අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය පිළිබඳ මැති ඇමති මත

    නොවැම්බර් 20, 2015

    රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීමේ අනතුරුව අද (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව රජයේ අයවැය සම්බන්ධයෙන් විවිධ අඳහස් පල කළේ ය.

     

    ගොවියාට සහන ඒ ආකාරයෙන් ම ලබාදී තිබෙනවා
    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා

    ravi 1එක ආණ්ඩුවක් ලෙස හැමෝම එකතුවෙලා, අපි ඉදිරිපත් කර තිබෙනවා.මේ සියලු දේ ක්‍රියාත්මක වෙනව 2016 වසරේ.ඒ අයට තේරේවි මෙතෙක් නොකළ දේවල්.අපේ ආණ්ඩුව කරලා පෙන්වනවා.භාණ්ඩ 11ක මිල අඩුකර තිබෙනවා.වී ගොවියාට සහන ඒ ආකාරයෙන් 
    ම ලබාදීලා,ණය අඩු කර තිබෙනවා.

     

     

     

     

    දූරදර්ශී අයවැයක් හැටියට මේ අයවැය දකිනවා
    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා-

    gayanthaකල්පනාවෙන් ඉදිරිපත් කළ, දූරදර්ශී අයවැයක් හැටියට මේ අයවැය දකිනවා.මුදල් අමාත්‍යතුමා දීර්ඝ අයවැයක් ඉදිරිපත් කළා.සංවර්ධනය ඉලක්ක කරගත් සැම ක්ෂිත්‍රයක්ම බලා හදපු, පොඩි මිනිසුන්ට බර පටවන්නේ නැතිව හදපු සාර්ථක අයවැයක් ලෙස දකිනවා.

     

     

     

    ප්‍රායෝගිකව ගමට ගෙනි යන්නේ කෙසේද කියා අපි බලාගෙන ඉන්නවා

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා-

    Namal newපොරොන්දු බොහොමයක් තිබෙනවා.ප්‍රායෝගිකව ගමට ගෙනි යන්නේ කෙසේද කියා අපි බලාගෙන ඉන්නව.ජනතාවට පොරොන්දු වූ සහන දෙයි කියා බලාපොරොත්තු වෙනවා.

     

     

     

     

     

     

    ඉතාම සමබර සාධාරණ ලෙස සමතුලිතභාවයක් තිබෙන,අයවැයක්

    රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා-

    kabeerඑදා සංවර්ධනයට වඩා සංදර්ශනය තමයි මූලික වුණේ.ඒවා පුස්සක් බවට පත් වුණා.ඉදිරිපත් කළ අයවැය ඉතාම සමබර සාධාරණ ලෙස සමතුලිතභාවයක් තිබෙන,අයවැයක් ලෙස දකිනවා.ලෙඩ කීපයක් තිබෙන ආර්ථිකයක් හදන්න හැම පැත්තක් ම බලන්න ඕන.සමාජ යටිතල පහසුකම්වලට ආයෝජනය පසුගිය කාලයේ කැපුණා.

    මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සියයට හයකට වඩා මුදලක් වෙන් කළා.සෞඛ්‍යයට මුදල් වැඩි කළා.නිවාස ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, මිනිසුන්ගේ පොදු ප්‍රශ්නවලට විශාල ආයෝජනයක් එකතු කර තිබෙනවා.

    ජනතාව නැගිටවන්න ඕන ජනතාව නැගිටවන්න නම්.එයට මේ අයවැයෙන් ආයෝජනයක් තිබෙනව.ආදායම් විෂමතාව නැති කරන්න,සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය,ක්‍රියාත්මක කරමින් අයවැය ඉදිරිපත් කර තිබෙනවා.ප්‍රශ්න රාශියක් තිබෙන ආර්ථිකයකට විසඳුම් දිය හැකි අයවැයක් ලෙසයි මෙය දකින්නේ.

     

     


    මැද කාලීන ආර්ථික ප්‍රතිපත්තිය අනුව,අයවැයට කරුණු ගණනාවක් ඇතුළත් කර
    තිබෙනවා

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා-

    vajiraදසක දෙකකට පසුව,අලුත් පාලනයක් සමඟ ඉදිරිපත් කරන අයවැයක්.රටේ අනාගතය ගැන හිතලා අයවැය මඟින් තීන්දු රැසක් ගෙන තිබෙනවා.මැද කාලීන ආර්ථික ප්‍රතිපත්තිය අනුව,අයවැයට කරුණු ගණනාවක් ඇතුළත් කර තිබෙනවා.ග්‍රාම රජ්‍ය 2500ක් පිහිටුවා,හැම
    ග්‍රාමසේවා වසමකටම අවම වශයෙන් ලක්ෂ පහළොවක මුදලක් ඇතුළත් කර, අලුතින් ඉදිවන ග්‍රාම රාජ්‍ය සඳහා මුළු රටම එකසේ සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

     

     

     

     


    අයවැයේ මූලික කියවීම වන්නේ,අලුත් මඟක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ-

    rathana teroමෙය යම්කිසි ප්‍රතිපත්ති මූලික අයවැයක් ලෙස හදුන්වන්න පුළුවන්. අයවැයේ මූලික කියවීම වන්නේ,අලුත් මඟක්,ආර්ථික වශයෙන් හරි දිශානතියකට ඇවිත් නෑ.අලුත් අයවැය සම්බන්ධයෙන් කියවීමක් අවශ්‍යයි.පොහොර සහනාධාරය වෙනුවට හෙක්ටයරයට රුපියල්
    25,000ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී තිබෙනවා.ස්වාභාවික පොහොරවලට පොළඹවන්න මෙය ඉතා වැදගත් සාධකයක්.මෙය ඉතා ප්‍රායෝගික දෙයක්.අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කර තිබෙනව.

     

     

     

    තුලනාත්මක අයවැයක් මෙතැන තිබෙනවා

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා-

    harshaවසර දහයකට පසු වෙනස් වූ අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා.මධ්‍ය කාලීන ආර්ථික වැඩපිළිවෙලට අවශ්‍ය, පසුබිම මෙයින් සකස් වෙනව. ලංකාව ලෝකය සමඟ එකතු කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. තුලනාත්මක අයවැයක් මෙතැන තිබෙනවා.

    අධ්‍යාපනයට හතරගුණයකින් වියදම් වැඩි කර තිබෙනව.අපි අධ්‍යාපනයට වැඩි ආයෝජනය කරන බව කිව්වා.පාසල් අධ්‍යාපනයට විශාල වැඩි කිරීමක් කර තිබෙනවා.අපේ දර්ශනයට අවශ්‍යවන පරිදි මූලික අඬිතලම මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

     

     

     

    sajith

    පොදු ජනතාවට ඓතිහාසික සේවයක් ඉටුකරන විශිෂ්ට අයවැයක්
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා-

    අද්විතීය,විප්ලවීය,පොදු ජනතාවට ඓතිහාසික සේවයක් ඉටුකරන විශිෂ්ට අයවැයක් ඉදිරිපත් වුණා.නිවාස ක්ෂේත්‍රය වෙනුවෙන් එක් පියවරක දී රුපියල් 45,000ක් වෙන් කරල,මේ රටේ ග්‍රාමීය නිවාස ඉදිකිරීමේ කර්තව්‍යයට අතිවිශාල මුදල් වෙන් කිරීමක් සිදු වී
    තිබෙනවා.
    මේ රටේ මධ්‍යම පාන්තික නිවාස ලක්ෂ පහක් කර යනඅග්‍රමාත්‍යතුමාගේ ඉලක්කය සපුරාලීම සඳහාත් මේ අයවැය අපිට දිරිය ශක්තිය ලබාදී තිබෙනව.ඌණ පහසුකම් සහිත පාසල්වලට අතිවිශාල ශක්තියක් අයවැයෙන් ලැබී තිබෙනවා. මූල්‍ය අර්බුදයක් තිබෙන
    මොහොතක ප්‍රමුඛතා රැසකට මුදල් වෙන් කර තිබෙනවා.

     

     

     

     

    මෙම අයවැය බොහොම සර්ථක අයවැයක්

    පළාත් සභ සහ පළාත් පලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා-

    karunarathna Mpමෙම අයවැය බොහොම සර්ථක අයවැයක්.අධ්‍යාපනය ,ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම,යටිතල පහසුකම් දියුණු කිරීම, යනාදී ක්ෂේත්‍රවලට විශාල වශයෙන් මුදල් වෙන් කරලා,පොදු ජනතාව දෙස බොහොම ලෙන්ගතුව බැලූ අයවැයක්.

     

     

     

     

    ප්‍රභාත් රත්නායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya