මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ සමය තුළ රාජ්‍ය දේපළ භාවිතය ගැන දැනුවත් කෙරේ

    ජූලි 28, 2015

    රාජ්‍ය දේපළ පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධන සඳහා යොදා ගැනීම වැළැක්වීම සඳහා ක්‍රියා කිරීම හා රාජ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධ ස්ථානවල සහ මහජනතාවට පෙනෙන පරිදි රාජ්‍ය ආයතන පරිශ්‍රවල පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනය හේතු වන පරිදි ප්‍රදර්ශනය කෙරෙන ප්‍රචාරක පුවරු, චිත්‍ර යනාදිය ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

    මේ සම්බන්ධයෙන් මීට පෙරද උපදෙස් ලබා දී තිබෙන අතර ඊට අමතවරව පහත සඳහන් කරුණු ද කොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

     

    රජයේ වාහන අයතු ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීමට දැනටමත් ක්‍රියා කර ඇතැයි අපේක්ෂා කරන අතර එසේ නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස කොමසාරිවරයි දන්වා සිටි.

     

    එහිදි අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජය අමාත්‍යවරුන් හා තමන් විසින් දරන හෝ මෙයට පෙර දැරූ තනතුරු හේතුවෙන් නිල වාහන භාවිතා කිරීමට හිමිකම් ඇති දේශපාලඥයන් වෙත වෙන් කර ඇති නිල වාහන මැතිවරණ ප්‍රවර්ධනය කටයුතු සඳහා යෑමට ඊමට භාවිත කරන්නේ නම් ඒ සඳහා අදාළ තනතුරුධාරීන් එක් වාහනයකට රුපියල් 100,000ක මුදලක් එක් මාසයක් සඳහා ගෙවිය බවට හා අමතර ඉන්ධන/රියදුරු අතිකාල යනාදී වියදම් පෞද්ගලිකව දැරිය යුතුය.

     

    අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජය අමාත්‍යවරුන් නොවන එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන කතානායකවරයා, විපක්ෂ නායකවරයා, විපක්ෂයෙන් නියෝජිත හිටපු මන්ත්‍රීවරයා වූ ජෝන් සෙනෙවිරත්න මහතා, සෙසු පක්ෂ නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරයා වූ ආර්.සම්බන්ධන මහතා, හිටපු නියෝජ්‍ය කතානායකවරයා, ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් යන මහත්වරුන්ගේ නොවන එහෙත් 7 වන පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වෙත ලබාදී ඇති රජයේ වාහන 2015.07.22 දිනට පෙර ලබා ගත යුතුය.

     

    එසේම අමාත්‍යවරුන්ට නියමානුකූලව වෙන් කර දී ඇති වාහන හැර අමාත්‍යාංශ/රාජ්‍ය අමාත්‍යාංශ/රාජ්‍ය අමාත්‍යාංශ සතු වෙන් කළ හෝ සංචිත වාහන සෘජුවම හෝ නිලධාරීන්ගේ රාජකාරී නැතහොත් විශේෂ ව්‍යාපෘති රාජකාරී ලෙස පෙන්වා දෙමින් වක්‍රව හෝ දේශපාලඥයින්ගේ ප්‍රයෝජනය සඳහා එනම් පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා ලබාදීම අත්හිටුවීම හා එසේ වාහන ලබාදී ඇත්නම් එම වාහන 2015.07.22 දින පෙර ලබා ගත යුතුය.

     

    අමාත්‍යවරුවන්ගේ කාර්ය මණ්ඩල වෙත ලබාදී ඇති නිල වාහන අතුරින් එක් වාහනයක් පමණක් ( පෞද්ගලික ලේකම්වරයාගේ වාහනය) හැර අන් වාහන 2015.07.22 දින වන විටදීවත් ආපසු ලබා ගැනීම හා ඒ වෙනුවට ප්‍රවාහන පහසුකම් සඳහා නියමිත දීමනාව පමණක් ගෙවීම සඳහා එම වාහන අවශ්‍ය වුවහොත් මැතිවරණ රාජකාරී සඳහා යෙදවීම පිණිස තේරීම්භාර නිලධාරීන්ට නිදහස් කිරීමට ක්‍රියා කිරීම.

     

    ස්වකීය අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතනවලට අයත් කිසිඳු වාහනයක් සෘජුවම හෝ වක්‍රව දේශපාලන ප්‍රවර්ධන ක්‍රියා සඳහා නොයෙදවන බවට සහතික වීම් වස් ඉහත දක්වා ඇති කරුණු හා අදාළ සෙසු කරුණ ද ඇතුළත් උපදෙස් ලිපියක් අමාත්‍යාශයට යටතේ ඇති දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කිරීම හා ඒ අනුව රාජ්‍ය දේපළ අවභාවිතාවේ නොයෙදිය යුතුය.

     

    අමාත්‍යාශවල/දෙපාර්තමේන්තුවල හා රාජ්‍ය ආයතනවල වෙන් කළ වාහන නොවන සියලුම වාහන මැතිවරණ රාජකාරී සඳහා නිදහස් කෙරෙන බවට වග බලා ගැනීම සහ මේ පිළිබඳව පෙර සඳහන් උපදෙස් ලිපියට ඇතුළත් කිරීම.

     

    රජයේ සංචාරක බංගලා ශ්‍රවණාගාර, ශාලා පහසුකම් මාධ්‍ය ඒකක යනාදිය 

    රජයේ සංචාරක බංගලා, නිවාඩු නිකේතන නිල නිවාස කිසිවක් මෙම මැතිවරණ කාල සිමාව තුළ කිසිවෙකුට පූර්ණකාලීනව වෙන කර දීමෙන් වැළැකී සිටිය යුතුය. එමෙන් ම එකී ස්ථාන කඩින් කඩ විවිධ පුද්ගලයින් හරහා වෙන් කර ගනිමින් පක්ෂ/ අපේක්ෂක ප්‍රවර්ධක ක්‍රියා සිදු කිරීමට කිසිදුවෙකුට ඉඩ නොදිය යුතු අතර එවැනි අකටයුතු පිළිබඳ පැමිණිලි ලද වහාම වෙන කර දීම අවලංගු කළ යුතුය.

     

    තව ද රාජ්‍ය නිලධාරීන්ට/අමුත්තන්ට වෙන්කර දෙනු ලබන පිට පළාත්වල පිහිටි මෙවැනි සංචාරක බංගලා නිවාඩු නිකේතන යනාදිය මැතිවරණ කාල සීමාව තුළ වෙන් කර දීමේදී තේරීම්භාර නිලධාරීන්ගේ ඉල්ලීම්වලට ඉහළම ප්‍රමුඛතාව ලබාදීය යුතු අතර, 2015අගෝස්තු මස 13 වන දින සිට 2015 අගෝස්තු 20 වැනි දින දක්වා කාලය තුළ පිටපළාත් වල රජයේ/ රාජ්‍ය ආයතනවල සංචාරක බංග්ලා තේරීම් භාර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන් කර දීම අවශ්‍ය වනු ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් ස්වකීය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් සහ අමාත්‍යාශය යටතේ ඇති දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් නැවතත් දැනුවත් කළ යුතුය.

     

    ශ්‍රවණාගාර, ශාලා පහසුකම් හා රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ ඡන්ද ආයාචනා කිරීම/අත්පත්‍රිකා බෙදීම

     

    රාජ්‍ය ආයතන සතු ශ්‍රවණාගාර සහ ශාලා පහසුකම් කිසිදු පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධන කටයුක්තක් සඳහා ලබාදීම නොකළ යුතුය යන නියමය, ‘කුලී පදනම මත පක්ෂ/අපේක්ෂක භේදයකින් තොරව සාමාන්‍යයෙන් ලබා දෙන ශාලා, ශ්‍රවණාගාර, ක්‍රීඩා භූමි සඳහා අදාළ නොවේ‘ යන ව්‍යාතිරේකයට යටත්ව තදින් ම ක්‍රියාත්මක කළ යුතුය.

     

    එමෙන් ම රජයේ හෝ රාජ්‍ය ආයතනවල කාර්යාලය, පළාත් පාලන ආයතන, රජයේ පාඨශාලා
    පරිශ්‍ර තුළ ඡන්ද ආයාචනා කිරීම් හෝ අත්පත්‍රිකා බෙදීම් හෝ ප්‍රචාරන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සඳහා කිසිම තැනැත්තෙකුට හෝ පිරිසකට ඉඩ නොදිය යුතුය.

    අමාත්‍යාංශවල හා රාජ්‍ය ආයතනවල මාධ්‍ය ඒකක පක්ෂ/ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම

    කිසිදු අමාත්‍යාංශයක, රාජ්‍ය අමාත්‍යාංශයක, පළාත් සභාවක, පළාත් සභා අමාත්‍යාංශයක මාධ්‍ය ඒකක හෝ වෙනත් රාජ්‍ය ආයතනයක මාධ්‍ය ඒකක හෝ රාජ්‍ය නිලධාරීන්/රාජ්‍ය දේපල යොදවා ඇති අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල මාධ්‍ය ඒකක එනම් එකී මාධ්‍ය ඒකකවල සේවයේ නියුතු නිලධාරීන් හා එම මාධ්‍ය ඒකකවල දේපල කිසිදු අයුරකින් පක්ෂ/ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යෙදවීම නැතහොත් යොදා ගැනීම රාජ්‍ය දේපල අවභාවිතාවක් සේ සලකා ක්‍රියා කරනු ලැබේ. එවැනි ක්‍රියා වැළැක්වීම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන අත්හැරිය නොහැකි වගකීමක් බව දන්වමි. එහෙයින් මේ සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝක අදාළ සියලු ම දෙපාර්තමේන්තු වෙත වහාම නිකුත් කළ යුතුයි.

     

    මෙම කාලය තුළදී කිසියම් රාජ්‍ය උත්සවයකට අමාත්‍යවරුන් සහභාගි වන්නේ නම් ඒ පිළිබඳව කල් වේලා ඇති ව මා දැනුවත් කිරීමට අදාළ නිලධාරීන් පියවර ගත යුතු අතර, එවැනි අදේශපාලනික අවස්ථා අමාත්‍යාංශ ලේකම්වරයාගේ සමීප අධීක්ෂණය යටතේ ඡායාරූප/ වීඩියෝ ගත කිරීමට ඉඩ දිය හැකිය. එනමුත් එවැනි ඡායාරූප හා දර්ශන ප්‍රසිද්ධියට පත් කළ යුත්තේ කිසිදු දේශපාලන ප්‍රවර්ධන කාර්යක් නොවන බවට අමාත්‍යාංශ ලේකම්වරයා පෞද්ගලිකව ම සෑහීමකට පත්වීමෙන් අනතුරුවය.

     

    මේ පිළිබඳව නිශ්චිත ලිඛිත උපදෙස් අදාළ සියලු ම නිලධාරීන්ට වහාම නිකුත් කිරීමට ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය.

     

    මේ පිළිබඳව අමාත්‍යවරුන් ඇතුළුව අමාත්‍යාංශය හා සබඳතා පවත්වන සියලුම දේශපාලඥයන්ද දැනුවත් කිරීම යෙහෙකි යැයි හැගිණි.

     

    රාජ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධ ස්ථානවල සහ මහජනතාවට පෙනෙන පරිදි පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනයට හේතු වන පරිදි ප්‍රදර්ශනය කෙරෙන ප්‍රදර්ශන පුවරු චිත්‍ර යනාදීය ඉවත් කිරීමට පියවර ගැනීම.


    රජයේ අමාත්‍යාංශ විසින්. පළාත් සභා විසින්, දිසාපතිවරුන් විසින්, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින්, රාජ්‍ය සංස්ථා/මණ්ඩල යනාදී ව්‍යවස්ථාපිත ආයතන විසින් හා පළාත් පාලන ආයතන විසින් ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු විවිධ උත්සව අවස්ථා හෝ විවෘත කිරීම් නැතහොත් ජනතා අයිතියට/සිසු අයිතියට පත් කිරීම සැමරීම පිණිස මෙන්ම රජයේ සංවර්ධන ක්‍රියා හුවා දැක්වීම පිණීස ඉදිකර ඇති ප්‍රදර්ශන පුවරුවල දේශපාලඥයන්ගේ රුව ප්‍රචාරක වැකි සඳහන්ව තිබීම හේතුවෙන් පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදු වන බවට ලැබී තිබූ පැමිණිලි අතුරින්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙතින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හා මැතිවරණ පැමිණිලි විමර්ශන කාර්යාංශයට ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවත්වනු ලැබූ කරුණු විමසීමකදී තීරණය වූ පරිදි එවැනි ප්‍රදර්ශන පුවරු පුරවැසියන්ගේ ඡන්ද අයිතියට බලපාන, එමගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන කරුණක් වන හෙයින් ද එවැනි ප්‍රදර්ශන පුවරු මැතිවරණ කාලසීමාව තුළදී ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි හෙයින් ද ප්‍රසිද්ධ ස්ථානවල හා රාජ්‍ය ආයතනවල ඉදි කර ඇති පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනයට හේතු වන දේශපාලඥයන්ගේ රුව/වැකි/චිත්‍ර/ආවේණික සලකුණු සහිත සියලුම ප්‍රදර්ශන පුවරු වහාම ගලවා ඉවත් කළ යුතුයි. ( මේ පිළබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද නිර්දේශ හා නියම නිකුත් කිරීමට නියමිතය.)

     

    මෙවැනි පුවරු ඉවත් කර වීමට නොපමාව පියවර ගන්නා ලෙස ස්වකීය අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරීන්ට මෙන්ම ස්වකීය අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය ආයතන ප්‍රධානින්ට නොපමාව උපදෙස් දීම හා එම උපදෙස් ක්‍රියාත්මක වන බවට නිසැකි වීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකසා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පැවරෙන වගකීමක් බව කොමසාරිස්වරයා දන්වා සිටි.

     

    වෙනත් කරුණු


    කිසිදු අමාත්‍යාංශයක්/රාජ්‍ය අමාත්‍යාංශයක්/පළාත් සභාවක්/ රාජ්‍ය දෙපාරත්මේන්තුවක්/රාජ්‍ය සංස්ථාවක්/ ව්‍යවස්ථාපිත ආයතනයක්/ මණ්ඩලයක්/ රාජ්‍ය බැංකුවක්/ පළාත් පාලන ආයතනයක්/ පක්ෂ/ අපේකෂක ප්‍රවර්ධනයට හේතුව න සංගීත සංදර්ශන, සැණකෙලි, ප්‍රදර්ශන, වැඩමුළු, අධ්‍යාපන සම්මන්ත්‍රණ යනාදිය සංවිධානය කිරීම හෝ අනුග්‍රාහකත්වය ලබාදීමට මැතිවරණ කාල සීමාව තුළදී කටයුතු නොකළ යුතුය. මේ පිළබඳව අදාළ සියලුම දෙපාර්තමේන්තු දැනුවත් කිරීමට පියවර ගත යුතු වේ.

     

    අමාත්‍යාංශ විසින් හෝ අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන විසින් සංවිධානය කරනු ලබන මුල්ගල්තැබීම, විවෘත කිරීම, ජනතා අයිතියට පැවරීම, විවිධ ප්‍රදර්ශ පැවැත්වීම යනාදී කටයුතු සඳහා දේශාපලඥයින් විශේෂයෙන් ම තරග කර අපේක්ෂකයන් සහභාගි කරවා ගැනීමෙන් වැළැකී සිටිය යුතු අතර අමාත්‍යවරයාගේ සහභාගිවීම අත්‍යවශ්‍ය නම් දේශපාලන කතා පැවැත්වීමෙන් තොරව උත්සවයට සහභාගි වන ලෙස දැන්වීම් මැනවි. යම් හෙයකින් අමාත්‍යවරයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය හා සෘජු දේශනයක් පැවැත්වීමට අත්‍යවශය නම් එය අගෝස්තු 20 දිනෙන් පැවැත්වීය යුතු බව කොමසාරිස්වරයා ද වැඩිදුරටත් දන්වා සිටි.

     

    මෙම චක්‍ර ලේඛයේ සඳහන් කරුණු රජය සතු සමාගම්වලට හා සමාගම් කොටස්වලින් 50%කට වඩා රජය සතු සමාගම්වලට ද අදාළ වන හෙයින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුවත් කිරීම් අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සිදු කළ යුතුය.


    අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සමාන තනතුරු දරන නිලධාරීන් ද හැර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු රජයේ සියලුම නිලධාරීන්ගේ දායකත්ය මැතිවරණ රාජකාරී සඳහා අවශ්‍ය බැවින් සියලුම නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා වූ නිලධාරී සංගනයට තොරතුරු සැපයීමට ක්‍රියා කළ යුතු බව හා මැතිවරණ රාජකාරී පැහැර හැරීමට ක්‍රියා නොකළ යුතු බව අදාළ සියලුම නිලධාරීන්ට දැන්වීමට ක්‍රියා කරන ලෙස ද මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටි.

     

    නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ඔබගේ සහාය ඉතා ඕනෑකමින් අපේක්ෂා කරන බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

     kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya