ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ෂාවෙන් වැඩි බලපෑමකට ලක්වූ දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක්

    ඔක්තෝබර් 14, 2024

    මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් වැඩි වශයෙන් බලපෑමකට ලක්වූ  පුත්තලම, ගම්පහ, කොළඔ, කළුතර දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක් යොමු කරමින් එම දිස්ත්‍රික්කවල වෙසෙන ගංවතුර ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් යුහුසුළුව සහන සැළසීමට සූදානම් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අදිප තිලකරත්න මහතා පවසයි.

    ඒ  මහතා මේ බව පැවසුවේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

    පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක වෙසෙන ජනතාව පීඩාවට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් සහන සැළසීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිදු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    අපදාවන්ට ලක්වූ ජනතාව හඳුනා ගෙන ඔවුන් සුරක්ෂිත ස්ථාන වෙත ගෙන යාමට කටයුතු කර ඇති බව කී  ඒ මහතා , ඒ සඳහා ශ්‍රි ලංකා යුධ හමුදාව,  නාවික හමුදාව ඔවුන්ගේ යාත්‍රා ,ට්‍රක් රථ,බර වාහන මඟින් මෙම පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට කටයුතු කරන බවද පැවසීය.

    එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති ප්‍රදේශවල ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා දීම යුධ හමුදාව ට්‍රක් රථ සහ ට්‍රැක්ටර්වලින් සපුරා දෙනු ලබන බවද බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අදිප තිලකරත්න මහතා පැවසුවේය.

    අපදා මධ්‍යස්ථානවල ඇති ජනතාවට මෙන්ම තම නිවෙස්වල උඩු මහල්වල සිටින සහ තමන්ගේ හිත මිතුරු ආදින්ගේ නිවෙස්වල සිටින ජනතාවට සහන සළසා දීම වෙනුවෙන්  ආහාර පාන ලබා දීමත් සනිපාරක්ෂක අවශ්‍යතා ඉටු කිරීමත් ඉතා කාර්යක්ෂමව සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya