ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් පුද්ගලයින්ට සහන සැලසීමට නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් 10ක්

    ඔක්තෝබර් 14, 2024

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් 10ක් කොළඹ, ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කවල යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි. අද(14) රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුට එවෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා  මේ  බව පැවසීය.

     

    මීට අමතරව එම සියලුම ඩිංගි යාත්‍රාවක්  සහ ආපදාට පත් ජනතාවට සහන සැළසීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දී ඇතැයිද  පැවසීය.

    විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනෙවල නිලධාරින් අවශ්‍ය සහාය ලබා දීමටද නාවික හමුදාව සූදානම් බව මාධ්‍ ප්‍රකාශකවරයා පැවසීය.

    තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුළ අමතර ආපදා සහන කණ්ඩායම් විසි දෙකක් (22), දකුණු නාවික විධානය තුළ නවයක් (09) සහ වයඹ නාවික විධානය තුල දාහතක් (17) වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් හයක් (48) ක් සුදානමින් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya