ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් දැනුම් දීමක්  

    ඔක්තෝබර් 14, 2024

    නායයාම් මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා නිරතුරුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන පිළිපදින ලෙස එහි අධ්‍යක්‍ෂ (නායයාම් හා පර්යේෂණ) ගාමිණී ජයතිස්ස මහතා  ජනතාවට දැනුම්දෙයි.

    අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සකච්ඡාවේ දී ඒ මහතා මේ බව දැනුම් දුන්නේය. 

    මේ වන විට නායයන දිස්ත්‍රික්කවල ස්වයංක්‍රිය වර්ෂාපතන මාන 330 ක් ස්ථාපිත කර තිබෙන අතර එමඟින් ලැබෙන දත්ත ආශ්‍රයෙන් නායයම් සම්බන්ධව අවදානම් නිකුත් කරනු ලබන බවත්, නායයාම් මඟින් සිදුවන මරණ ප්‍රමාණය අඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත්, නායයාම් සම්බන්ධ නිකුත් කරන නිවේදන සහ උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස නායයන දිස්ත්‍රික්ක වල ජිවත්වන ජනතාවට උපදෙස් දුන්නේය. 

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 08ට නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    වර්ෂාව ලැබීමේ ක්‍රමවේදය අනුව අවම සිද්ධි කිහිපයක් මේ වන වාර්තා වී තිබෙන බව ගාමිණී ජයතිස්ස මහතා දැනුම් දුන්නේය.  

    එමෙන්ම මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක සුළු සිද්ධීන් 40ක් වන අතර එම සිද්ධීන්වලින් ගෙවුණු සති අන්තයේ සිද්ධීන් 28ක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධීක්ෂණයට ලක්කර අවශ්‍ය කටයුතු සඳහා අදාළ දිස්ත්‍රික් කාර්යාලවලට උපදෙස් ලබා දී තිබෙන බව ද ඒ මහතා පැවසුවේය.

    ලංකාවේ මේ වන විට ප්‍රධාන වශයෙන් නායයාම් අනතුරු ලෙස ස්වභාවික නායයාම් වලට අමතරව පස් කන්ඩි කඩාවැටීම් හඳුනාගෙන තිබෙන අතර, කඳු කපා කණ්ඩියට ආසන්නව නිවාස ඉදි කිරීමේ දී මෙලෙස පස් කණ්ඩි කඩා වැටීම් සිදු වෙන බව සඳහන් කළ ඒ මහතා, එවැනි අස්ථාවර පස් කණ්ඩියක් ආශ්‍රිතව තම නිවාස පිහිටා ඇත්නම් මෙම වර්ෂාවත් සමඟ විශේෂයෙන් අවදානයෙන් සිටින ලෙසත්, එම පස් කණ්ඩි ආශ්‍රිතව ගැවසීම සීමා කරන ලෙසත්, ජනතාවට හෙතෙම වැඩිදුරටත් දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya