අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් ඡන්ද ක්‍රමයේ ප්‍රතිඵලය නරක නෑ

    මැයි 14, 2015
    ජනතාවට වග කියන, මනාප නැති, ශීලාචාර මැතිවරණ ක්‍රමයක් උදෙසා ජාතික විද්වත් සභාව විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලද නව මැතිවරණ ක්‍රමය පිළිබඳ මූලික අදහස් දැක්වීමට සහභාගී වූ උපායමාර්ගික සංවර්ධන ආයතනයේ ප්‍රධානී අශෝක ගුණවර්ධන මහතා විසින් නව මැතිවරණ ක්‍රමය පිළිබඳව දැක්වූ අදහස් ඇසුරින් සකස් කරන ලදී.
     
    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ ව පසුගිය කාලය පුරාවට සංවාදයක් පක්ෂ අතර තිබුණා. විධායක ජනාධිපති ධුරයට තිබුණා වගේ ම ඉතා ම තීරණාත්මක සාකච්ඡා මාලාවක් පසුගිය සති කිහිපය තුළ පැවැත්වුණා. විධායක ජනාධිපති ක්‍රමය වගේම මැතිවරණ ක්‍රමය පිළිබඳවත් සාකච්ඡා කරන්නට පටන් ගෙන බොහෝ කල්වෙනවා.
     
    2007දී දිනේෂ් ගුණවර්ධන නමින් යෝජනාවලියක් සමාජගත වුණා. එහෙත් 2015 වනතුරු එය ක්‍රියාත්මක කරගන්නට හැකි වුණේ නෑ. පසුගිය ජනාධිපතිවරණයේ දී මෙවැනි වෙනසක් සිදු කරනවා කියන කාරණය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම තම මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණා. අපි  බැලිය යුතු කරුණ වන්නේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට යන්නේ ඇයි? කියන කාරණයයි. පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, එතුමාගේ මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ ව සඳහන් කර තිබෙනවා. එතුමා කාරණා දෙකක් ගැන අවධානය යොමු කර තිබෙනවා. එකක් මනාප ක්‍රමය නැති කිරීම, සෑම ඡන්ද බල ප්‍රදේශයකටම මන්ත්‍රීවරයෙක් සිටීම අනෙක් කරුණයි. පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය තුළින් අවධාරණය කර තිබෙන්නේ ද මනාප ක්‍රමය නැති කොට්ඨාස ක්‍රමයක් පිළිබඳවයි. මා හිතන්නේ නෑ මේ දෙක අතර නොගැලපීමක්, විසංවාදයක් තිබෙනවා කියා. අවසාන වශයෙන් බැලුවොත් මේ රටේ ඡන්දදායකයන්ගෙන් එක්කෝටි පනස් 
    ලක්ෂයෙන්, එක්කෝටි විසි ලක්ෂයක් ම කැමැත්ත දී තිබෙනවා, මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා.
     
    දැන් අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ඒ තමයි සංයුක්ත මැතිවරණ ක්‍රමය කියන කාරණය. දැන් තිබෙන මැතිවරණ ක්‍රමය සමානුපාතික මැතිවරණ ක්‍රමයයි. කලින් තිබුණේ කේවල මැතිවරණ ක්‍රමයයි. මේ යෝජනාවෙන් මේ දෙකම සංයුක්ත කොට තිබෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙය ''සංයුක්ත මැතිවරණ ක්‍රමයක් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ශවයෙන් ඉදිරිපත්වන යෝජනාව වන්නේ, දිනේශ් ගුණවර්ධන කමිටු වාර්තාවේ යෝජනා වැඩිදියුණු කිරීමයි. එජාපයේ යෝජනාව වන්නේ, නවසීලන්ත ක්‍රමය භාවිත කිරීම. මේ අලුත් යෝජනාවෙන් ඒ දෙකත් සංයුක්ත කර තිබෙනවා. මේ මැතිවරණ ක්‍රමයේ දී ප්‍රධාන වශයෙන් කාරණා දෙකයි. අලුත් ක්‍රමය යටතේ මනාප නැහැ. කොට්ඨාසයකට අඩු ම වශයෙන් මන්ත්‍රීවරයෙක් සිටිනවා. මේ සංවාදයෙන් පසුව අලුත් ජනාධිපතිවරණයෙන් පසුව, මේක ටිකක් ගල් ගැහෙන 
    තත්ත්වයකට ආවා. එය විසඳීමටයි අපි තුන්වැනි කාරණයක් ඇතුළත් කර ගත්තේ. ඒක තමයි දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුවේ දැනට තිබෙන ආසනවල සංයුතිය ඒ ආකරයෙන් ම පවතින ක්‍රමයක් සොයාගැනීම. දිනේෂ් ගුණවර්ධන යෝජනාව ඉතා හොඳ යෝජනාවක්. නවසීලන්ත ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක්. නමුත් ප්‍රායෝගිකව කරන්න බැහැ. ඒ නිසා අපිට අලුත් ක්‍රමයක් හදන්නට සිද්ධ වුණා. එය තමයි ''සංයුක්ත මැතිවරණ ක්‍රමය'' ලෙස අපි හඳුන්වන්නේ.  අලුතින් යෝජනා කර තිබෙනවා පාර්ලිමේන්තුවේ ආසන 255ක්. ඒ කියන්නේ දැනට තිබෙන 225ට අමතරව තව 30ක් එකතු කළ යුතුය කියලා. ඒ එකතු කිරීමට හේතුවක් තිබෙනවා. එදා ලක්ෂ 75යි ඡන්දදායකයෝ හිටියේ, අද ලක්ෂ 150ක් ඉන්නවා. මේ දෙගුණයක් වූ ජනතා අභිලාශයන් ඉටුකර ගැනීමට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ, 225කින් කරන්නට හැකි නම් හොඳයි.
     
    දැන් මෙතැනට අපි මුහුණ දී සිටිනවා. එහෙත් දේශපාලන පක්ෂ එකඟ වී තිබෙනවා, 255 වුවත් කරන්න දෙයක් නැහැ නේද කියලා. 255 සැකසෙන්නේ මෙසේයි. දිස්ත්‍රික් සමානුපාත ක්‍රමයට 196යි. ජාතික අනුපාතය යටතේ 59යි. දිස්ත්‍රික් ක්‍රමයේ කිසිදු වෙනසක් වී නෑ. ඒ නිසා කිසිම පක්ෂයක මන්ත්‍රීවරු අඩු වෙන්නට හේතුවක් නෑ. ජාතික ලැයිස්තුව 30කින් වැඩි කර තිබෙනවා. ඉන් අවාසියක් කිසිම පක්ෂයකට සිදුවන්නට හේතුවක් නෑ. අලුතින් කොට්ඨාස හඳුන්වා දෙන නිසා, යම් ප්‍රමාණයකට සීමා යළි නීර්ණය කිරීමක් කරන්නට සිද්ධ වෙනවා. එතැනදී බහුමන්ත්‍රී ආසනත් හඳුන්වා දෙන්නට සූදානම්. ඒ ගැන විසංවාදයක් නෑ. සමානුපාත ක්‍රමය සුළු පක්ෂවලට ඉතා හොඳ ක්‍රමයක්. ඊට වඩා වැඩි ඉඩප්‍රස්ථාවක් නව ක්‍රමය යටතේ ලැබෙනවා. දැන් ඡන්දයේ දී දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා බාර දෙනවා. එමෙන් ම ජාතික ලැයිස්තුවක් බාර දෙනවා.
     
    යෝජිත ක්‍රමය යටතේ වෙනස කුමක් ද? ලැයිස්තුවේ සමහර අපේක්ෂකයන්ගේ නම ඉදිරියෙන් ඡන්ද බල ප්‍රදේශයේ කවුද තරග කරන්නේ කියලා. පුද්ගලයාගේ නම ඉදිරියෙන් ඡන්ද කොට්ඨාසයත් සඳහන් කර තිබෙනවා. මෙහි කොටස් දෙකක් තිබෙනවා. කොට්ඨාසයට තරග කරන අපේක්ෂකයෝ ඉන්නවා. දිස්ත්‍රික්කයටම තරග කරන අපේක්ෂකයෙක් ඉන්නවා. දිස්ත්‍රික් ලැයිස්තුවේ අතිරේකව කොට්ඨාස ලකුණු කර තිබුණට ඉන් පාඩුවක් සිදුවන්නේ නෑ. ඡන්ද පත්‍රිකාවේ පක්ෂවල නම තිබෙනවා. ඡන්ද ලකුණ තිබෙනවා. ඉලක්කම් ගොඩක් තිබෙනවා. අපි කැමති පක්ෂයට ඡන්දය දීලා. කට පාඩම් කළ අංකයට උඩින් කතිරේ ගහනවා. එක නම්බරයට එක අපේක්ෂකයෙක් නොවේ ඉන්නේ. කණ්ඩායම් 10ක් තරග කරනවා නම් එක නම්බරේට අපේක්ෂකයෝ 10ක් ඉන්නවා. මම හරි කෙනාට ගහන්න නම් හරි පක්ෂයට ගහන්න ඕනෑ. මෙය කොපමණ සංකීර්ණ ක්‍රමයක් ද? මෙය තිබුණ ක්‍රමය.
     
    දැන් ක්‍රමය තමයි පක්ෂයේ නම, ඡන්ද ලකුණ, කොට්ඨාසයේ තරග කරන අපේක්ෂකයාගේ නම. අලුත් ක්‍රමය යටතේ ඉදිරියේ තිබෙන කොටුව ඇතුළේ කතිරය ගහන්නයි තිබෙන්නේ. කලින් ක්‍රමයට වඩා සරලයි. මේ යෝජනාවට ඇතැම් දේශපාලන පක්ෂ එකඟ නැති වුණා. වෙනත් යෝජනාත් ඉදිරිපත් වුණා. කලින් ඡන්ද පත්‍රිකාවට අමතරව තව ඡන්ද පත්‍රිකාවක් අවශ්‍යයි කියලා. පාට දෙකකින් ඡන්ද පත්‍රිකා දෙකක්. එක් ඡන්ද පත්‍රිකාවකින් කිසියම් අපේක්ෂකයකුට ඡන්දය දෙනවා. අනෙක් පත්‍රිකාවේ පක්ෂයේ නමයි, ලකුණයි පමණයි තිබෙන්නේ. යෝජනා වී තිබෙන්නේ දෙවැනි එකයි. එහෙත් තවම අවසන් තීරණයක් ගෙන නෑ. මේක අමුතු උපකල්පනයක්. මෙයට අවසන් තීරණයක් ගෙන නෑ. අපි ප්‍රකාශ කළා, දෙවැනි ක්‍රමය කරනවා නම් ආසන 255 බැලන්ස් කරන්න බෑ. එය 265ක් වත් විය යුතුයි කියලා. ඒ නිසා පක්ෂවලට එකඟතාවකට එන්න සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 30කින් නොව 40කින් වැඩි කරගන්නට. එවැනි සංකීර්ණ ප්‍රශ්නයකුත් 
    තිබෙනවා.
     
    ඡන්ද ගණන් කිරීමේ දී අලුත් ක්‍රමය යටතේ අසාධාරණයක් සිදුවන්නේ නෑ. මනාපය ජයග්‍රහණය කරන්න දෙයක් නෑ. කෙට්ඨාසය ජයගත්තම හරි. එයයි ක්‍රමය. ඡන්ද අපේක්ෂකයාට බරක් නෑ.ස්ත්‍රික් ක්‍රමය මඟින් පක්ෂයට දෙන්න පුළුවන් කැමති අපේක්ෂකයාට. හරියට ජාතික ලැයිස්තුව වගේ. මෙය ඉතාම සරලයි. මනාපය වෙනුවට කොට්ඨාසය. අලුත් ඡන්ද ක්‍රමයේ ප්‍රතිඵලය නරකක් නෑ.සියලු පක්ෂවලට සාධාරණ ප්‍රමාණයක් ආසන ලැබෙනවා. දැන් තිබෙන්නේ මෙය ක්‍රියාවට නගන්නයි. එහිදී සමානුපාත ක්‍රමයට කිසිම ප්‍රශ්නයක් නෑ. කොට්ඨාස ක්‍රමයේ දී කලින් ප්‍රකාශ කළා වගේ, සීමා යළි නීර්ණය කරන්නට සිදු වෙනවා. ඒ සඳහා කල් ගත වේවී. දැන් තිබෙන්නේ සීමා නීර්ණය කොමිෂන් සභාවේ ප්‍රශ්නයයි. අවම වශයෙන් මාස තුනක් යනවා මේ වැඩෙ කරන්න, සංශෝධනයෙන් පස්සේ. සමහර පක්ෂ උත්සාහ කරනවා ඉක්මනටම ඡන්දය තියන්න. සමහර පක්ෂ උත්සාහ කරනවා මේක කල්දමන්නට. මෙය මැතිවරණ ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ. මෙය සංකීර්ණ ගණන් හැදිල්ලක්. මෙය ජ්‍යෙතිෂ්‍යයට කරන්න බෑ. දේශපාලන විද්‍යාවෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන්. පර්යේෂකයන් ලෙස මේ වාදයට සම්බන්ධ වෙන්න බෑ. මෙය ඉක්මනට කරන්න අවශ්‍ය නම් අපි එය කරලා දෙන්නම්. කොම්පියුටර් යුගයේ අපි ඉන්නේ. ප්‍රශ්නය තිබෙන්නේ ඩේටා බේස් එකේ නොවේ, කට්ටිය සම්මුතියකට එන්නේ නැති එකයි. අපිඅ ළඟ දත්ත තිබෙනවා, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්, ඡන්ද බල ප්‍රදේශ මට්ටමින්. දේශපාලන පක්ෂ කියනවා නම් මේකයි ක්‍රමය කියලා, අපි ඉතා සාධාරණව, සාමාජීය කාරණා, භූගෝලීය කාරණා එකමත තබා මෙය සිදු කර දීමට හැකියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya