වා දෙන අන්දමට ඉදිරි වසර 20 - 25 කාලය තුළ මෙම තත්වයට මුහුණදීම සඳහා නිසි ක්‍රමවේද සකස් නොකළහොත් ඌණ සංවර්ධනයක ප්‍රතිලාභ රටට හිමිවන බවයි. එබැවින් මෙම තත්වය නිසි ඇගයීමට ලක් කළ යුතු අතර සංවර්ධන ඉලක්ක සැකසීමෙහි දී වැඩිහිටි ජනගහණය සක්‍රීය ලෙස රටේ සංවර්ධනයට දායක කරගත යුතු ආකාරය පිළිබඳව විශේෂ එකඟතාවයකට ලක් කළ යුතුය.
     
    1981 වර්ෂය වන විට මෙරට වයස 60 නොඅඩු වැඩිහිටි ජනගහනය 6.6 % අගයක් ගෙන ඇති අතර එය 2012 වර්ෂය වන විට 12.4 % අගයක් ගැනීම දෙගුණයකට ආසන්න වර්ධනයකි. ජනගහණය වර්ධනය වීමත් සමඟින් මෙවැනි තත්වයන් ඇතිවීම වළක්වාලිය නොහැකි වූවත් එමඟින් රටේ සංවර්ධනයට ඉන් දායකත්වයට ඇගයීමට ලක් කරනු ලැබීම වටිනේය. baby
     
    මෙහිදී වඩාත් අර්බුධකාරී තත්වය නිර්මාණය වී ඇත්තේ 1981 වර්ෂයේ මෙරට 15–59 වයස්හි පසුවන ජනගහනයේ වර්ධනය 58.25 % පසුවීම මෙන්ම එය 2012 වන විටත් 62.4 % වැනි අල්ප වර්ධනයකට සීමා වීමත්ය. වයස 15ට අඩු ප්‍රජා වර්ධනය 1981 වර්ෂය වන විට 35.2 % අගයක් ගන්නා අතර, 2012 වන විට එම තත්වය 10 % ක අගයකින් පහළ බැස ඇති අතර 25.2 % දක්වා එය වාර්තා වේ. මෙවැනි තත්ත්වයක් තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකට කවරාකාරයෙන් බලපෑම් ඇති කරනවාද යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එබැවින් වර්ධනය වන ජනඅනුපාතයට සාපේක්ෂව එහි ප්‍රතිලාභය රටේ සංවර්ධනයට නොමසුරුව බැරවිය යුතුවේ. එසේත් නොමැතිව බහුතර ජනගහන අනුපාතය වැඩිහිටි වූ පමණින් සිදුවන ඌණ සංවර්ධනයෙන් කිසිලෙසකින් හෝ ගැලවීමට රටක් වශයෙන් අපට නුපුළුවන.
     
    එබැවින් මේ තත්ත්වය රාජ්‍ය තාන්ත්‍රීය මට්ටමින් තීරණය කළ යුතු තත්වයකි. නිදහස ලැබූ දින සිට මේ මොහොත දක්වාම ජනගහණය ක්‍රමිකව වර්ධනය වීමත් සමඟ ගතවූ ආණ්ඩු ස්වකීය තීරණ අතරට වැඩිහිටි ජනගහනයේ ශ්‍රම ඵලදායීතාව නිසි ලෙස ලබාගැනීම පිළිබඳව නිසි අවධානයක නොසිටි බව සඳහන් කළ යුතුය. 1964 වසරේ මෙරට වැඩිහිටි ජනගහණය 366,154 ක්ව පැවති අතර 2012 වන විට එම තත්වය 2,520573 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම වැඩිහිටි ජනගහනය තුළ ගොඩනැගුණු ශ්‍රම විපුලත්වයද, වැඩිවියත් සමඟ අපතේ හැරීම සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවල් කෙරේ සුභදායී නොවේ. යුරෝපය තුළ පමණක් නොව, නැගෙනහිර ආසියාවේ, ජපානය, චීනය වැනි රටවල් මෙම වර්ධනය වන වැඩිහිටි ජනගහනයට කඩිනම් පිළිතුරු සොයා ගෙන තිබේ. විවිධ විශේෂිත තෝරාගත් වෘතීන් එහිදී ප්‍රමුඛ වන අතර, උදාහරණයක් වශයෙන් රියදුරු සේවය, නාගරික කෘෂිකර්මාන්ත, ස්වයං ව්‍යාපාර, පුස්තකාල සේවා නඩත්තුව, ස්වර්ණාභරණ වෙළඳාම වැනි විශේෂිත වෘත්තීන් ඇතැම්විට අ.වු. 50 ට ඉහළ පුරවැසියන් සඳහා පමණක් සීමා කොට ඇත. අප තවදුරටත් තීරණ සකසනුයේ වැඩිහිටි ජනගහනයේ සුරක්ෂිතතාවය හෝ රැකවරණය පිළිබඳව පමණක්වීම මෙම වර්ධනය වන වැඩිහිටි ජනගහන අර්බුධයට විසඳුමක් නොවේ. එබැවින් යැපෙන්නන් නොවන වැඩිහිටි ප්‍රජාවකගේ අවශ්‍යතාවය මේ මොහොතේ රටට අවශ්‍යව ඇත. ජනගහණය අතින් වර්ධිත දිස්ත්‍රික්ක රැසක වැඩිහිටි ජනගහන ප්‍රතිශතය 10 % ක් ඉක්මවන බව ජන හා සංඛ්‍යාලේඛණ දත්ත පෙන්වා දෙයි. කොළඹ 13.6 % ක්ද, ගම්පහ 12.8 % ක්ද, මහනුවර 18.5 %, ගාල්ල 14.7 % සහ මාතර 14.8 % ක්ද, ආදී වශයෙන් වැඩිහිටි ජනගහනය පොදුවේ වර්ධනය වී තිබේ. මෙරට වැඩිහිටි ජනගහනයෙන් පුරුෂ 44.3 % ක් හා ස්ත්‍රීන් 55.7 % ක්ද වශයෙන් පවතින අතර, ඒ අතරින් වැන්දඹු 20.9 % ක් බවත් සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි. වයස අ.වු.60–74 සීමාවෙහි පසුවන්නන් 78 % ක් ලෙසින්ද, 75 සහ ඊට වැඩි 22 % ක් ලෙසද ඒ අතර පවතී. ආර්ථික ක්‍රියාකාරි වශයෙන්25.2 % ක් බව සංඛ්‍යාලේඛණ වාර්තා කරයි. මෙම ආර්ථික ක්‍රියාකාර වශයෙන් ගැනෙන කොට්ඨාශය තුළට විශ්‍රාමිකව කල්ගත කරනු ලබන, එහෙත් ගොවිතැන සමඟ දිවිගෙවන වැඩිහිටි ප්‍රජාව අඩංගු වන්නේදැයි සැක සහිතය.
     
    නාගරික ජනගහණය බහුතරය විවේකී සුවයෙන් කල් ගෙවූවද ප්‍රායෝගිකව නාගරික වැඩිහිටි ජනගහනය තවමත් ගොවිතැන් කර්මාන්තය තුළ යෙදෙමින් මෙරට නිෂ්පාදන ආර්ථිකයට දිරිදෙයි. තරුණ පිරිස් කෘෂිකර්මාන්ත සේවාවන්ගෙන් ඈත්වීමත් ඊට සාපේක්ෂව පාරම්පාරිකව කෘෂිකර්මාන්තය සමඟ කල් ගෙවන වැඩිහිටි පිරිස් බොහොමයක්  අප ග්‍රාමීය සමාජය තුළ හඳුනා ගත හැක. වී ගොවිතැන, එළවළු බෝග වගාව ඇතමුන්ගේ ජනප්‍රිය ජීවනෝපාය මාර්ගයවේ. 
     
    වැඩිහිටි සුරක්ෂිතතාවය වඩාත් ප්‍රායෝගිකව, නම්‍යශීලීව ක්‍රියාත්මක කිරීමට මෙම ග්‍රාමීය පරිසරයට දායකත්වය දැක්විය හැකිය.වැඩිහිටි ප්‍රවර්ධන හෝ සුරක්ෂිතතා නිලධාරීන්ගේ නිසි ප්‍රතිපත්තිමය දායකත්වය ලබා ගත යුත්තේ ආකල්පමය වශයෙන් වෙනස් වූ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වන වැඩිහිටි පිරිසක් මෙරටට හඳුන්වා දීමටයි. සංඛ්‍යාලේඛණ දත්ත පෙන්වා දෙන ආකාරයට 1981 වර්ෂයේදී මෙරට පුරවැසියන් 09 දෙනෙකුගෙන් එක් අයෙකු වැඩිහිටියෙකු වේ. 
     
    එමෙන්ම 2012 වර්ෂය වන විට පුරවැසියන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු වැඩිහිටියෙකු වේ. මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමෙන් 2041 වර්ෂය වන විට පුරවැසියන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු වැඩිහිටියෙකුවීම වළක්වාලිය නොහේ. 
     
    මෙම තත්වයට දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍ය නොවන අතර, මේ මොහොතේ පටන් පුළුල් ක්‍රියාවලියක වැඩසටහනක් අවශ්‍යව පවතී. එමඟින් ඉදිරියේදී සංවර්ධිත ලක්ෂයන් සපුරාගැනීම පිණිස වැඩිහිටි ප්‍රජාව බලගැන්වී තිබීම වටිනේය. 
     
    වැඩකරන වයසේ සහ වැඩ කළ හැකි වයසේ නිසි වයස් සීමාව පැහැදිලිව හඳුනාගත යුතු අතර, එය ඵලදායීව යොදා ගත යුතුය. ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂිකය තුළ ගත කරනු ලබන සීමාව තවදුරටත් වර්ධනය විය යුතුය. ආර්ථික අභිවෘද්ධිය හා සමාජීය අභිවෘද්ධිය ගොඩනංවාලීමේ අවශ්‍යතාව ඉන් ඉස්මතුවේ. එක්සත් ජාතීන්ගේ නිර්වචනයට අනුව යම් ජනගහනයක් ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂිකයට හිමිකම් කියනු ලබන්නේ අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ ප්‍රතිශතය සමස්ථ ජන සංඛ්‍යාවෙන් 30 % කට අඩුවෙන් වාර්තා වන සහ අවුරුදු 60 සහ ඊට ඉහළ වියපත් වූවන්ගේ ප්‍රතිශතය 15 % කට අඩුවෙන් පවතින විටදීය. එහිදී සංවර්ධනය වූ රටවල් සිය රටේ වියපත් වූවන්ගේ සීමාව අවුරුදු 65 ක් දක්වා නීර්ණය කරනු ලබන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් එය වයස අවුරුදු 60 දක්වා සීමා කොට ඇත. වැඩ කළ හැකි වයස් කාණ්ඩයන් විශ්‍රාමිකයන් ලෙස වර නැගීමේ හානිය අපටද අනුපිළිවෙළින් උරුම වී තිබේ. කෘෂිකර්මාන්තයේ වාසිය පවා අප අත හැර දමා ඇත. නමුත් හොංකොං, දකුණු කොරියාව ජපානය හා චීනය වැනි කාර්මික රටවල් පමණක් නොව ආසන්නයේ ඇති 
    ඉන්දියාව පවා සිය වැඩිහිටි ජනගහනයේ සිය ශ්‍රමය භුක්තිවිඳිමින් සිටී. ඔවුහු ලෝක බලවතුන් ලෙස නැඟී සිටී.
     
    teaදැනුම හා අත්දැකීම්හි පරිණත භාවය ලබන අතලොස්සක් වූ වෘත්තීන් අතරට තව තවත් එක් විය යුතු වෘත්තීන් පවතී. අධ්‍යාපනික විශ්‍රාමික ඉම, නීතීය එහිදී කැපී පෙනුණත්, මූල්‍ය, සේවා අංශයන් හා වාණිජ අංශයන්හි විශ්‍රාමික ඉම ඉහළ යා යුතුය. පොදුවේ විශ්‍රාමික වයස ඉහළ නැංවිය යුතුය. එමෙන්ම ආයෝජනය, වෘත්තීන්හි ශ්‍රමිකතාව ඵලදායීව හසුරුවාලීම, ඉතුරුම වැනි යටිතල සංකල්ප වෙත දැඩි අවධානය යොමු විය යුතුය. එවැනි තත්වයන් බැහැර කොට හුදෙක් තරුණ ජනගහණය හෝ ළමයින්ගේ අධ්‍යාපනික සාධකය හෝ දියුණු තියුණු කලද, වැඩිවන ජනගහනයේ බලපෑමෙන් මිදීමට අපට නොහැක. සැබෑ අර්බුදය යථෝක්ථ පරිදි අවධාරණයට ගත හැකි වුවහොත් ජනගහණයේ එකී වයස් කාණ්ඩයන්හි නිසි ඵල විපුලතාව උපුටා ගැනීමට රටක්ලෙස අපට හැකිය.
     
    - සහන් හේවා ගමගේ
     
    2012 - ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දත්ත ඇසුරිනි.
    -Population Change and Supply oflabour in Sri Lanka - 2000 
    -ජනගහන අධ්‍යනය, ශ්‍රී ලංකාව ඇසුරින් (2004)
    -World Bank (2008), Sri Lanka
    -UN (1976), Population of Sri Lanka
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya