ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් වූ ජනතාව බේරා ගැනීමට යුද්ධ හමුදාවෙන් භටපිරිස්

    ඔක්තෝබර් 14, 2024

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා  ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්නල් සංජීව දිසානායක මහතා පවසයි. 

    පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය. 

    ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි 6500කට වැඩි භට පිරිසක් අවශ්‍ය ස්ථානවල සූදානම් වී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය. 

    මිට අමතරව කොළඹ, කළුතරගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇති විය හැකි හදිසි අපදා තත්ත්වයකදි යෙදවිම සඳහා යුනි බෆල් රථ හා යුනිකෝන් රථ, බෝට්ටු  සුදානම් කර ඇති බවද යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya