ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම කමිටුවේදී ගොවි සංවිධාන නියෝජිතයින් කළ ඉල්ලීම 

    ඔක්තෝබර් 16, 2024

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදි කොට වැඩ අවසන් කොට ඇති ශීතාගාරය ගොවිජනතාවගේ  කටයුතු වෙනුවෙන් කඩිනමින් විවෘත කරන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඊයේ (15) පැවැති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ගොවි සංවිධාන නියෝජිතයින් මෙම ඉල්ලීම කරනු ලැබීය. ඉන්දියානු ආධාර හා මෙරට අරමුදල් යොදවා මෙම නවීන ශිතාගාරය ඉදිකර ති‌බේ. මෙම වැඩ කටයුතු අවසන් කර තිබුණත් මෙම ආයතනය පවත්වාගෙන යෑම සඳහා මේ වන තෙක් කිසිදු ආයතනයකට මෙහි  වගකීම පවරා නැති  බවත් මෙහිදී  අනාවරණය විය. මේ පිළිබදව කඩිනමින් අවධානය යොමු කොට  අදාළ ආයතන දැනුවත් කිරීමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මෙහි දී පියවර ගනු ලැබීය.

    මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම සඳහා රාජ්‍ය  නිලධාරින්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya